2021 ටෙස්ලා සයිබර් ට්‍රක් – ටෙස්ලා සමාගම පුරාණ පරිපාරයේ පරිදි නැවත වරක් වාහන ලෝකය කම්පනයට ලක් කරයි.

කවදත් ලෝකයට වෙනස් ආකාරයේ නිපැයුම් ඉදිරිපත් කරන ඇමෙරිකාවේ ටෙස්ලා සමාගම සුපුරුදු අයුරින්ම නැවතත් මෝටර් රථ ලොව කලබන නිර්මාණයක් එළිදක්වා ඇත.ඒ සම්පුර්ණයෙන්ම විද්යුත් බලයෙන් ක්‍රියා කරන cyber truck යන නාමයෙන් හදුන්වනු ලබන all-electric pickup truck රථයකි.එදිනෙදා අපට දැකගත හැකි මෝටර් රථවලට වඩා ඉතාමත් වෙනස් ආකාරයේ බහු කෝණික හැඩයෙන් යුතු (polygonal) මෙම මෝටර් රථය එළිදැක්වීමෙන් බොහෝ යෝජනා මෙන්ම චෝදනාද ඇතුළුව මුළු අන්තර්ජාලය පුරාම විවිදාකාරයේ මතයන් සමාගමේ හිමිකරු වන Elon Musk මහතාට එල්ල විය .කෙසේ නමුත් ජාත්‍යන්තර මාධ්‍යය ඇතුළු බොහෝ දෙනාගේ කතාබහවලට නිරන්තරයෙන්ම ලක්වන Elon Musk මහතා මෙවරද තම වෙනස්ම ආකාරයේ Vision එක මෙවරත් සාර්ථකව කරගනිමින් පුවත් මවන පුද්ගලයෙකු බවට පත් විය.

මෙම අලුත් රථය සම්පුර්ණයෙන්ම Elon musk මහතාගේ විහිලු සහ විකාරශීලි නිමැයුමක් යැයි දැනටමත් අන්තර්ජාල මාධ්‍ය තුල පැතිරෙමින් පවතී.යමෙකු මෙම රථය අවුරුදු 5 ක් පමණ කුඩා දරුවෙකුගේ අතින් නිමවූ චිත්‍රයක ප්‍රතිපලයක් ලෙසින්ද තවත් පුද්ගලයන් මෙය මුල් කාලයේ නිපදවන ලද තාක්ෂණයෙන් නොදියුණු අතාත්වික ත්‍රිමාන (3d ) මොඩල සහිත පරිගණක ක්‍රීඩාවක ඇති රථයක් ලෙස හදුන්වයි. කෙසේ නමුත් අපගේ මතය නම් මෙවන් ආන්දෝලනාත්මක නිර්මානයක් Elon musk මහතා අතින් අහම්බයෙන් නිර්මාණය විය නොහැකි බවයි.එයට හේතුව කවදත් කල නොහැකි යැයි බොහෝ දේවල් සාර්ථකව නිපදවා ලෝකයට ඉදිරිපත් කල පුද්ගලයෙකු ලෙස ඒ මහතා හැදින්විය හැකි වීමයි.මෙවරද ඉතාමත් ජනප්‍රියතාවයක් තම සමාගමට මෙන්ම මෙම රථයටද ලබාදෙමින් මෙම නවතම නිපැයුමට දහස් ගණනක් වූ ඇනවුම් දිගින් දිගටම ලැබෙන බවද ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව බලන විට වෙනත් අයුරකින් මෙම රථය දෙස බැලුවහොත් වෙනස්ම ආකාරයේ රථයක් ඔබට දිස්වනු ඇත.එසේ ප්‍රකාශ කිරීමට හේතුව වන්නේ මදක් කල්පනා කර බැලුවහොත් මෙම වෙනස්ම ආකාරයේ හැඩයක් සහිත රථයක් මහා මාර්ගයේදී දකින ඔබට මේ මොකක්ද මේ යැයි ඔබෙන්ම අසා ගනිමින් ඔබට නොතේරීම එය දෙස දෑස් යොමුවීම සිදුවේ යැයි අපගේ මතයයි.

කෙසේ නමුත් sci-fi (විද්‍යා ප්‍රබන්ධ) නවකතා වල සහ film වල අප දැක තිබු රථයන් සියැසින්ම දැක ගැනීමට අපට අවස්ථාව ලැබී ඇත.ඇමෙරිකා එක්සත් ජනපදය තුල බොහෝ වශයෙන් අලෙවී වන Ford -F 150 රථවලට ආදේශක රථයක් ලෙස මෙම රථය හදුන්වා දී ඇති බව tesla සමාගම පවසනු ලබනවා.Ford pickup රථවලට වඩා බලයෙන් වැඩි sport මෝටර් රථයක් මෙන් අදික වේගයක් ලබාගත හැකි රථයක් ලෙසත් cyber truck රථය හැදින්විය හැකි බව Elon -musk මහතා විසින් පවසනු ලැබුවා.

space X අභ්‍යවකාශ වැඩසටහනේ යානා නිපදවීමට යොදාගත් මල නොබැදෙන ඉතාමත් ශක්තිමත් (ultra hard 30X cold-rolled stainless steel)තහඩුවකින් මෙම රථය නිපදවා ඇති අතර තදබල මිටි පහරකින් වුවද(sledgehammer-proof) සීරීමක් නොවෙන බව(scratch -resist) සජීවීව හදුන්වාදෙන වැඩසටහනේදී ඉදිරිපත් කරන ලදී.

තවදුරටත් මෙම රථය සම්පුර්ණයෙන්ම වෙඩි නොවදින (9mm-bullet -roof)රථයක් වන අතර යකඩ බෝලයකින් සිදුවන තදබල පහරකින් වුවද (ballistic impact)මෙම රථයේ විදුරු බිදී (Tesla transparent metal armor glass)නොයන බවද සමාගම පවසයි.සජීවී වැඩසටහනේදී සිදුවූ විදුරු පරික්ෂාව එතරම් සාර්තක නොවුවද ආරක්ෂාව අතින් මේ රථය තරම් සන්නද්ද රථයක් මාර්ගවලදී දැකගත නොහැකි බව සමාගමේ අදහසයි.

මෙම cyber -truck රථය air -suspension වලින් සමන්විත වන අතර 16මmm ප්‍රමාණයක් වූ ground -clearance එකකින් යුක්තයි.අවශ්‍යතාවය අනුව height adjustment කිරීමේ පහසුවද standard option ලෙස ලැබේ.

විශේෂයෙන්ම සදහන් කලයුත්තේ මෙම රථය සතු අසමසම towing capacity (ඇදගෙන යාමේ හැකියාව)එකයි.එහි අගය 6350kg කට සමාන වන අතර සංසන්දනාත්මක ලෙස බැලුවහොත් එය Ford Raptor F -150 රථයේ towing capacity එක(3629kg) මෙන්දෙගුණයකි.බොහෝ දෙනාගේ ආදරය දිනාගත් raptor රථයත් cyber truck රථයත් දෙපසට තබාගනිමින් සිදු කරන ලද පරීක්ෂණයේදී අනපේක්ෂිත ලෙස raptor රථය අසීරුවකින් තොරව ඇදගෙන යාමට හැකිබව සජීවී වැඩසටහනේ video එකක් මගින් පෙන්වා දිය.තවදුරටත් Porsche 911 රථයක් පහසුවෙන්ම overtake කරමින් යාහැකි වේගයක් ඇති බවද වැඩසටහනේදී පෙන්වා දෙන ලදී.

මෙම අර්ථකතනයන් අපට අසත්‍ය බව කිව හැකි නොවන අතර ඉතාමත් බලවත් electric motor කිහිපයකින් මෙම රථය බලගැන්වෙන අතර මොඩල් වර්ග අනුව රථයට ලැබෙන මොටෝර් ගණන 1 සිට 3(Single Motor RWD, Dual Motor AWD, Tri-Motor AWD) ලෙස තීරණය වේ.එක් වරක් ආරෝපණය කිරීමෙන් පසුව Single Motor RWD රථයට 400km සිට Tri-Motor AWD රථයට 800km දක්වා ඉතාමත් ඉහල දාවන පරාසයක් හිමිවේ.0 සිට 100 kmph වේගයක් තප්පර 2.9 කදී ලබාගත හැක(මාදිලිය අනුව වෙනස් වේ).

මේ අනුව බලන කල සියලුම අතින් අංග සම්පුර්ණ සුපිරි ගනයේ pickup truck රථයක් ලෙස මෙම රථය අමුතුවෙන් හදුන්වා දිය යුතු නැත ඒවගේම මෙය මෝටර් රථ ලෝකය කලබන නිර්මාණයක් වීමද පුදුමයක් නොවේ.ඒ අනුව blade runner වැනි sci-fiction film වලින් පමණක් අප දැක තිබු අනාගතයෙන් පැමිනි සුපිරි රථයන් තවත් ඉදිරි වසර 5ක් තුලදී මහා මාර්ගවලදී දැක ගැනීමට අපි වාසනාවන්ත වන්නෙමු.

Leave a reply

Recent Comments

No comments to show.
Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...