එදා මෙදා තුර මෝටර් රථ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් දැනට පවතින ලොව වේගවත්ම මෝටර් රථය බවට පත් වෙමින් ලෝක වාර්තා පොත නැවතත් අලුත් කිරීමට SSC Tuatara නම්වූ ඇමරිකානු නිෂ්පාදිත Hyper Car රථයට හැකියාව ලැබුනා.උපරිම වේගය පැයට සැතපුම් 332 ක(532 kmph) උපරිම වේගයක්(top speed) රදවා ගනිමින් සහ සාමානයය වේගය(average speed) සැතපුම් 316 ක් රදවා ගනිමින් (Two way drive) එකම මාර්ගයේ දෙපසටම ධාවනය කිරීමෙන් මෙම ලෝක වාර්තාව පිහිට වීමට SSC (Shelby Super Cars) කණ්ඩායමට හැකිවින.
නිෂ්පාදන මට්ටමේ (Production car) මෝටර් රථයක් ලෙසින් පැයට සැතපුම් 300 හි සීමාව ඉක්මවා ගමන් කල දෙවන මෝටර් රථය බවටද SSC Tuatara රථය පත්වුණේ පසුගිය වසරේ(2019)දී Bugatti Chiron රථය මගින් හිමි කරගෙන තිබු පැයට සැතපුම් 304.773(mph) ක වාර්තාව බිද දමමිනි.ඒ අනුව මිට වසර 13කට පෙර 2007 දී SSC සමාගම විසින් නිෂ්පාදනය කරනු ලැබූ SSC Ultimate Aero TT රථය මගින් හිමිකරගෙන තිබු ලොව වේගවත්ම මෝටර් රථය නම්වූ කිරුල නැවතත් වසර ගණනකට පසුව හිමි කරගැනීමට ඔවුන්ට හැකිවිණ.
සුළං ප්‍රතිරෝධය ගණනයන් සමගින් අඛණ්ඩව ලාස් වේගාස් වලින් පිටත නෙවාඩා ප්‍රාන්ත මාර්ගය වන Route 10 හි සැතපුම් හතක් අතර පැයට සැතපුම් 301.07 ක අවම වේගයක් සහ පැයට සැතපුම් 316.11 ක සාමාන්‍ය වේගයක් මෙන්ම උපරිම සැතපුම් 331.15 ක වේගයක් පවත්වා ගැනීමට ඔවුනට හැකිවිය
මෙයට අමතරව නිෂ්පාදන මෝටර් රථයක පොදු මාර්ගයක ධාවනය කිරීමේ ඉහළ වේග වාර්තාවට (production car top speed record) මෙම Tuatara රථය හිමිකම් කියනු ලබනවා.මෙම ලෝක වාර්තාව තබනු ලැබූ අවාස්තාවේ රියදුරු ලෙස ඔලිවර් වෙබ් (Oliver Webb) කටයුතු කරන ලද අතර හරස් සුළං ධාරා හේතුවෙන් Tuatara රථයේ උපරිම සීමාවන් සදහා ලගා වීමට අපහසු වූ බවද පසුව ඔහු විසින් හෙළිවී තිබිණ.
අශ්ව බල 1750 කින් සමන්විත වන මෙම ඇමරිකානු නිෂ්පාදිත ආසන දෙකෙහි (Mid Engine) Tuatara රථයට බලය සපයන්නේ ලීටර් 5.9 ක ද්විත්ව ටර්බෝ V-8 (5.8L Twin Turbo V8) එන්ජිමක් මගින් වන අතර එහි බර රාත්තල් 2750 ක් වන අතර කාබන් ෆයිබර් (Carbon Fiber Body) මගින් බද නිර්මාණය කර ඇත.
ඉදිරි වසරවලදී Tuatara වර්ගයේ මෝටර් රථ 100ක් පමණ නිපදවීමට අදහස් කර ඇති බවට සමාගම පවසන් අතර වසරකට මෝටර් රථ 20ක පමණ ධාරිතාවයක් ඔවුනට හිමි ඇති බවද පැවසේ.SSC සමාගමේ ආරම්භය ගතහොත් අනෙකුත් මෝටර් රථ සමාගම් මෙන් විශාල ඉතිහාසයක් නොමැති සමාගමකි නමුත් කෙටි කලක් තුල ජනප්‍රියත්වයට පත්වූ සමාගම් අතරින් ඔවුන් ලෝකයේ ඉදිරියෙන්ම සිටිති.
වර්ෂ 1998 දී පිහිටුවන ලද සහ සේවකයින් 24 දෙනෙකු පමණක් රාජකාරි වල යෙදෙන මෙම සමාගම කලින් හැඳින්වූයේ ෂෙල්බි සුපර් කාර්ස් ඉන්කෝපරේෂන් (Shelby Super Cars Incorporation )ලෙසිනි. මෙහි නිර්මාතෘ වන Jerod Shelby මහතා දැනට සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන අතර ඔහු 1990 දශකයේ මුල් භාගයේදී වෛද්‍ය උපකරණ සමාගමක් ආරම්භ කළ පුහුණු ඉංජිනේරුවෙකි.
SSC Tuatara රථය පිලිබදව තවත් විමර්ශනය කළහොත් Tuatara යනු නවසීලන්තයේ අවෙනිකව වෙසෙන කටුස්සෙකු වන අතර ලොව ඕනෑම සත්වයෙකුට වඩා Tuatara පරිණාමයේ දීගු කාලයක් තිස්සේ බොහෝ දුරට භෞතිකව නොවෙනස්ව පවතීමින් පරිණාමය වූ සතෙකු ලෙසද හැදින්වේ.
ඉතාලියේ ප්‍රසිද්ධ මෝටර් රථ නිර්මාණ සමාගමක් (Automobile Design) වන පිනින්ෆරිනා(Pininfarina) හි කටයුතු කල ජේසන් කැස්ට්‍රියෝටා (Jason Castriota) මහතා විසින් මෙහි බද හැඩය (Body Design)නිර්මාණය කර ඇති අතර එය බැලු බැල්මටම උරගයෙකුගේ හැඩය හිමි කරගෙන ඇති බව පෙනේ.
තවද SSC සමගම මෙහි එන්ජින් නිර්මාණයේදී කැලිෆෝනියාවේ චැට්ස්වර්ත්( Chatsworth) හි නෙල්සන් රේසිං එන්ජින් හි (Nelson Racing Engines)ටොම් නෙල්සන් සමඟ අත්වැල් බැඳගත්තේ ඔවුන්ගේ අතිශය ද්විත්ව ටර්බෝ මෝටර් රථ එන්ජින් Tuatara රථයේ යොදා ගැනීමේ අභිප්‍රයෙනි.
අවසාන වශයෙන් මෙහි නිෂ්පාදන කටයුතු සදහා ඉතාලි වායුගතික විද්‍යා සමාගමක් ( Italian aerodynamics firm) වන Podium Engineering සදහා භාර දෙනු ලැබූ අතර formula 1 කණ්ඩායම් සමග කටයුතු කරන ඔවුන් විසින් මෙහි අවසාන නිෂ්පාදන කටයුතු සිදු කර ඇති බවට පැවසේ.
කෙසේ නමුත් අපට හැගී යන කාරණයක් ලෙස 2020 දශකයෙහි ආරම්භය ලෝකය Hyper Car මෝටර් රථ යුගයක් කරා ගමන් කරන බව නම් පැහැදිලි කරුණකි.පසුගිය දශකය තුල නැගී ආ Super Car රැල්ල යටපත් කරමින් Hyper Car රැල්ල ඉදිරයට පැමිණෙමින් පවතී.
නමුත් තවමත් ප්‍රශ්න කිහිපයක් ඉතිරි වී තිබේ ඒවා නම් මහ පොලොව මත ධාවනය කල හැකි උපරිම වේග සීමාව (Maximum Land Speed Record on Earth)කුමක්ද ? එම සීමාව සදහා නවීන මෝටර් රථ ලගා වෙමින් පවතීද ? ඉදිරි කාලයේදී මෙම සීමාව ඉක්මවා යන මෝටර් රථ ලෝකයට එලි දැක්වේද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු දීමට තවමත් අප කලින් වැඩිය එම නිසා මෙම සීමාවන් අතික්‍රමණය කරන මෙම තරගය මිනිසාගේ උපරිම හැකියාවන් විශ්වය විසින් පරික්ෂාවට ලක් කිරීමක් ලෙසද හැදින්වීම වරදක් නොමැත.