Audi AI: TRAIL Quattro – අනාගතයෙන් පැමිනි ස්වයං ධාවකයා.

ඔබ මේ දකින්නේ ඉදිරියේදි නිකුත්වීමට නියමිත sci-fi movie එකක දසුනක් නම් නොවේ.පසුගිය දිනකදි ජර්මනියේ Frankfurt Motor Show එකෙහිදී එලිදැක්වුන Audi සමාගම විසින් අනාගතයේදී නිපදවිමට බලාපොරොත්තුවන electric off-roader concept එක යටතේ නිපදවනු ලෑබු පලමු electric off-road සාමාජිකයායි.Audi සමාගම පවසන අයුරින් මෙම රථය නිපදවිම අනාගත off-road රථ නිපදවිමේ පියවරක් ඉදිරියට තැබීමකි.

මෙම මෝටර් රථයේ ශරීරය හැඩය දියමන්තියක් සිහිගන්වන අතර එය සම්පූර්ණයෙන්ම වීදුරුවලින් සාදා ඇත.ඒවාගේම හෙලිකොප්ටර් කැබින් එකක් මෙන් එය මගීන්ට අවට ස්වභාවය පිළිබඳ පුලුල් දර්ශනයක් ලබා දෙයි.

සුවිෂේශිම කරුන වන්නේ මෙම රථය drone පහකින් සමන්විත අතර රාත්‍රී කාලය තුල ගමන් කිරිමේදී මෙම drone මගින් රථයේ ඉහලින් ස්තානගත වෙමින් ලෙස ක්‍රියා කරනු ලබන අතර මගීන් රථයෙන් එලි බසින විට ඔවුනට ඉහලින් ස්තානගත වෙයි.මෙම drone යානා මෝටර් රථයට ඉහළින් සහ අවට ස්වයංක්‍රීයව පියාසර කරන්නේ ඉදිරි මාවත පමණක් නොව දෙපස ප්‍රදේශයද ආලෝකමත් කිරීමට ය.මෙම යානා තමන්ට අවශය පරිදි ඉහල අහසේ ස්තානගත කලහෑකි අතර ඉතාමත් අදුරු ප්‍රදේශයකදි ආලෝකය ලබාදිම ඇතුලු තවත් සේවාවන් විශාල ප්‍රමානයක් මෙමගින් ලබාගත හෑකිය.

මෙම රථයේ ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රය පහල මට්ටමක රදවා ගැනිම සදහා බැටරිය යටි තට්ටුවේ තබා සවි කර ඇත.අතේ ගෙන යා හැකි ජල බෝතල් සහ ෆ්ලෑෂ් ලයිට් අංගයක් සහිත සැහැල්ලු වස්තූන් වැනි උපකරන ඇතුලු උපාන්ග රෑසකින් මෙම රථය සමන්විතය.පුටු ඉවත් කළ හැකි පරිදි නිර්මාණය කර ඇති බැවින් මගීන්ට එළිමහන් ආසන සඳහා ඒවා භාවිතා කළ හැකිය.රථයේ අභ්‍යන්තරයේ දැව සහ ලොම් ඇතුළු ස්වාභාවික ද්‍රව්‍ය අඩංගු වන අතර ප්‍රතිචක්‍රීකරණය කරන ලද සම් කාපට් වැනි ද්‍රව්‍ය භාවිතා කරමින් පරිසර හිතකාමි ලෙසද නිමවා ඇත.ඉතින් තවදුරටත් මෙම රථය අනාගතයෙන් පැමිනි ලෙස හැදින්විම අසාදාරන නැතැයි අපි සිතන්නෙමු.

Leave a reply

Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...