BYD හි නැගීම සහ චීනයේ EV අනාගතය!

චීන මෝටර් රථ ක්ෂේත්‍රයේ ඉහල නැගීම සහ ලොව පුරා ව්‍යාප්තිය පිළිබද අනාවැකි අප විසින් පල කරේ වසර කිහිපයකට පෙරය.අද වනවිට එම අනාවැකි එකින් එක සත්‍ය වෙමින් පවතින අතර පසුගිය සැප්තැම්බර් 30 න් අවසන් වූ තුන්වන කාර්තුවේ (Q3) කාර්තුමය ආදායමෙන් (quarterly revenues) පළමු වරට චීනයේ BYD සමාගම ලොව ජනප්‍රියම විද්‍යුත් රථ නිෂ්පාදකයකු වන Tesla සමාගම අභිබවා යාමට සමත් වීම එම අපගේ අනාවැකි සපත කිරීමට සාක්ෂි දරයි.

මෑත වසර කිහිපයක් තුලදී චීනයේ BYD (Build Your Dreams) බැටරි නිෂ්පාදකයෙකුගේ සිට ලොව විශාලතම සහ වඩාත්ම නව්‍ය විදුලි වාහන (NEV) නිෂ්පාදකයෙකු බවට පරිවර්තනය වී ඇත.Shenzhen හි මූලස්ථානය ඇති මෙම චීන බහුජාතික සමාගම EVs, බැටරි තාක්ෂණය (Battery Solutions) සහ තිරසාර බලශක්ති විසඳුම් (sustainable energy solutions) සඳහා නව ප්‍රමිතීන් සකස් කරමින් ඉදිරියට පැමිණෙමින් පවතී.

වසර 2013 දී චීන රජය විසින් එරට මෝටර් රථ කර්මාන්තය ප්‍රතිනිර්මාණය කිරීම සහ ශක්තිමත් කිරීම අරමුණු කරගත් රෙගුලාසි මාලාව හදුන්වා දීම BYD ඇතුළු එරට මෝටර් රථ නිෂ්පාදකයන්ට නව මාවතක් විවර කල බව අපේ අදහසයි.

එහිදී විශේෂයෙන් විදුලි වාහන (EV) අංශයේ වර්ධනය කෙරෙහි අවධානය යොමුවීම සිදු වූ අතර මෙම ප්‍රතිපත්ති ලෙස දූෂණය අවම කිරීම, ආනයනික තෙල් මත යැපීම අවම කිරීම සහ නව බලශක්ති වාහන (NEV) අංශයේ ගෝලීය වශයෙන් තරඟකාරී වීම චීන මෝටර් රථ නිෂ්පාදකයින් ප්‍රවර්ධනය කිරීම වැනි අරමුණු දැක්විය හැකිය.

මෙලෙස BYD සමාගම ගෝලීය අවධානය දිනා ගැනීමට සහ විද්‍යුත් මෝටර් රථ කර්මාන්තයේ සුවිශේෂී ස්ථානයකට පැමිණීමට හේතුවූ කරුණු පිළිබද මෙම ලිපිය මගින් ඔබව දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.එම කරුණු පහතින් දැක්වේ.

01.🚗 Electric Vehicles (EVs)

BYD හි EV පරාසයට BYD Han සහ Tang වැනි මගී මෝටර් රථවල (Passenger Cars) සිට විදුලි බස් සහ ට්‍රක් රථ දක්වා සියල්ල දැරිය හැකි මිලකට ලොව පුරා අලෙවි විම සහ මුදලට ලැබෙන අති නවීන තාක්‍ෂණය පළමු කරුණ ලෙස හැදින්විය හැකිය.

02.🔋 Battery Technology

දෙවන කරුණ ලෙස BYD හි කැපී පෙනෙන නවෝත්පාදන අංගයන්ගෙන් එකක් වන්නේ එහි ලිතියම් යකඩ පොස්පේට් (LFP) බැටරිය වන අතර එය බ්ලේඩ් බැටරිය ලෙසද හැඳින්වේ.මෙම බැටරිය ආරක්ෂිත මෙන්ම වඩා ස්ථායී සහ ගින්නෙන් වන බලපෑමට ඉහළ ප්‍රතිරෝධයක් සහිත බැටරියකි.එය දැනට පවතින ආරක්ෂිතම විකල්පයන්ගෙන් එකක් බවට පත්වන අතර එය EV රථවල ආරක්ෂාව සඳහා වන ප්‍රමිතීන් ඉහළට ගෙන ඒමටද හේතුවිය.

03.☀️ Renewable Energy Solutions

තුන්වන කරුණ ලෙස ☀️ EV රථවලින් වලින් ඔබ්බට පුනර්ජනනීය බලශක්ති විසඳුම් (Renewable Energy Solutions), සූර්ය බලය (Solar Power), බලශක්ති ගබඩා පද්ධති (Energy Storage System) සහ නගර සඳහා විදුලි දුම්රිය (Mono Rails) වැනි සේවාවන් සදහාද ඔවුන් වෙළදපොල ආකර්ෂණය කරගැනීමද දැක්විය හැකිය.

04.🌍 Global Reach & Expansion

හතරවන කරුණ වන්නේ BYD සමාගම විසින් එක්සත් ජනපදය, බ්‍රසීලය සහ යුරෝපය ඇතුළුව ලොව පුරා නිෂ්පාදන කම්හල් සහ හවුල්කාරිත්වයන් ස්ථාපිත කර තිබීම සහ ඔවුන්ගේ මෙහෙවර ගෝලීය තිරසාර ඉලක්ක සමඟ ඉතා පහසුවෙන් සමපාත වීමයි.එනම් ඉතාමත් ඉක්මනින් ඉන්ධන දහනයෙන් ධාවනය වන වාහන ඉවත් කිරීමයි.

05.💡 The Future of Chinese Automakers

රජයේ සහයෝගයෙන් පිටුබලය ලබන EV මෝටර් රථ ක්ෂේත්‍රයේ ආධිපත්‍යය සඳහා චීනයේ දැක්ම, නව විදුලි (Electric) සහ ස්වයංක්‍රීය වාහන (Autonomous) මුලික කරගනිමින් BYD, NIO, සහ XPeng වැනි සමාගම් යුරෝපය, ආසියාව සහ උතුරු ඇමරිකාව වෙත වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර එහිදී ඔවුන් විශේෂාංගයන්ගෙන් පොහොසත් (Feature -rich), තරඟකාරී මිල ගණන් සහිත EVs සමඟ වෙළඳපල ග්‍රහණය කර ගැනීම ඔවුන්ගේ අරමුණු වේ.

ඉහත කී කරුණු BYD ඇතුළු චීන මෝටර් රථ EV වෙළදපොල වේගවත්ව ග්‍රහණය කිරීමට බොහෝ හේතුවූ කරුණු වන අතර සාම්ප්‍රදායික මෝටර් රථ නිෂ්පාදකයින් මෙම අභියෝගයට මුහුණ දීමට විද්‍යුත් (Electric) සහ (Autonomous Vehicle Technology) ස්වයංක්‍රීය වාහන තාක්‍ෂණය සඳහා ඔවුන්ගේ ආයෝජන වැඩි කරගනිමින් පවති.Tesla, Volkswagen සහ Ford වැනි ප්‍රධාන සමාගම් ඔවුන්ගේ පර්යේෂණ සහ සංවර්ධන උත්සාහයන් (Research & Development) පුළුල්කිරීමට මෙන්ම නවතම බැටරි තාක්ෂණයන් කෙරෙහි අවධානය යොමු කිරීමට ඔවුන්ට සිදුවී ඇත.

විද්‍යුත් වාහන (Electric Vehicles) සහ පුනර්ජනනීය බලශක්තිය (Renewable Energy) සඳහා BYD හි මෙම නව්‍ය ප්‍රවේශය EV මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛයෙකු ලෙස ඔවුන්ව ස්ථානගත කිරීමට මෙන්ම තිරසාර ගමනාගමනය (Sustainable Transportation) සඳහා වැඩි වන ඉල්ලුමත් සමඟ ඔවුන් අනාගත EV මෝටර් රථ ක්ෂේත්‍රයට සැලකිය යුතු බලපෑමක් කරනු ලබන බව පෙනේ.

BYD අනාගත මෝටර් රථ ක්ෂේත්‍රයේ (Future of Mobility) දියුණුවට මග පාදනවා පමණක් නොව අනෙකුත් මෝටර් රථ නිෂ්පාදකයින්ට ඔවුන්ගේ නිෂ්පාදන අතර තරගකාරී බව උසස් කිරීමටද පෙළඹවීමක් කරනු ලබන බව පෙනේ. හරිත අනාගතයක් (Greener Future) සදහා ගමන් කරනු ලබන අනාගත මෝටර් රථ ක්ෂේත්‍රය (Future of Mobility) නැගී එන මෝටර් රථ සන්නාම අතර තරඟය වැඩිවීම් හේතුවෙන් උසස් තාක්ෂණයන් සමඟ පාරිභෝගිකයින්ට ඉහල ප්‍රතිලාභ ලබා දෙන බව අපට සාරාංශය ලෙස උකහා ගත හැකිය. 🌈🚀

මිට සමගාමිව ශ්‍රී ලංකාවේද තිරසාර ගමනාගමනය සඳහා රට ඉදිරියට ගෙනයාමේ අරමුණෙන් John Keells Holdings PLC (JKH) සහ BYD Auto Lanka අතර සහයෝගීතාවයෙන් පසුගිය ජුනි මාසයේදී BYD Electric Motorshow පැවැත්වුන අතර ඔවුන්ගේ පළමුවන මෝටර් රථ ප්‍රදර්ශනාගාරය සහ අලෙවියෙන් පසු සේවා මධ්‍යස්ථානය පසුගිය අගෝස්තු මස කොලබ යුනියන් පෙදෙස (Union Place) හිදී විවෘත වීම සිදුවුනා.

Leave a reply