Maserati MC 12 – සුන්දර බොලොග්නා නගරයේ සංකේතය

Maserati කියුව ගමන් එතරම් අහල පුරුදු නමක් නෙමයි නේද ?

නමුත් ඇත්තටම Maserati, මෝටර් රථ ක්ෂේශ්ශ්‍රයේ කොඩු කරුවෙකු නොවේ. අවුරුදු 105 කට අධික ඉතිහාසයක් ඇති, මෝටර් රථ ලෝකයේ ඉහලින්ම සිටින සමාගමක් ලෙස Maserati සමාගම සැලකිය හැකියි. මෙම රථය පිලිබදව හැදින්වීමට ප්‍රථම Maserati සමාගම සම්බන්ධව කෙටි සටහනක් ඉදිරිපත් කිරීමට කැමති.

1914 දී සහෝදරයන් 5 දෙනෙකු (Maserati brothers) , Alfieri, Bindo, Carlo, Ettore, Ernesto යන අය විසින් ඉතාලියේ බොලොගනා නගරයේදී මෙම සමාගම ආරම්භ කරනු ලබනවා. මුල් කාලයේ දී සිලින්ඩර 4,6,8 හා 16 සමන්විත මෝටර් රථ නිපදවමින් සමගම ආරම්භ වන අතර 1926 දී Alfieri Maserati විසින් Maserati රථයකින් Targa Florio (ඉතාලියේ කදුකර මුලික කොටගෙන විවුර්ත මාර්ගයක පැවෙත්වෙන තරගයකි) තරගය ජයග්‍රහණය කරනු ලබනවා.

මෙම රථයේ logo එක ලෙස යොදා ඇති trident සංකේතය බොලොගනා නගරයේ පිහිටි Piazza Maggiore square ආසන්නයේ නිමවා ඇති වතුර මලක් වන Fountain of Neptune පාදක කොට නිපදවා තිබෙනවා. (Neptune නම් රෝමාණු දෙවියන් ඇත ඇති ත්‍රිශුලය). එම සංකේතය Maserati රථයට ඇති ශක්තිමත් බව, අලංකාරය ප්‍රාණවත් බව හා වාසනාව පිළිබිබූ කරණ බවයි පැවසෙන්නේ.

මුල් කාලයේ දී racing cars නිපදවීම ආරම්භ වුවත් 1973 දී යුරෝපයට බලපෑ තෙල් අර්බුධය හේතුවෙන් racing මෝටර් රථ පමණක් නිපදවූ Maserati සමාගම මුදල් අර්බුධයකට මුහුණ දෙනවා. නමුත් ඉතාලි රජයේ සහය ඇතිව නැවතත් ඔවුන් road production cars නිපදවීම ආරම්භ කල ද විවිධ අර්බුධයන් හේතුවෙන් වරින් වර Fiat, Ferrari, Citron, De thomaso වැනි සමාගම් වල හිමිකාරිත්වය යටතේ නිපදවීමේ කටයුතු කිරීමට සිදුවෙනවා.

1957 දී ඔවුන් racing competition හැර යාමට තීරණය කරනු ලබන අතර එයට මුලික හේතුව ලෙස සැලකෙන්නේ විවුර්ත මාර්ගයක පවත්වන ලද තරගයක දී සිදුවූ මාරාන්තික අනතුරකි. මෙම අනතුර Guidizzolo tragedy ලෙස හදුන්වන අතර මෙම අනතුර 1957 දී Mille Miglia නම් මෝටර් රථ තරගය අතරතුර සිදුවූවකි. මෙහිදී De Portago නම් ධාවකයාගේ Ferrari 335 S රථය මාර්ගයේ මැද සලකුණු කිරීමට යොදා ඇති cat’s eye (මාර්ගයේ පොලව මත සවිකර ඇති උපකරණයක්) එකක් සමග ගැටී රථයේ ටයරයක් පිපිරී යාම හේතුවෙන් රථය පාලනය කරගැනීමට නොහැකිව තරගය නරබමින් සිටි අයගේ දිශාවට ගමන් කිරීම නිසා රියදුරු සමග කුඩා ළමුන් ද ඇතුළුව 12 දෙනෙකුට ජීවිතය අහිමිවීම සිදුවුණා.

මෙම අනතුර මෝටර් රථ ධාවන ඉතිහාසයේ අවාසනාවන්තම අනතුරක් ලෙස සැලකෙන අතර ඉතාලියේ මෝටර් රථ ධාවන තරග අවුරුදු ගණනකට නවතා දැමීම ද සිදු වුනා. කෙසේවෙතත් මේ හේතුවෙන් Maserati සමාගම racing තරග වලින් ඉවත් වීමෙන් පසුව විවිධ sport රථ එලිදැක්වීම සිදු වුවත් වසර 37කට පසුව සාර්ථක රථයක් ලෙස එලි දක්වන්නේ MC 12 රථයයි.මෙම රථයේ body එක සහ chassis, එන්ජින් එක Ferrari Enzo රථයට බොහෝ සෙයින් සමනය. Enzo රථයට වඩා ප්‍රමාණයෙන් දිග සහ පළල රථයක් ලෙස MC 12 රථය හදුන්වන්න පුලුවන්. Ferrari සමාගම Maserati සමාගමේ හිමිකාරිත්වය යටතේ නිපදවූ රථයක් හේතුවෙන් මෙම රථය Enzo රථයේ (Elder sister) වැඩිමහල් සහෝදරිය ලෙස හදුන්වනවා.

මුලින් පැමිණි Maserati රථ වලට වඩා සුවිශේෂී හැඩයක් මෙම රථයට ලබාදී තිබෙන අතර උපරිම වේගය පැයට කිලෝමීටර 330 වෙනවා. සිලින්ඩර 12 කින් සමන්විත V12 එන්ජින් එකකින් බලය සැපයෙන MC12 රථයට 0 සිට 100 දක්වා වේගයකට පැමිණීමට ගතවන්නේ තත්පර 3.8 පමණි. තවද මෙහි සුවිශේෂී ලක්ෂණ ලෙස ඉතාලියේ කොඩියේ රථයේ දකුණුපස සංකේතවත් කර ඇති අතර එන්ජින් එක රථයේ මැද කොටසට වන පරිදි (mid engine) නිපදවා තිබෙනවා.

Ground clearance එක ඉතාමත් අඩු මට්ටමක පවතින අතර එමගින් රථයේ handling ඉතාමත් ඉහල මට්ටමක පවතින බවයි පැවසෙන්නේ. නමුත් මෙහි පිටුපස සම්පුර්ණයෙන්ම එන්ජින් එකට වෙන් කොට ඇති අතර rear windscreen එකක් දැකගත් නොහැක. ඒ අනුව දෙපසට දිගුව විහිදුනු side mirrors සවිකර ඇත්තේ පසුපස ඉතාම පැහැදිලිව දැකගැනීමට හැකිවන ආකාරයටය.

Maserati රථ ලෝකයේ engine sound එක loud මෝටර් රථයන් ලෙස හැදින්වෙන අතර මාර්ගයේ ගමන් කරන ඕනෑම කෙනෙකුගේ අවධානය තමා වෙත ගැනීමට Maserati රථ වලට හැකියාව තිබෙනවා. ඉතින් Maserati car එකක් පාරේ දැක්කොත් එන්ජින් sound එක අහන්න අමතක කරන්න එපා.

Leave a reply

Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...