BMW Z8 – BMW පවුලේ දඩබ්බර සාමාජිකයා

දැක්ක ගමන් හිතුවේ නැ නේද BMW එකක් කියල ?

කොහොම නමුත් BMW එකක් තම හුරුපුරුදු design එකෙන් තරමක් වෙනස් ස්වරුපයක් ගන්නා ලෙස මෙම Z8 රථය නිපදවා ඇති අතර මුල් කාලිනව නිපදවූ 507 රථයේ ආභාෂය ලබා ගනිමින් 1999 ත් 2003 ත් අතර නිපදවුණු Roadster (දොර දෙකක් සහ ආසන දෙකක් පමණක් ඇති, වහලය විවුර්තව පවතින හෝ විවුර්ත කල හැකි sport රථයක්) මාදිලියට අයත් රථයක් ලෙස හැදින්විය හැකිය.

මෙම රථය කෙනෙක්ට Aston martin රථයක් එකක් විදියටත් පේන්නත් පුලුවන්. BMW සමාගම ඇමරිකානු car එකක ලක්ෂණ වලට සමාන මෝටර් රථයක් නිපදවීමේ උත්සහයක් ලෙසත් ඇතැමුන් මෙම රථය අර්ථ දක්වනවා. BMW රථ අතර මෙම රථයටම අවේනික වූ සුවිශේෂි හැඩය හේතුවෙන් මෙය විශිෂ්ඨ නිර්මාණයක් ලෙසත් එකල එලි දැක්වු විවිධ මෝටර් රථ පිළිබද සගරා වලින් හැදින්වුනා.

ඔබ 90 දශකයේ මුල් භාගයේ උපත ලැබූවෙක් නම්, teenage වයසේදී Need for speed Hot-pursuit 2 game එක play කර තිබෙනවාට සැක නැත. ඒ වගේම මේ car එක තිබුන කියලත් car වලට ආදරය කරන ඔබට මතක් වේවි. මෙම රථය ලොව ප්‍රසිද්ද වීමට බලපෑ තවත් හේතුවක් නම් James Bond චිත්‍රපට මාලාවේ The world is not enough කතාවේ දී සුප්‍රකට නළුවෙකු වන Pierce Brosnan විසින් ඔහුගේ නිල රථය ලෙස මෙම රථය පදවනු ලබනවා.

මෙම රථයට ඇති සුවිශේෂී හැඩය (round curves and corners), ඉදිරියට දිගුව පවතින bonnet එක සහ පිටුපස සිහින් දිගටි tail lights මෙම රථයට අමුතුම ආකාරයේ පෙනුමක් ගෙන දෙනවා. රථයේ ආසන පිටුපස රෝද වලට ඉතාමත් ආසන්නව පිහිටීම හේතුවෙන් රථය පදවන්නා F1 මෝටර් රථයක් පදවනු සේ දිස්වීම ඉතාමත් සුවිශේෂී ලක්ෂණයක් ලෙස හැදින්විය හැකිය.

මෙම රථය තරමක් හැසිරවීමට අපහසු ලෙසයි සැලකෙන්නේ. එහෙයින් රථය වේගවත්ව ධාවනය කිරීමේදී වඩා හොද පළපුරුද්දක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. එසේ නොවුනහොත් රථය වන්ගු වලදී over-steering (හැරවීමේදී රථයේ පිටුපස කොටස මාර්ගයෙන් ඉවතට විසිවීම) වීමේ අවධානම වැඩි බවයි සදහන් වෙන්නේ. මෙම රථය දබබ්බර සාමාජිකයෙක් ලෙස හැදින්වීමට හේතුව එයයි.

කෙසේනමුත් ඉතාමත් සරල ආකාරයකින් (minimalist) interior හා වෙනත් උපාංග නිමවා ඇති අතර ඇතුලත පෙනුම ඉතාමත් අලංකාරව ලෙස ද නිපදවා තිබෙනවා. මෙහි ඇති තවත් සුවිශේෂී ලක්ෂණයක් ලෙස දෙපස side signal indicators Chrome රාමුව තුල සගවා ඇති අයුරින් නිපදවා ඇති අතර BMW Logo එක රථයේ දෙපසම දැකගත හැකියි. ඉදිරිපස headlights වලට පහලින් ඇති රවුම් light දෙක High Beamsලෙස ක්‍රියාත්මක වන අතර පසුපස මැද කොටසේ දකුණුපස light එක reverse light එක ලෙස ක්‍රියා කරන අතර (දැල්වීමේදී සුදු පැහැයක් ගනු ලබනවා) වම පස light එක rear fog light ලෙස ක්‍රියා කරනවා.

යුරෝපයේ ඇති Z8 රථ වල තැබිලි පැහැති signal light එකක් දැකගත හැකි වුවත් ඇමරිකාවට ආනයනය කල රථවල පසුපස tail light එකම රතු පැහැයක් ගනු ලබනවා. නමුත් signal light දැල්වීමේදී තැබිලි පැහැයක් ගන්නා ලෙස නිපදවා තිබෙනවා. ඇලුමිනියම් chassis එකින් හා body එකකින් සමන්විත Z8 රථයට 4.9L සිලින්ඩර 8කින් සමන්විත V8 එන්ජින් එකකින් බලය සැපයෙනවා. එන්ජින් එක front axle එකට පිටුපසින් පිහිටන ලෙස නිපදවා ඇත්තේ රථයේ බර බෙදී යෑම සමානුපාතික කිරීමට හැකිවන ආකාරයෙනි.

උපරිම වේගය ලෙස පැයට කිලෝමීටර 290 වේගයක් ලබාගත හැකි අතර 0 සිට 100 දක්වා පැමිණීමට තත්පර 4.2 ක කාලයක් ගතවෙනවා. මෙම රථයේ ද සීමිත රථ ප්‍රමාණයක් පමණක් නිපදවා ඇති අතර සියලුම උපාංග අතින් නිමවා ඇති බවයි සැලකෙන්නේ. ඒ හේතුවෙන් සාමාන්යෙන් දැකගත හැකි BMW රථ වලට වඩා මිලෙන් අධික රථයක් ලෙස හැදින්විය හැකියි.

ප්‍රසිද්ද පුද්ලයින් භාවිතයට ගත් රථයක් ලෙස මෙය හැදින්වෙන අතර නැසීගිය, Apple සමාගමේ CEO වන Steve Jobs මහතා විසින්ද මෙම රථයක් පැදවූ බව පැවසෙනවා .කෙසේ නමුත් BMW සමාගමේ මෙම රථ නිපදවීම 2003 වර්ෂයේදී නවතා දමන අතර අදටත් මිල අධික classic car එකක් ලෙස මෙය සැලකෙනවා.

Leave a reply

Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...