Aspark OWL – තියුණු වේගයක උද්වේගකර අත්දැකීම නිහඩව අත්විදීමට

තප්පර දෙකකට අඩු කාලයකදී පැයට කිලෝමීටර 100 ක වේගයක් ලබාගත හැකි මෝටර් රථයක් නිපදවීම බොහෝ වේගවත් මෝටර් රථ නිපදවන සමාගම්වල සිහිනයක් වී තිබුනා නමුත් තවදුරටත් එය සිහිනයක් නොවී යතාර්ථයක් කරගැනීමට කෙටිකලකින්ම Aspark නම්වූ ජපාන සමාගමට හැකිවිය.ඒ අනුව ලොව වේගවත්ම acceleration (ත්වරණය) සහිත Aspark සමාගමේ OWL (all-electric hypercar )මෝටර් රථය පසුගියදා ආරම්භවූ Dubai motor show එකේදී එළිදැක්වුනා.තප්පර 1.67 කදී පැයට කිලෝමීටර 100 ක වේගයක් ලබාගත හැකි මෙම රථය 450km ධාවන පරාසයකින් සන්නද්ද වී ඇත.

ලොව වේගවත්ම electric sport රථය ඇමෙරිකානු tesla සමාගමේ අනාගත නිපැයුම වන 2021 Roadster රථය වේයැයි බොහෝ දෙනාගේ විශ්වාසය වුවද ජපාන තරගකාරුවෙකුගෙන් මෙතරම් අභියෝගයක් එල්ල වේ යැයි Tesla සමාගමේ හිමිකරු වන Elon Musk මහතාද නොසිතන්නට ඇත.කෙසේ වුවද මෙම රථයේ අවසාන නිමවුම් කටයුතු සදහා ඉතාලියානු සමාගමක් වන MAT(Manifattura Automobili Torino) හි ඉංජිනේරු සහ තාක්ෂණික සහය ලබාගෙන ඇතිබවද සැලකේ.

මෙම රථයට owl (බකමුනා) ලෙස නමක් යොදා ඇති අතර එවැනි නමක් යොදාගෙන ඇත්තේ රථයේ හැඩය සහ ඉදිරිපස පෙනුම මෙන්ම headlight වලින්ද බකමුනෙකු ලෙස දිස්වන ආකාරයෙන් නිමවීම යැයි උපකල්පනය කල හැකි අතර මෙහි ඇති electric මෝටරය හේතුවෙන් වේගවත් ධාවනයක නිහඩව යෙදීමට බකමුනෙකු මෙන් හැකි බවද පිලිබිබු වේ.

විද්‍යුත් බලෙන් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක විය හැකි මෝටර් රථ වලට ලබාගත හැකි උපරිම හැකියාව නියෝජනය කරන රථයක් ලෙස මෙම රථය නිතරගයෙන්ම හැදින්විය හැකිය.තවදුරටත් හදුන්වන්නේ නම් ලොව වැඩිම බලයක් (අශ්ව බල) සහිත මෝටර් රථ කිහිපය අතරටද අශ්ව බල 2012 කින් සමන්විත මෙම රථය එක්වනු ඇත.කිලෝවොට් 64කින් සමන්විත lithium-iron බැටරිය මිනිත්තු 80ක් වැනි කුඩා කාලයකදී සම්පූර්ණයෙන් බලගැන්වෙන අතර සම්පූර්ණ body එකම carbon -fiber මගින් නිපදවා ඇත.

තියුණු දැකීමක්,විශාල සවන්දිමෙහි පරාසයක් සහිත තම ගොදුර දෙසට වේගයෙන් නිහඩව ලගාවිය හැකි බකමුනෙකු ලෙසින් වේගවත් ගමනකට ජපාන සම්භවයක් සහිත Aspark Owl රථය දැන් සුදානම්ය.

Leave a reply