Bugatti Veyron Supersport – ප්‍රංශ ආක්‍රමණිකයා

ලොව වේගවත්ම මෝටර් රථ අතර 4 වන ස්ථානය රැකගෙන සිටින්නේ ප්‍රංශ සමාගමක් වන 𝐁𝐮𝐠𝐚𝐭𝐭𝐢 සමාගමේ 𝐁𝐮𝐠𝐚𝐭𝐭𝐢 𝐬𝐮𝐩𝐞𝐫𝐬𝐩𝐨𝐫𝐭 රථයයි. Performance අතින් හා luxury බව අතින් ඉතාමත් ඉහලින් පවතින මෝටර් රථ නිපදවන සමාගමක් ලෙස 𝐁𝐮𝐠𝐚𝐭𝐭𝐢 සමගම දශක ගණනක් පුරා ලෝකයේ ප්‍රසිද්ධ සමාගමක් වන අතර ලෝකයේ මිල අධිකම මෝටර් රථ නිපදවන සමාගමක් ලෙස ද මෙම සමගම සැලකිය හැකියි.

මෙම රථයේ අසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.4 පමණ වන අතර එම මුදල බදු රහිතව රුපියල් වලින් (LKR) රුපියල් මිලියන 420ක් පමණ වේ. මෙම රථය නඩත්තු කිරීමට ද විශාල මුදලක් වැය වන අතර රථයේ වාර්ෂික service එක අවසානයේ වියදම, තවත් සාමාන්‍ය මෝටර් රථ කිහිපයක් මිලදී ගැනීමට ප්‍රමාණවත් බව ද කිවයුතුය. කෙසේ නමුත් මෙම මිල අධික මෝටර් රථයට ලෝකයේ ඕනෑම තැනකදී අවධානය තමා වෙතට ලබා ගැනීමට සමත් වන්නේ, වෙනත් කිසිම මෝටර් රථයක දැකගත හැඩය නිසාවෙනි. සමහරු මෙම රථයේ හැඩයට එතරම් කැමති නොවුනත් එහි ඇති වෙනස්ම පෙනුම වෙන කිසිම රථයක දැකගතහැකි වන්නේ නැහැ.

සිලින්ඩර 16 කින් සමන්විත 8.0L W16 එන්ජින් එකකින් සමන්විත මෙම රථය 1200hp බලයක් නිපදවන අතර 0 සිට 100 දක්වා වේගයට පැමිණීමට ගතවන්නේ තත්පර 2.5 පමණි. මෙහි යොදාගන්නා සුවිශේෂි W 16 එන්ජිම 𝙑𝙤𝙡𝙠𝙨𝙬𝙖𝙜𝙚𝙣 සමාගමේ නිපදවන් අතර ලෝකයෙන්ම 𝐁𝐮𝐠𝐚𝐭𝐭𝐢 රථ සදහා පමණක් මෙය නිපදවීම සිදුකරනවා. 2010 වර්ෂයේ ජුලි මාසයේ දී ලොව වේගවත්ම මෝටර් රථය ලෙස 𝐁𝐮𝐠𝐚𝐭𝐭𝐢 𝐯𝐞𝐲𝐫𝐨𝐧 𝐬𝐮𝐩𝐞𝐫𝐬𝐩𝐨𝐫𝐭 රථය ගිනෙස් වාර්තා පොතට ඇතුලුවෙන අතර අද දක්වාම වේගවත් මෝටර් රථ 10 අතරේ ස්තනයක් රැකගැනීමට මෙම රථයට හැකිවී තිබෙනවා.

තවත් සුවිශේෂී කරුණක් ලෙස සැම රථයකම දැකගතහැකි ඕවලාකාර front grill එක අශ්වයකුගේ ලාඩමක් ලෙස පෙනෙන ආකාරයෙන් නිපදවා ඇති බවයි පැවසෙන්නේ. 𝐁𝐮𝐠𝐚𝐭𝐭𝐢 සමාගමේ හිමිකරු වන 𝐄𝐭𝐭𝐨𝐫𝐞 𝐁𝐮𝐠𝐚𝐭𝐭𝐢 මහතා අශ්වයන්ට දැඩි ඇල්මක් දැක්වූ අයෙකු නිසා, එය සිහිපත් වීමට මෙම grill එක සැම රථයකම යොදා ඇති බව ද කියවෙන කරුණක් වෙනවා.

නමුත් කණගාටුවට කරුණක් හැදින්විය හැක්කේ ලොව වේගවත්ම මෝටර් රථ නිපදවීම සිදුවුවත් 𝐁𝐮𝐠𝐚𝐭𝐭𝐢 සමගම ලෝකයේ ප්‍රසිද්ධ මෝටර් රථ තරගාවලි වලින් ජයග්‍රහණය කර නොමැති වීමයි. මුල් කාලයේදී ලබාගත් සුළු ජයග්‍රහණ වලට බොහෝසෙයින් හේතු වූ 𝐏𝐢𝐞𝐫𝐫𝐞 𝐯𝐞𝐲𝐫𝐨𝐧 නම් ප්‍රංශ grand prix මෝටර් රථ රියදුරුගේ නම සිහිපත් වීම සදහා 𝐯𝐞𝐲𝐫𝐨𝐧 නාමය යොදන බවයි 𝐁𝐮𝐠𝐚𝐭𝐭𝐢 සමගම පවසන්නේ.

Leave a reply