දකුණු කොරියානු මෝටර් රථ නිෂ්පාදකයකු වන Hyundai Motor සමාගමෙහි සුඛෝපභෝගී වාහන අංශය වන Genesis සන්නාමය ගුණාත්මක බවින් සහ තාක්ෂනය අතින් ඉතාමත් ඉහල මෝටර් රථ නිෂ්පාදනය කරනු ලබන සන්නාමයක් වන අතර මෙම සන්නාමය ඇමරිකා එක්සත් ජනපදය,කැනඩාව,ඕස්ට්‍රේලියාව,මැදපෙරදිග සහ යුරෝපයේ වෙළදපොල ඉලක්කකොටගෙන මෝටර් රථ නිෂ්පාදනය සිදු කරයි.
ඔවුන්ගේ මෙම නවතම GV70 රථය (Premium Urban SUV) වෙළද කාණ්ඩය යටතේ වෙලදපලට නිකුත්වීම සිදු කරනු ලබන අතර Genesis රථයේහි ක්‍රීඩාශීලි බව පිරුණු නිමැවුම,විශිෂ්ට රිය පැදවීමේ අත්දැකීම,ඇතුලත අවකාශයේ අලංකාරය තවදුරටත් වැඩිකරන නවීන තාක්‍ෂණය හේතුවෙන් එහි ගමන් කරනු ලබන මගීන්ට උපරිම ආශ්වාදයක් ගෙන දීම නියත වශයෙන්ම සිදුවේ.
තාක්ෂණික විශේෂාංග (TECHNICAL SPECS)
එන්ජිම (Engine): 2.5L ටර්බෝචාර්ජ් I4 සිලින්ඩරය (300 හැස්පවර්)
ඉන්ධන පරිභෝජනය (Fuel Consumption): නගරයේ 22 / මහාමාර්ගයේ 28 / එකතුව 24 mpg
ධාවන පද්ධතිය (Drive Type): සියලුම රෝද වලට බලය (All Wheel Drive)
ගියර පද්ධතිය (Transmission): 8-ගියර ස්වයංක්‍රීය (Automatic)
ඉන්ධන ටැංකියේ ධාරිතාව (Fuel Tank Capacity): ගැලන් 17.43
ඇඳී සිටීම (Seating): ආසන 5ක්