එහි ඉහල නවෝත්පාදනය (Innovation) අගයමින් IONIQ 5 රථය 2022 ලෝක මෝටර් රථ සම්මාන උළෙලේදී ත්‍රිත්ව ගෞරව හිමිකරගත් අතර වසරේ ලෝක මෝටර් රථය (World Car of the Year), වසරේ ලෝක විදුලි වාහනය (World Electric Vehicle of the Year) සහ වසරේ ලෝක මෝටර් රථ නිර්මාණය (World Car Design of the Year) එම ගෞරව නාම අතර වේ.
Hyundai IONIQ 5 යනු අති නවීන තාක්‍ෂණය, ආකර්ෂණීය දුර පරාසය සහ ගතික ක්‍රියාකාරිත්වය විශිෂ්ඨ ධාවන හැකියාවන් ඒකාබද්ධ කරන සර්ව විද්‍යුත් SUV රථයකි.සියලුම රෝද ධාවන හැකියාව (AWD) සහ පසුපස රෝද ධාවන (RWD) හැකියාව යන දෙකම සමඟින් වෙළදපොලට නිකුත්වන මෙම රථයට ඉතා ඉහල ත්වරණ පරාසයකට ( powerful acceleration) ලගා විය හැකිය.මෙහි AWD හැකියාවන් සහිත රථයට තත්පර 5.3 කින් පැයට කිලෝමීටර 0-100 දක්වා වේගයකට ළඟා විය හැකිය.
IONIQ 5 හි Long Range RWD මාදිලිය එක් ආරෝපණයකින් කිලෝමීටර 570ක් දක්වා ගමන් කිරීමේ හැකියාව ලබාදෙන අතර මෙම රථය ශ්‍රී ලංකාව වැනි රටක පෞද්ගලික ගමනාගමනය සදහා වඩාත් උචිත වේයැයි අපගේ අදහසයි.එහි 800V ආරෝපණ පද්ධතිය ඉතා වේගයෙන් ආරෝපණය සිදු කිරීමට කිරීමට ඉඩ සලසයි, 350 kW චාජරයක් සමඟ මිනිත්තු 18 කින් 80% ආරෝපණය වේ. මෙම රථයේ ඇතුළත dual 12.3-inch displays සහ උසස් රියදුරු සහායක පද්ධති (advanced driver-assistance system) මෙන්ම ඉඩකඩ සහිත පරිසර හිතකාමී අභ්‍යන්තරයකින් (Spacious Eco – Friendly Interior) සමන්විත වේ.