පසුගිය මාසය පුරාවටම නොවැලක්විය හැකි හේතුන් කිහිපයක් නිසා කාර්යබහුල වීමෙන් facebook පිටුව අක්‍රියව පැවතිම පිළිබද කනගාටුව ප්‍රකාශ කරන ගමන්ම අද ලිපිය ආරම්භ කරන්නෙමු.
මුල් පරම්පරාවේ නිෂ්පාදන කටයුතු නවතා දමා දැනට වසර 10 ක් ගතවී ඇතත් අදටත් (Hummer) හමර් රථය පිළිබද මතකයක් ඇතිවා සේම එහි දැඩි පෙනුමට සහ හමුදාමය පසුබිමට බොහෝ දෙනෙකු ආදරය කල බව නොරහසකි. මයික් ටයිසන්ගේ සිට ආර්නෝල්ඩ්,බ්‍රිට්නි ස්පියර්ස් සහ පැරිස් හිල්ටන් වැනි ඇමෙරිකාවේ සුපිරි තරු අතර Hummer රථය තම පෞද්ගලික වාහනය ලෙසින්ද යොදා ගැනින.
ඒවනවිට එනම් 2000 දශකයේ මුල් භාගයේ ජනප්‍රිය මෝටර් රථයක් වුවද වර්ෂ 2010 වනවිට සියලු නිෂ්පාදන හා විකුණුම් නවතා දැමීමට GMC සමාගමට සිදුවිය.කෙසේ නමුත් Hummer රථයේ කතාව එක්සත් ජනපද හමුදාවෙනි.යුධ සමයේ මුල් කාලයේදී ජීප් (Jeep) රථ හමුදාවේ ගමන් බිමන් සදහා යොදා ගැනු අතර එය වියට්නාම යුද්ධය පුරාවටමද එලෙසම පැවතින.නමුත් තරමක් දුෂ්කර කාර්යයන් සදහා ජීප් රථය යොදාගැනීමට නොහැකි විය.
විශාල උපකරණ රැගෙන යාමට නොහැකියාව,විශාල පිරිසක් රැගෙන යා නොහැකි වීම සහ සන්නාහකයන් නොතිබු හේතුවෙන් යුධ බිමේදී බහුකාර්ය රථයක (Multipurpose Wheeled Vehicle) අවශ්‍යතාවය ඇමරිකානු හමුදාව සදහා වැඩි වැඩියෙන් දැනෙන්නට විය.මේ හේතුවෙන් නව යුධ රථයක් නිෂ්පාදනය කිරීමේ කටයුතු ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනය විසින් ඩොලර් බිලියනයක කොන්ත්‍රාත්තුවක් සහිතව GM (General Motors) සමාගම සදහා භාර දීම සිදු විය.
.මෙම බහුකාර්ය රෝද සහිත වාහනය අවසානයේදී හම්වී Humvee ලෙස නම් කරනු ලැබූ අතර එහි දිගු නාමය (high mobility multi purpose wheeled vehicle) හැදින්විය.
පළමුව හමුදා සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට Humvee රථය භාවිතා කල අතර සන්නාහ විශාල ප්‍රමාණයක් නොතිබුණද වෙඩි තැබීමකින් හෝ පිපිරීමකදී දිවි ගලවා ගැනීමට ගමන් කරන මගීන්ට හැකියාව තිබිණ.ඒවනවිට Humvee රථ බොහෝ විට ගල්ෆ් යුද්ධයේදී මෙන්ම හමුදා පෙරහැරවලදීද යොදා ගැනින.
ඒ අතර සුපිරි නළු ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්ගේ ඇසට Humvee රථයන් හසුවන්නේ ඔහුගේ “Kindergarten Cop” චිත්‍රපටය ඔරිගන්හි රූගත කරමින් සිටියදීය.ඒ අනුව ඔහුට වහාම Humvee රථයක් අවශ්‍ය වුයේ එය ඔහුට ඔහුගේ තරුණ කාලයේදී ඔස්ට්‍රියානු හමුදාවේ සේවය කරමින් සිටියදී යුධ ටැංකි පැදවීම මතකයට ගෙන ඒම හේතුවෙනි.
පළමුව ඔහු GM සමාගම අමතා පෞද්ගලික Humvee රථයක් ලබා ගැනීමට උත්සාහ කල අතර මෙය Humvee රථයේ සිවිල් අනුවාදයක් (Civil Version) නිපදවීම සදහා GM සමාගමට අනුබලයක් විය.ඒ අනුව GM සමාගම ඔහුට සවන්දීමෙන් පසුව නිෂ්පාදනය කරනු ලබන පළමු Humvee රථය ඔහුට හිමි කර දෙනු ලැබුවේ Terminator යන නාමයද රථයේ බදෙහි සදහන් කරමිනි.
ඒ අනුව පළමු සිවිල් අනුවාදය වර්ෂ 1992 දී එළිදක්වන අතර වෙළද නාමය Hummer යන නමින් ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලකට වෙළදපොල සදහා නිකුත් කරනු ලැබිය.මෙම නව රථය පොදු මාර්ගයක ගමන් කරනවිට ප්‍රමාණයෙන් ඉතාමත් පළල්ව පිහිටන අතර රෝද පොලොව මට්ටමෙන් ඉතාමත් ඉහල පිහිටීමක ස්ථානගත වී තිබිණ,අමතරව වායු සමීකරණ,එයාර් බෑග් එකතු කර තිබුනද සුවපහසුව හෝ සුඛෝපභෝගී බව සදහා මෙම රථය සකස් කර නොතිබිණ.ඉන්ධන කාර්යක්ෂමතාවය ගැලුමකට සැතපුම් 10කටත් වඩා අඩු වූ අතර මුළු ශුද්ධ බර රාත්තල් 10,000 ක් පමණ විය.
මෙම අධික බර හේතුවෙන් Hummer රථය බරවාහන මාදිලියට අයත් වූ අතර අභ්‍යන්තර ආදායම් සේවය මගින් ගොවි උපකරණ බදු ණයක්ද (Farm Equipment Tax Loan with IRS) නොමිලේ හිමි කරගැනීමට හැකියාව තිබිණ.තවත් සුවිශේෂි කරුණක් ලෙස හමුදාමය මුලධර්මයන්ට අනුව රථය පණගැන්වීමේ බොත්තමට Start වෙනුවට යොදා තිබුනේ Fire යන වචන යෙදුමයි.
වර්ෂ 1999 දී ජෙනරල් මෝටර්ස් වෙළඳපොළ සදහා Hummer රථ අලෙවි කිරීම ඇරබුන අතර නැගී එන ආර්ථිකයට සහ අඩු මිල ඉන්ධන හේතුවෙන් Hummer රථ වෙළද පොළ ආක්‍රමණය කරමින් තිබූ අතර බොහෝ මිලදී ගැනීම් හොලිවුඩයේදී ආරම්භ විය.මේ ඉහල වෙළද වෙලදාම් සදහා සුපිරි නළු අර්නෝල්ඩ්ගේ ආභාෂය බොහෝ විට හේතුවිය.Hummer යන නාමය කෙමෙන් කෙමෙන් ජනප්‍රියත්වයට පත්වූ අතර වර්ෂ 1999 සිට 2000 දක්වා පමණක් චිත්‍රපට 32 ක Hummer රථයන් යොදා ගනු ලැබිය.
ඒ අනුව වෙළඳනාම පිළිගැනීම වැඩි වුයේ හමුදා පරම්පරාවට ස්තූතිවන්ත වෙමිනි තවද එය හමුදාව සමඟ ඇති සම්බන්ධය එක්සත් ජනපදයේ Hummer හි ජනප්‍රියත්වය ඉහළ නැංවීය.ඇමරිකානු ජනතාව එය ක්‍රියාකාරී රථයක් ලෙස දුටුවා සේම ගල්ෆ් යුද්ධයේදී කාන්තාර සටන් සදහා යොදාගත් ආභාෂය හේතුවෙන් එය නිසැකවම සති අන්ත කඳවුරු සංචාර(Weekend Camping Trips) සඳහා භාවිතා කළ හැකි බව ඔවුහු විශ්වාස කළහ.
පළමු Hummer ආකෘතිය මූලික වශයෙන් Humvee රථයේ කාබන් පිටපතක් වුවද මිලිටරි පූර්වගාමියාගේ දෙවන මාදිලියේ තරමක් සිනිඳු මෝස්තරයක් විය.එනම් එය තවත් ජනතාවට සමීප මාදිලියක් වූ අතර මිලෙන් ඩොලර් 50,000 ක් පමණකට අලෙවි වූ මාදිලිය H2 ලෙස හැදින්වින.මෙම H2 මාදිලිය ඉතා ඉක්මනින් ඉහළම විකුණුම් මාදිලිය බවට පත්වූ අතර පසුව පැමිණි තෙවන මාදිලියද වැඩි පාරිභෝගිකයින් ආකර්ෂණය කරගනිමින් ඒකක 70,000 කට වඩා වැඩි ප්‍රමාණයක් 2006 වන විට අලෙවි කර තිබිණ.
ඒ අනුව වෙළදපොල සැසඳීමෙන් ජෙනරල් මෝටර්ස් විකුණන ලබන පිකප් ට්‍රක් සහ වෙනත් වාහන සමග මෙම වෙළදපොල වාර්තාව අදහාගත නොහැකි ඉහල අගයක් බව කිව යුතුමය.නමුත් ඇමරිකාවේ සුපිරි ජීවන රටාව ආශා කළ ජනතාව ඔවුන් යන එන සෑම තැනම ඔවුන්ගේ ඉහළ බව ප්‍රදර්ශනය කිරීමට කැමති වීම හේතුවෙන් Hummer රථයන් විශාලතම සහ ප්‍රායෝගික රථයක් නොවුවද ඔවුන් ඒවා මිලදී ගැනීමට පෙලබින.
නමුත් Hummer රථවල ගුණාත්මකභාවය මුලදී පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගත්තද පසුව එය පරිහානියට පත්විය.Hummer නාස්තිකාර පරිභෝජනයේ සංකේතයක් බවට පත්විය.මිනිස්සු එය සංකේතයක් ලෙස දුටුවා පමණක් නොව ඇමරිකානු ජනතාවගේ ආකල්පවල වැරදි,මෝටර් රථ පිළිබද,දේශ ප්‍රේමය පිළිබද ,ඇමරිකානු සමාජය හමුදාකරණය,ඇමරිකානුවන් පෘථිවියට සලකන ආකාරය යන කරුණු කෙරෙහි විරුද්ධව මතයක් ගොඩ නැගෙමින් තිබිණ.
හමුදා ආක්‍රමනයන්වලට විරුද්ධ වෙමින් විවේචකයන්ගේ රැල්ලක් ඒ වන විට ගොඩ නැගෙමින් තිබු අතර Hummer රථ පරිසරය දූෂණය කිරීමේ යන්ත්‍ර ලෙස දුටු විරෝධතාකරුවන්සමහර අයිතිකරුවන් ඔවුන්ගේ රථවල යතුරුද සොරා ගත් බව වාර්තා විය.තවත් සමහරු පැවසුවේ (Parking Slot )වාහන නැවැත්වීමේ ස්ථානවල Hummer රථ නවතා තැබීමටද ඔවුන්ගේ විරුද්ධත්වයක් ඇති බවයි.
වර්ෂ 2003 දී ඇමරිකානු ජනපති බුෂ්ගේ පාලන සමයේදී ඉරාක යුද්ධය ඇරබිමත් සමග ඇමරිකානු හමුදා විරෝධතාකරුවන් Hummer රථවලටද ගිනි තැබූ අතර ඉරාකයේ යුද්ධය හේතුවෙන් ඉන්ධන මිලද ඉහළ නැගිණ.ඒ අනුව වර්ෂ 2007 දී මූල්‍ය අවපාතයක්ද ඇති වූ අතර Hummer හි මව් වෙළඳ නාමය ජෙනරල් මෝටර්ස් ඒ වනවිට විශාල කරදරයක පැටලී සිටියේය.
ඉදිරි වසර දෙකකින් පසුව වර්ෂ 2009 දී ජෙනරල් මෝටර්ස් බංකොලොත්භාවය දොරකඩ ලගටම පැමිණ තිබිණ.ඔවුන් වෙළඳ නාම ගණනාවක් අත්හිටවූ අතර අලෙවිකරණ සහායද,නිෂ්පාදන සහායද කෙමෙන් කෙමෙන් අවම වෙමින් පැවතින.පර්යේෂණ හා සංවර්ධනය (Research & Development) සම්පුර්ණයෙන්ම නවතා දැමුණු අතර 2010 දී GM සමාගම විසින් Hummer සන්නාමය විකිණීමටද උත්සාහ කළේය.
නමුත් සියලු ගනුදෙනු අසාර්ථක වූ අතර නිෂ්පාදන කටයුතු වර්ෂ 2010 න් පසුව නව මාදිලියක් දශකයකට ආසන්න කාලයක් තුළ නිෂ්පාදනය කර නොමැත.නමුත් ජෙනරල් මෝටර්ස් Hummer නැවත ගෙන ආ යුතුද? ඔව් එයට පිළිතුර දැන් ලැබී ඇත.එයට හේතුව තවමත් ඇමරිකානුවන් විශාල වර්ගයේ මෝටර් රථවලට කැමති වීමයි.පසුගිය දශකයකට පෙර මූල්‍ය අර්බුදය වටා ඔවුන්ගේ ආකල්ප වෙනස් වුවද තවමත් විශාල වර්ගයේ Pickup රථ සදහා ඉල්ලුම අවම වී නොමැත.
වර්ෂ 2013 සිට විශාල SUV රථ සඳහා වෙළඳපොළ විවෘත වී ඇති අතර පාරිභෝගික ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන්
රෝල්ස් රොයිස්, ඇස්ටන් මාටින් සිට ලැම්බෝගිනි දක්වා සුඛෝපභෝගී මෝටර් රථ වෙළඳ නාම දැනටමත් ඔවුන්ගේ SUV රථ වෙළදපොලට නිකුත් කර ඇත.ඒ හේතුවෙන් නැවතත් දශකයකට පසුව ගිය ඔක්තෝබර් මාසයෙදී GM සමාගම නැවත Hummer රථයක් වෙළදපොලට හදුන්වා දීම ඉතාමත් කාලෝචිත ක්‍රියාවකි.
GM සමාගමේ මෑත පුනර්ජීවනය නිසා විදුලි පිකප් ට්‍රක් රථ(Electric Pickup Truck) ඔවුන්ගේ ප්‍රමුකතම නිෂ්පාදනයක් බවට පත්විය.ටෙස්ලාහි සාම්ප්‍රදායික නොවන සයිබර්ට්‍රක් හා රිවියන් R1T ට්‍රක් සහ R1S SUV රථයන් හදුන්වා දීමත් සමඟ විද්‍යුත් pickup ට්‍රක් අතර තරගය බෙහෙවින් උණුසුම් වී තිබේ.මෙම ඉහළ පවර්ට්‍රේන්(powertrain) විකල්පයෙන් EV රථයට අශ්වබල 1000 ක් දක්වා බලයක් ලබා ගත හැකි අතර එය විදුලි මෝටර තුනකින් සමන්විත වී ඇත. ඇස්තමේන්තුගත පරාසයක සැතපුම් 350 ක පරාසයක් සහ තත්පර 3.0 කින් පැයට සැතපුම් 60 දක්වා වේගයක් මෙම නව Hummer EV රථයට ලබා ගත හැක.
පාරෙන් පිට (OFFROAD) තම ආධිපත්‍යය පතුරවා ගනිමින් මාර්ගයේ හමුවන ඕනෑම දුෂ්කරතාවක් මඟහරවා ගනිමින් ගමන් කිරීමට මෙම EV රථය නිෂ්පාදනය කොට ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.නව Hummer රථයෙහි හි Ultium battery-pack බැටරි ඇසුරුම් තාක්‍ෂණය භාවිතා කරන අතර කිලෝවොට් 350 ක වේගයෙන් ආරෝපණය කිරීමේ හැකියාව සහිත වෝල්ට් 800 ක ඉලෙක්ට්‍රික් පද්ධතියක් EV සතුව ඇති අතර එමඟින් මිනිත්තු 10 ක් තුළ සැතපුම් 100 ක පරාසයක් එකතු කරයි.
තවද සුවිශේෂී උපාංග ලෙස කැමරා දර්ශන දහඅටක් දක්වා ලබාගත හැකි ජලයට ඔරොත්තු දෙන යටි කැමරාවන්(underbody cameras) ඇතුළත් වන අතර එමඟින් ඔබේ හොඳම මාර්ගය තෝරා ගැනීමට උපකාරී වේ. ඒවා ඉදිරියට හා පසුපස මුහුණට මුහුණ ලා ඇති අතර ස්කීඩ් තහඩු වලින් ඔබ්බට පෙනෙන තරම් පහත් මට්ටමක තබා ඇත. මීට අමතරව, මෙම යටි කැමරාවලට පිරිසිදු කිරීමේ හැකියාව සහ ප්‍රතිස්ථාපනය කළ හැකි කාච ආරක්ෂකයන්ද ඇතුළත් වේ.
(Infinity Roof )ඉන්ෆිනිටි වහල සහ මොඩියුලර් ස්කයි පැනල් (Sky Panels) මගින් අතිවිශිෂ්ට එළිමහන් අත්දැකීමක් මගීන්ට ලබාදෙන අතර එම වහල අවශ්‍වූ විට පැනල් හතර ඉවත් කර තබා ගබඩා කර තැබීමද සිදු කල හැකිවේ.HUMMER EV හි ඇති විනිවිද පෙනෙන ස්කයි පැනල් සූර්යයාගෙන් ලැබෙන හිරු කිරණ ඉවතට හරවා ගැනීමටත්,විශ්මයජනක එලිමහන් දර්ශන සපයන අතරම අහිතකර කිරණවලින් මගීන්ව ආරක්ෂා කිරීමටත් උපකාරී වේ.
මිට අමතරව Hummer EV හි 4 wheel driving steering wheel මගින් විකර්ණ දිශාවකට ගමන් කිරීමට ඇති හැකියාව ලබාදීමද ඉතාමත් පෙරළිකාර අංගයක් බවට සැකයක් නොමැත.තම ස්වදේශීය තරගකරුවන් වන Tesla Cybertruck,Rivian යන SUV රථ සමග කරට කර හැපීමට දැන් Hummer රථයට හැකියාව ලැබී ඇත.
දශක ගණනාවක් සැගවී සිට නැවතත් ජිවය ලැබූ Hummer සන්නමයට පෙර ලැබී තිබු නාස්තිකාර ස්වරුපය වෙනස් කරගැනීමට දැන් දෙවන අවස්තාවක් ලැබී ඇති බව පෙනේ.දශකයට කලින් Hummer රථවල අඩුපාඩු පමණක්ම පෙනුණු විරෝධතාකරුවන්ට කලකට පසුව හොදම පිළිතුර ලබා දීමට GM සමාගමට හැකියාව දැන් ලැබී ඇති යයි කිව හැක.කලෙක තමාගේ වැරදි දැක විවේචන එල්ල කරපු පුද්ගයන්ම නැවත තමාගේ හොද කියනු ඇතැයි නුදුරේම අත්දැකිය හැකිවේවි.