Pagani Huayra BC – මොඩිනා හි සුළඟට අදිපති දෙවියන්

යකඩ ගොඩකින් සාදා නිම කරන ලද මෝටර් රථයකට දෙවියන් යන නාමය යෙදීම සාධාරණ ද?

Post එක මුල්න්ම දකින කෙනෙකුට ඇතිවිය හැකි ප්‍රශ්නයක්. කෙසේ නමුත් Post එක කියවා අවසානයේ ඔබට මෙහි යථාර්තය වැටහෙනු ඇත. Pagani Automobili S.p.A නමින් හදුන්වන ඉතාලියේ මොදිනා නගරය කේන්ද්‍ර කොටගෙන sport රථ නිපදවන කුඩා සමාගම මගින් මෙම Pagani Huayra BC රථය නිපදවනු ලබයි. Huayra රථය පිළිබද කතා කිරීමට මත්තෙන් Pagani සමාගම ඇතිවූ ආකාරය පිටුපස ඇති කතාව දැන ගැනීමට ඔබ උනන්දු වේ යයි උපකල්පනය කරමු.

Pagani සමාගමේ නිර්මාතෘ Horacio Pagani මහතා ඉතාලි සහ Argentina සම්බවයක් සහිතව ආජන්ටිනාවේ ග්‍රාමීය නගරයක උපත ලැබුවෙකි. කුඩා කාලයේ සිටම motor engineering පිළිබද උනන්දුවක් දැක්වූ ඔහු පොඩි වයසේදීම මෝටර් රථ උපකරණ වෙළදසලක් ආරම්භ කළේය. පසුව එම උපකරණ නිපදවමින් ලබාගත් දැනුමෙන් දක්ෂ ඉන්ජිනේරු දැනුමක් ලබා ගත්තේය. ඊට පසු කලෙකදී මෝටර් රථ පිළිබද තිබු දැනුමත් සමගම ඔහුට Lamborghini සමාගමේ රැකියාවක අහම්බයෙන් ඇතුළු වීමට වාසනාව උදා වෙනවා.

කෙසේවෙතත් සමාගමේ තමන්ට හිමි තැනට ඒමට ඔහුට වැඩි කලක් ගතවුයේ නැත.පසු කලෙකදි Lamborghini සමාගමේ chief engineer බවට පත් වීමට හැකි විය. එහිදි ඔහු විසින් නව තාක්ෂණික උපාන්ග ගනනාවක් සමාගමට ලබාගැනීමට කටයුතු කලේ සමාගමෙ නිශ්පාදන වේගය වැඩි කිරිමට බලපොරොත්තූවෙනි. නමුත් සමහර උපකරන මිලදි ගැනීමට සමාගම ප්‍රතික්ශේප කරනු ලැබුවේ තම ප්‍රතිවාදී සමාගම වන Ferrari සමාගම සතුවද එම උපකරන නැතැයි කියමිනි. නමුත් කිසි දෙයකින් සැහීමකට පත් නොවු Pagani මහතා Lamborghini සමගමෙන් ඉවත් වෙමින් Modena Design නමින් සමාගමක් ආරම්භ කිරිමට සමත් විය.

එම සමාගම මගින් Carbon fiber උපාන්ග නිපදවමින් විවිධ සමගම්වල අනවුම් ලබ ගනිමට සමත් විය. කලේ සමාගමෙ නිශ්පාදන වේගය වැඩි කිරිමට බලපොරොත්තූවෙනි. නමුත් සමහර උපකරන මිලදි ගැනීමට සමාගම ප්‍රතික්ශේප කරනු ලැබුවේ තම ප්‍රතිවාදී සමාගම වන Ferrari සමාගම සතුවද එම උපකරන නැතැයි කියමිනි. නමුත් කිසි දෙයකින් සැහීමකට පත් නොවු Pagani මහතා Lamborghini සමගමෙන් ඉවත් වෙමින් Modena Design නමින් සමාගමක් ආරම්භ කිරිමට සමත් විය.එම සමාගම මගින් Carbon fiber උපාන්ග නිපදවමින් විවිධ සමගම්වල අනවුම් ලබ ගනිමට සමත් විය.

මෙලෙස ගොඩනැගුනු මෙම සමාගමේ පලමු මෝටර් රථය වන Zonda රථය අවුරුදු 7ක් පමන ව්‍යර්තයකින් පසුව අවසන් කිරිමට ඔහුට හැකි විය. ඉන් පසුව නිපදවු දෙවන මෝටර් රථය වුයේ Huayra යන රථයයි .දකුනු අමෙරිකානු ඉන්කා ශිෂ්ටාචාරයේ සුලගට අදිපති දෙවියන්ගේ නම මේ සදහා යොදා ගැනුනේ තම උපන් දේශයද සිහිවනු පිනිසයි.

සමාගම හැර යන මෙම සියලුම මෝටර් රථයන් එකිනෙකට වෙනස් වු ඉතාමත් අලන්කර වු නිමාවකින් උක්ත වන ලෙස නිපදවනු ලබනවා. මෙම සෑම රථයකම engine එක නිපදවනු ලබන්නේ Mercedez සමගම මගින්ය. මෙම engine ලොකයේ Pagani රථ වලට පමනක් යොද ගැනෙන අතර සෑම engine එකක්ම එකලස් කරනු ලබන පුද්ගලයගේ නම සදහන් කරනු ලබයි.

මෙම engine එක රථයට සවි කිරිම කරනු ලබන්නෙ සම්පූර්නයෙන්ම අතින් පමනි(hand-built). Pagani රථ කොතරම් Perfect දැයි කිවහොත් අඩුම තරමේ, nut එකක්වත් අවශ්‍ය පමණට වඩා මිලිමීටර් එකක්වත් වැඩියෙන් තද වන්නේ නැත. Interior එක සදහා යොදා ගනු ලබන සියලුම කොටස් සුවිශේෂී පරික්ෂාවකට ලක් කෙරෙන අතර සුලු ප්‍රමාණයේ සීරිමකටවත් ලක් වන්නේ නැත.

මෙම රථයේ Interior එක වෙනත් ලොකයේ කිසිම මෝටර් රථයක දැක ගත නොහැකි තරම් අලංකාරව නිපදවනු ලබයි. කොටින්ම කිවහොත් Huayra යන logo එකම නිම කිරිමටම දවස් ගනනක් ගතවන බවයි පැවසෙන්නේ. සියලුම දෙවල් අවසනයේ customer ට ලබාදීමට පෙර සෑම අස්සක් මුල්ලක් නෑරම පරික්ෂා කරනු ලබන අතර දුහුවිලි පොදක් හෝ තිබුණහොත් එයත් කුඩා පින්සල් ප්‍රමනයේ brush එකකින් පිස දමනු ලබයි.

අලුතින්ම නිපදවු මෙම Huayra BC රථය ගතහොත් කලින් පෑමිනි Huayra රථයට වඩා බරින් ඉතාමත් අඩුය. එනම් mini cooper රථයක බරටත් වඩා බරින් අඩුය.Twin-turbo AMG V12 engine එකකින් සමන්විත වන අතර 800hp බලයක් නිපදවීමේ හැකියාවක් තිබෙනවා.

carbon fiber body එකකින් සමන්විත නවතම gearbox එකකින් සන්නද්ධ වී ඇති මෙම රතයට 0-100 දක්වා එමට ගතවන කාලය තත්පර 2.5 පමන වේ. කිවයුතු තවත් සුවිසෙශි දෙයක් වන්නේ මෙහි ඇති දෙපස Side Mirrors කාන්තාවකගේ අහි බැම නිරුපනය වන ලෙස නිමවා ඇති බවයි. කෙසේවෙතත් මෙම Huayra BC රථයේ මිල ඇමරිකානු ඩොලර් මිලියන 3.7 වන බවයි පැවසෙන්නේ. නිපදවා ඇති සියලුම Huayra BC මොටොර් රථ ගණන 40ක් වන අතර එවා සියල්ල ම දැනටමත් විකිණී අවසාන බවද කිවයුතුය.

Leave a reply

Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...