Hennessey Venom F5 – වේගවත් කිරුළේ අනාගත හිමිකරු

ඔව් Hennessey රථයක් list එකේ පළමු තැනටම. සමහරවිට ඔබ බලාපොරොත්තු නොවූ පිළිතුරක්. කොහොම නමුත් Venom F5 රථය ලොව වේගවත්ම මෝටර් රථය ලෙස තම වාර්තාව තබාවි යයි auto paradize අපගේ විශ්වාසයක් තිබෙනවා. එයට හේතුව නම් ඔවුන්ගේ පෙර නිර්මාණයක් වූ Venom GT රථය 270mph (434kmph) සිමාව වෙත අපහසුවකින් තොරව ලගා වීමට හැකිවීමයි. ඔවුන් බිහිකළ නිළ නොලත් වාර්තාව මෙවර නිළ වාර්තාවක් ලෙස බිද හෙලමින් ප්‍රබල Koenigsegg Agera RS රථය පසුකර යාවි යැයි බොහෝ විචාරකයන්ගේ මතයයි.

ඔවුන් මෙම සිමාව පසුකළහොත් 300mph සිමාව පසුකල පළමු මෝටර් රථය වීමේ වාර්තාව F5 රථයට ලැබෙනු ඇත. එය එතෙක් මෙතෙක් මෝටර් රථ ඉතිහාසයේ වැදගත්ම සංදිස්ථානයක් වනු නොඅනුමානය. කෙසේ වුවත් ප්‍රබල Bugatti සමාගමේ Chiron රථයේ special edition එක පිලිබදව ද නොසලකා හැරීමට නොහැක.

Venom GT රථයට වඩා බරින් අඩු carbon fiber chassis සමගින් 1600bhp බලයක් නිපදවීමේ හැකියාවෙන් යුත් twin turbo V8 එන්ජින් එකත් මෙම රථයේ උපරිම වේගයට ලගාවීම පහසු කරාවි යැයි සිතිය හැක. F5 යන නාමය මෙම රථයට යෙදීමට හේතුව වී ඇත්තේ බලවත් tornado සුළි සුළගක නම මුලික කොටගෙනය. GT රථයට වඩා aerodynamics අතින් ඉතාමත් ඉහලින් සිටින ලෙස මෙම රථයේ body එක නිමවා තිබීම ද විශේෂත්වයකි. තවදුරටත් සදහන් කල යුතු වන්නේ මෙම රථයට Formula 1 මෝටර් රථයට වඩා වේගයක් ලබා ගත හැකි වීමයි.

ඇමරිකානු ඩොලර් මිලියන 1.6 කට මිල තක්සේරු කර ඇති මෙම model එකෙන් රථ 24 පමණක් නිපදවීමට සමාගම තීරණය කර ඇති බවයි සැලකෙන්නේ. අදින් ඇරබෙන අගෝස්තු මාසයේ ඉදිරි දිනකදී පළමු මෝටර් රථය එහි හිමිකරු අතට පත්කිරීමට නියමිතව පවතී. එළබෙන සැප්තැම්බර් මාසයේදී ඔවුන් ලෝක වාර්තාවට සුදානම් වන බවයි ආරංචි මාර්ග පවසන්නේ. කෙසේවෙතත් මෙහි ඉදිරි රථවල නිපදවීමේ කටයුතු 2020 දී සිදු කිරීමටයි සමගම බලාපොරොත්තු වන්නේ.

ඉතින් එලබෙන සැප්තැම්බර් මාසයේ දී Venom F5 රථයේ හැකියාවන් ලෝකයට ඉදිරිපත් වෙනු ඇත.

Leave a reply

Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...