2020 Subaru WRX STI S209 – සකුරා මල් පිපෙන දේශයෙන් බිහිවූ ආදරණිය රැලි ශුරයා නැවතත් කරලියට පැමිණෙයි

සුබාරු,සුබී,සුබා යන ආදරණිය අනුවර්ථ නාම විශාල ගණනකින් හදුන්වනු ලබන සමාජ ජාල මාධ්‍ය තුල ඉතාමත් ඉහල ජනප්‍රිය මෝටර් රථ මාදිලියක් වේනම් එය සුබාරු රථයකම විය යුතුය.ලොව පුරා මෝටර් රථවලට ආදරය කරන්නන් අතර අතිශයින්ම ජනප්‍රිය මෝටර් රථයක් මෙන්ම එයටම වෙන්වූ සංස්කෘතියක් සහිත තරුණ ප්‍රජාවක් සෑම සුබාරු රථයක් පසුපසම සිටිනවා යැයි හැදින්වීම එක් අතෙකින් නිවැරදිය.දැනට ඇමෙරිකාව ඇතුළු බොහෝ රටවල ඉතාමත් වේගයෙන්ම ජනප්‍රියත්වයට පත්වන වෙළද සන්නාමයක් ලෙස සුබාරු නාමය හැදින්විය හැකිය.

සුබාරු සමාගමේ අනෙකුත් මාදිලි වන legacy, forester,crosstek සහ outback යන මාදිලි අතර Wrx රථය බොහෝ විට ජනප්‍රිය වීමට හේතු ගණනාවක් ඇත.විශ්වාසවන්තභාවය(reliability ), AWD (All-wheel drive) රථයක් වීම,එන්ජිමේ බලය (Engine power),හැසිරවීමේ හැකියාව (handling) සහ සාධාරණ මිලකට අලෙවි වීම මෙන්ම sedan මාදිලියේ රථයක් වීම මෙහි ජනප්‍රියත්වයට හේතු වී ඇත.

අද අපගේ මාතෘකාව වී ඇති 2020 wrx sti රථය පිළිබද කතා කිරීමට මත්තෙන් wrx රථයේ බිහිවීම සිදුවූ ආකාරයත් එහි ජනප්‍රියත්වයට හේතුවූ සාධකත් සුබාරු wrx රථ හා බැදුණු සමාජීය හා සංස්කෘතික අංගයන් පිලිබදවත් අවබෝධයක් ලබාගැනීම වටින්නේ යැයි අපි සිතන්නෙමු.

අද සුබාරු යන නාමය අයිතිවන සමාගමේ මුලික හිමිකාරිත්වය හිමිව ඇත්තේ fuji heavy industries යන නමින් හදුන්වන Tokyo නගරයේ පිහිටා ඇති ජපාන සමාගමටයි.මෙම සමාගම දෙවන ලෝක යුද්දයේදී ජපාන හමුදාව සදහා ගුවන් යානා නිපදවූ සමාගමක් වූ අතර මෙම fuji සමාගම පසුව කොටස් කිහිපයකට බෙදී යන අතර මොටර් රථ නිපදවනු ලබන අංශය සුබාරු ලෙස වෙළද නාමයක් සමගින් ආරම්භ වීම සිදුවනවා.

මෙහිදී වෙළද නාමය ලෙස යොදා ගැනෙන සුබාරු යන නමෙහි අරුත(එකමුතු බව) unite ලෙස ජපන් භාෂාවෙන් අර්ථ දැක්වෙන අතර ලාංජනය සදහා යොදාගෙන ඇති නිල පැහැ පසුබිමෙහි ඇති තාරකා මගින් Pleiades (සප්ත තරුණියන් ලෙස ග්‍රීක මිතයා වල හැදින්වෙන) යන පෘතුවියට ආසන්නයෙන්ම පිහිටි තාරකා මණ්ඩලය නියෝජනය කිරීම සිදු වේ.

මෙලෙස ඇරබෙන සුබාරු සමාගමේ පලමු රථය Subaru 1500 නමින් නිපදවෙන අතර පසුව Tokhu නම්වූ සමාගමේ ආරාධනයෙන් පළමුවන AWD රථ නිපදවීම ආරම්බවන අතර වර්ෂ 1972 දී Subaru leone estate wagon රථයට AWD පහසුකම අමතර අංගයක් ලෙස හදුන්වා දෙමින් AWD රථ නිෂ්පාදනයට Subaru සමාගම අත්පොත් තබන ලදී.

එයින් වසර කිහිපයකට පසු මෙම රථය යොදාගනිමින් වර්ෂ 1980 දී safari රැලි තරගයට යොමුවන සුබාරු කණ්ඩායම විවිධ රැලි වලින් ජයග්‍රහණය ලබාගන්නා අතර තරග සදහා පළමුව legacy රථයද පසුව Impreza රථයද යොදා ගනු ලබනවා.වර්ෂ 1993 දී colin McRae සුබාරු legacy රථය මගින් ලෝක රැලි ශුරතාවය(WRC) දිනා ගනු ලබන අතර එය සුබාරු සමාගම විසින් දිනාගනු ලබන පලමු ශුරතාවය වන අතර 1995 යන වර්ශවලදීද ශුරතාවය colin ඇතුළු Subaru කණ්ඩායමට හිමිවනවා.

1996 සහ 1997 වර්ෂවල නිෂ්පාදන සමාගම් ශුරතාවයද drivers ශුරතාවයද පිලිවෙලින් 2001 සහ 2003 වර්ෂවලදී දිනාගැනීමට සුබාරු කණ්ඩායම විසින් දිනාගනු ලබනවා.මෙම සිදුවීම් මාලාවම සුබාරු සමාගමේ හැරවීම් ලක්ෂයන් ලෙස හැදින්විය හැකි වන අතර තම හැකියාවන් ලෝකයට ප්‍රදර්ශනය කිරීමටත් ජනප්‍රිය වෙළද නාමයක් ලෙස ඉදිරියට පැමිණීමටත් ඉවහල් වීම සිදු වනවා.

බරින් අඩු චැසි පද්ධතිය හැසිරවීමේ පහසුව සහ සුවිශේෂී boxer වර්ගයේ එන්ජිම හේතුවෙන් Subaru Impreza රථය රැලි තරගාවලිවලට නැතිවම බැරි මොටර් රථයක් විය.මෙහිදී සදහන් කලයුතු විශේෂ කරුණක් වන්නේ මෙහි සුවිශේෂී boxer එන්ජිම පිළිබදයි.

මෙහිදී සාම්ප්‍රදායික inline සහ v6 එන්ජින්වලට වඩා වෙනස් ආකාරයකින් boxer එන්ජිම නිපදවීම සිදුවන අතර සිරස් අතට (අංශක 90 සහ අංශක 45 ක අගයෙන් පිහිටි සිලින්ඩර ) පිහිටා ඇති V එන්ජින් වෙනුවට මෙහිදී තිරස් අතට පිහිටි සිලින්ඩර් එකිනෙකට සමාන්තර ආකාරයෙන් සවි කිරීම සිදු කෙරෙනු ලබනවා.මෙම එන්ජින් ව්‍යුහය මගින් සිරස් අතට පිහිටි සිලින්ඩර්වල ක්‍රියාකාරිත්වයට වඩා සයුම්‍ය ක්‍රියාකාරිත්වයකින් යුතු එන්ජිමක් සුබාරු රථවලට හිමිවූ අතර එන්ජිමේ සමබරතාවය සහ උසින් අඩු වීම සහ පළලින් වැඩි වීම හේතුවෙන් රථයේ චැසි පද්ධතිය සමග ගුරුත්ව කේන්ද්‍රය පහලින් පිහිටීම නිසාත් ඉතාමත් ඉහල හැසිරවීමේ හැකියාවක් සුබාරු රථවලට නිසැකයෙන්ම හිමිවේ.

ඒවගේම සිලින්ඩර් 4ක එන්ජිමකින් වුවද වෙනස්ම ආකාරයේ එන්ජින් ශබ්දයක් මෙම රථය සතු වීමට හේතුවද මෙම සුවිශේෂී boxer එන්ජිම නිසා හිමිවේ.තවත් මෙවැනිම boxer ආකාරයේ එන්ජින් නිපදවන අනෙකුත් සමාගම් ලෙස Volkswagon සහ Porsche සමාගම් හැදින්විය හැකියි.`

අද අපි මාතෘකාව ලෙස තෝරාගත් 2020 wrx sti යනු Impreza රථවල හතරවන පරම්පරාවේ නවතම සාමජිකයයි.මෙයට පෙර නිපදවූ පළමු පරම්පරාවේ (1992-2001) Impreza රථය classic eye ලෙසත් දෙවන පරම්පරාවේ (2002-2007) රථයන් bug-eye(ප්‍රධාන ලාම්පු වල හැඩය කෘමියෙකුගේ ඇස් ආකාරයෙන්), blob eye සහ hawkeye(උකුස්සෙකුගේ ඇස් සහ හොට ආකාරයට) යන facelift මාදිලි ලෙසත් (2008-2014) මාදිලි stinkeye ලෙසත් 2015 සිට අද දක්වා මාදිලි Evo eye(Mitsubishi Evo රථයේ ප්‍රධාන ලාම්පු වලට සමාන ආකාරයෙන් නිසා) සහ swift eye යන අනුවර්ත නාමවලින් හැදින්වෙනවා.

මෙහිදී Impreza Wrx රථයට වඩා වැඩි බලයක් සහිත රථය sti ලෙස හැදින්වෙන අතර පෙනුමෙන් එක සමාන ලක්ෂණ රථ දෙකටම හිමි වන අතර sti රථයට Wrx රථයට වඩා වැඩි අශ්වබල ගණනක් හිමිවීම සිදු වනවා.Subaru wrx රථවලට පාරම්පරිකව ලැබෙන රත්රන් පැහැති wheels සහ නිල්පැහැති වර්ණය මුල් කාලයේදී රැලි තරගවලට අනුග්‍රහය දැක්වූ ආසියානු දුම්වැටි නිෂ්පාදනය කරන සමාගමක් වන company state express 555 හි නිල වෙළද ප්‍රචාරණ වර්ණ ලෙස හැදින්වේ.

තවදුරටත් ඔබ දැනගත යුතු කරුණු ලෙස WRX යන්නෙහි තේරුම world rally experiment ලෙසද STI යන්නෙන් හදුන්වන්නේ Subaru Technica International වන බවත් මතක් කල යුතුම කරුණු දෙකකි.

2020 නවතම Wrx STI රථයට තම උපතේදීම turbocharged 2.5 L එන්ජිමක් ලැබෙන අතර 6-speed manual transmission එකක් සමග sport රථවලට පමණක් සුවිශේෂිව හිමිවන Recaro seats, Brembo ceramic brakes සහ sporty suspension සමග පුර්ණ AWD පහසුකම ස්වභාවයෙන්ම හිමිවේ.

2020 නවතම Wrx STI රථයට තම උපතේදීම turbocharged 2.5 L එන්ජිමක් ලැබෙන අතර 6-speed manual transmission එකක් හෝ 8 speed CVT transmission එකක් සමග sport රථවලට පමණක් සුවිශේෂිව හිමිවන Recaro seats, Brembo ceramic brakes සහ sporty suspension සමග පුර්ණ AWD පහසුකම ස්වභාවයෙන්ම හිමිවේ.අශ්ව බල 341 කින් යුතු WRX රථය 0 සිට 100 දක්වා පැමිණීමට ගතවන්නේ 4.9S පමණක් වන අතර උපරිම වේගය පැයට කිලෝමීටර් 250 ක් පමණ වේ.

අවසානයේදී විශේෂයෙන් මතක් කල යුතු කරුණු ලෙස ඇමෙරිකාව ඇතුළු බොහෝ රටවල දෙවන වරට වැඩිම ඉල්ලුමක් සහිත රථ ලෙස සුබාරු රථ හැදින්වෙන අතර පසුගිය අවුරුදු 12 ඇතුලත නිපදවන ලද සුබාරු රථවලින් 96 % කට අදික රථ ප්‍රමාණයක් අදටත් ධාවන තත්වයේ ඇති බව වාර්තා විසින් පවසනු ලබයි.ඇමෙරිකාව තුල වැඩිම සොරකම් වලට භාජනය වන මෝටර් රථ වෙළද නාමය ලෙසද Subaru හැදින්වෙන අතර අකමැත්තෙන් වුවද වැඩි පුරම මාර්ග නීති කඩ කරන්නන් ධාවනය කරනු ලබන රථය ලෙසද Subaru Wrx රථය නම් දරා ඇති බව කිවයුතුමය.

අනෙකුත් බොහෝ මෝටර් රථවල දැක ගත නොහැකි AWD පහසුකම හේතුවෙන් තරමක් වැඩිප්‍රමාණයක පුද්ගලයන් සහිත පවුල් වලත් නගරයෙන් පිටත චාරිකා සදහා ප්‍රිය කරන බොහෝ පුද්ගලයන්ගේ තේරීම Subaru රථවලට යොමුවී ඇත.කටුක මාර්ගවල අපහසුවෙන් තොරව ගමන් කල හැකි වීමත් අදික හිම පතනය සහිත ප්‍රදේශවල අපහසුවෙන් තොරව ගමන් කිරීමටත් සුබාරු රථවලට ගමන් කිරීමට හැකිවීමට සුබාරු රථවල ජනප්‍රියතාවයට හේතුවයි.අනෙකුත් ප්‍රතිවාදී AWD මෝටර් රථ නිපදවන ජර්මානු AUDI රථවලට වඩා මිලෙන් අවම වීමත් විශ්වාසවන්ත බාවයෙන් ඉහල වීමත් පහසුවෙන් modify කිරීමට හැකියාවත් සුබාරු රථවල අසීමිත ජනප්‍රියත්වයට හේතුවයි.

Leave a reply

Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...