Koenigsegg Agera RS – වේගවත් කිරුළ රැක ගැනීමේ සටනක

පසුගිය Post එකෙන් අපි ආරම්භ කල Poll එක අවසානයේදී වැඩි පිරිසකගේ තේරීම අනුව Koenigsegg Agera RS රථය (The Black one) වැඩි මනාපයක් දින ගැනීමට සමත් වුනා. කෙසේවෙතත් 2 වෙනි ස්ථානය ලැබෙන්නේ Koenigsegg රථයටයි.

එම post එකේ වම් පසින් සිටි තරගකරු වන්නේ (The White one) SSC සමාගමේ නිෂ්පාදනයක් වන Tuatara රථයයි. අපි එම රථය පිළිබදව අපගේ මුල් Post එකකදී සදහන් කරනු ලැබුවා. (SSC Ultimate Aero TT රථයේ අනුප්‍රපතිකය) මෙම රථය වානිජමය නිපදවූ (Street Legal Production car) පළමු මෝටර් රථය පසුගිය සතියේ දිනක හදුන්වාදීම සිදුවුණා. ඉතින් මෙම මෝටර් රථ දෙකෙන් Koenigsegg රථය දෙවැනි ස්ථානයේ රැදී සිටීමට හේතුවත් Tuatara රථය නාමාවලියෙන් ඉවත් වීමට හේතුවත් අපි මේ post එකෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.

Koenigsegg Agera RS රථය Regera රථයේ ආභාශය ලැබූ නවතම සමාජිකයා ලෙස හැදින්වීමට පුළුවන. 2017 වර්ෂයේදී ලොව වේගවත්ම මෝටර් රථය ලෙස කිරුළු පලන් Agera රථයට තමන්ගේ කිරුල රැක ගැනීමේ සටනක නිරත වීමට සිදුවී ඇති බවයි පෙනී යන්නේ. එසේ වීමට හේතුව නම් මෙම රථයට අබියෝග කල හැකි මෝටර් රථ දෙකක් දැනටමත් එළිදක්වා තිබීමයි. එම රථ දෙකෙන් එකක් ලෙස Tuatara රථය හදුන්වන්න පුලුවන්.(The White one) මෙම Tuatara රථයට (482kmph) වේගයක් ලබාගතහැකිවේ යැයි SSC සමාගම විශ්වාසය පළ කරනවා. තවදුරටත් ඔවුන් ඔවුන් මෙම රථයේ පළමු production රථය හදුන්වාදීමත් Agera රථයේ දෙවන ස්ථානයේ කිරුළ අහිමි වී යාමේ අවධානම තවත් වැඩි කිරීමට හේතු වී තිබෙනවා.

කෙසේ නමුත් SSC සමගම ඔවුන්ගේ රථය ගිනෙස් වාර්තාවට සුදානම් කරමින් සිටින බවයි දැනට ලැබෙන ආරංචි මාර්ග වලින් සනාථ වන්නේ. එසේ උවහොත් Agera රථයේ කිරුළ ඉදිරියේදී අහිමි වී යෑම වැළක්විය නොහැකි වේවි.

Agera RS රථය පිළිබද ව කරන විමසුම නම්, මෙම Agera යන නාමය (Sweden භාෂාවෙන්) “වේගවත්ව ප්‍රතිචාර දක්වන්නා” යන අර්ථයට සමානකම් කියනු ලබනවා. සිලින්ඩර 8 කින් සමන්විත V8 5.0L එන්ජිමකින් සමන්විත වන මෙම රථය 1160bhp බලයක් නිපදවීමේ හැකියාවෙන් යුක්තයි. Coupe model එකට අයත් වන මෙම රථය 7-speed automatic gear box එකකින් සමන්විත වෙනවා. ස්වීඩනයේ Angelholm නගරයේ දී මෙම රථය නිපදවූ අතර සියලුම මෝටර් රථ අලවි වී ඇති බව සදහන් වෙනවා. Interior එක ඉතාමත් අලංකාරවත් ලෙස නිමවා ඇති මෙම රථය ඔවුන්ටම විශේෂ වූ lighting system එකකින් සමන්විත වෙන්ව (Ghost light system). Agera රථයේ හිමිකරුවකු වන පුද්ගලයට තමන්ගේ අභිමතය අනුව මෝටර් රථය නිපදවීමට හැකියාව ද ලැබෙනවා. වේගවත් ධාවනයක දී ඉතාමත් පහසුවෙන් හැසිරවීම සිදුකල හැකි මෝටර් රථයක් ලෙස මෙම Agera රථය හැදින්වෙනවා.

Tuatara රථයට තවමත්, වේගවත් මෝටර් රථය වීමට අවශ්‍යය සුදුසුකම් සපුරා ගැනීමට නොහැකි වීමත්, Agera රථය Street Legally production car එකක් වීමත් Tuatara රථය, වේගවත් රථ ලැයිස්තුවෙන් ඉවත් කිරීමට හේතු උවද ද, ඔවුන්ගේ විව්‍යුර්ත අබියෝගය තවමත් අවසන් වී නොමැත.

ඉතින් තම තරගකරුවන්ගෙන් එල්ලවන අබියෝගයන් වලට Koenigsegg සමාගම කෙසේ පිළිතුරු ලබා දෙවි ද, වේදිකාව විවරව පවතී.

Leave a reply