කාර්යබහුල දිනයක අවසන් හොරාවන් ඒ වනවිට ගෙවෙමින් තිබු අතර සවස් යාමය දකුණු කැලිෆෝර්නියාව වෙලාගනිමින් තිබිණ .එනමුත් හදිසියේම මෙම ඒකාකාරී බව බිදමින් උතුරු කැලිෆෝර්නියාව දෙසට මාර්ග නීති නොසලකා හරිමින් ගමන් ගන්නා සුදු පැහැති බ්රෝන්කෝ රථයක් පසුපස පොලිස් මෝටර් රථ විශාල ගණනක් ලුහුබදිමින් තිබින.ඉහල අහසේ ගමන් ගන්නා හෙලිකොප්ටර් යානා නමයක් මගින් මෙම උණුසුම් ලුහුබැදීම සජීවීව පටිගත කරමින් තිබු අතර මුළු අමෙරිකාව පුරා නාලිකා වලින් මෙම සිදුවීම වාර්තා කිරීමට පෙලබුන අතර මිලියන 95ක් වූ ජනතාව ඒ වනවිට මෙම සිදුවීම නරබමින් සිටියහ.
බොහෝ විට මෙවැනි ලුහු බැදීම් සාමාන්‍ය සිදුවීම් ලෙස සැලකුනද මෙතරම් අවධානයක් මේ සදහා යොමු වීමට හේතු වුයේ ඇමෙරිකාවේ ජනප්‍රිය NBA(බාස්කට් බෝල්) තරුවක් වූ O.J simpson මෙම පලායන Bronco රථයේ ගමන් ගනිමින් සිටීමයි.මෙම සිදුවීමට දින දෙකකට පෙරදී තමාගේ පෙර බිරිද ඇතුළුව තවත් මනුෂ්‍ය ඝාතනයකට ප්‍රධාන සැකකරු ලෙස හදුනා ගෙන තිබු ඔහු පොලිසිය මගින් නිකුත් කරන ලද වරෙන්තුව නොසලකා හරිමින් මේ අයුරින් පලායමින් සිටියේය.
ඔහුගේ මිතුරෙකු විසින් ධාවනය කරනු ලැබූ Bronco රථයේ O.J simpson තම තුවක්කුවද අතැතිව ගමන් කරන බව පෙනී තිබු අතර ඔහු තම සිය දිවි හානි කරගැනීමේ අදහසින් සිටින බවට සජීවී දුරකථන සංවාදය තුලින් හෙළිදරව් විය.ඇමෙරිකාවේ සුපිරි ගණයේ තරුවක් වූ ඔහු වෙනුවෙන් මාර්ග දෙපස ඔහුට ආදරය කරනු ලැබූ බොහෝ පිරිසක් පුවරු එල්ලාගෙන ඔහුට සහයෝගය පළකිරීමට අධිවේගී මාර්ගය දෙපසට පැමිණ තිබු අතර තවදුරටත් පොලිස් රථවලින් මෙම ලුහු බැදීම සිදු විය.කෙසේවුවත් මිනිත්තු 120 ක් පමණ ලුහුබදිමකින් පසුව ඔහුගේ මවගේ නිවස ආසන්නයේදී ඔහුට පොලිසියට යටත් වීමට සිදු විය.
කෙසේ නමුත් මෙම සිදුවීමෙන් පසුව O.J simpson මාස ගණනක් තිස්සේ කරනු ලැබූ නඩු තීන්දුවකින් නිවැරදි කරු ලෙස අධිකරණය විසින් තීරණය කරනු ලබන්නේ අමෙරිකානු ඝාතන ඉතිහාසයේ ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් වශයෙනි.මෙම සුදු පැහැති Bronco රථයේ රියදුරු අසුනේ ලේ පැල්ලම් ඇතුළුව බොහෝ සාක්ෂි ඔහුට විරුද්ධව එල්ල වුවද අවසානයේ බලය සහ මුදල් මත ඔහු නිදහස් වීම සිදුවිය.ඉතින් මෙම සිදුවීම හා බැදුණු Ford Bronco රථයේ ලුහුබැදීම වර්තමානේය්දිත් Bronco රථයේ දීර්ඝතම රුපවාහිනි වෙළදදැන්වීම යැයි උපහාසයෙන් මෙන් බොහෝ දෙනා සිහියට නගන්නේ මෙම ආන්දෝලනාත්මක අදටත් සිහිගන්වමිනි.
The Bronco Chase ලෙස ජනප්‍රියත්වයට පත්වුණ මෙම සිදුවීම හේතුවෙන් Bronco රථය එකල ඇමෙරිකාවේ ජනප්‍රියතම මෝටර් රථය ලෙසද හැදින්විය.පසුව Bronco රථ සදහා ඉල්ලුමද ආසන්න වසර කිහිපයකදී ඉහල ගියේය.කෙසේ නමුත් තවත් වසර දෙකකින් පසුව Bronco රථ නිෂ්පාදනය නවතා දමනු ලබන අතර එයට හේතුව වුයේ දොර දෙකේ SUV රථයක් වෙනුවට බොහෝ පාරිභෝගිකයන් විශාල ඉඩකඩක් සහිත රථයකට ඉල්ලුම වැඩිවීම හේතුවෙනි.මේ අනුව Ford Expedition සහ Ford Explorer යන රථවලින් Bronco රථයේ අඩුපාඩුව පිරිමසාගැනීමට Ford සමාගමට සිදුවිය.
නමුත් නැවත වසර 24 කට පසුව නැවතත් Ford Bronco රථය නැවත වෙළදපොලට ගෙන ඒමට Ford සමාගම සමත්වූ අතර නව රථය එළිදැක්වීමට කටයුතු යොදා තිබුනේ පසුගිය ජුලි මාසයේ 9 වනදාය එනම් O.J simpson මහතාගේ උපන්දිනය දවසේය.නමුත් පසුව එම දිනය වෙනත් දවසකට වෙනස් කරනු ලැබුණ අතර ජුලි මාසයේ 13 වන දින නව Bronco රථය හදුන්වා දීම සිදු කරන ලදී.වසර ගණනකට පසුව Range Rover සමාගම Defender රථයට පණදුන් ලෙසම පැරණි Bronco රථයේ ගති ලක්ෂණ තවදුරටත් පවත්වා ගනිමින් නව Bronco රථ පෙළක් හදුන්වා දීමට Ford සමාගමට හැකිවිය.තම පැරණි සම්ප්‍රදායන් රැකගනිමින් නව නිපැයුමක් ඉදිරිපත් කිරීම දුෂ්කර කාර්යයක් වන නමුත් Ford සමාගමේ මෙම අභියෝගයට හොදින් මුහුන දී ඇති බව පෙනේ.
නව පෙනුමක්, නවෝත්පාදන මෝස්තරයක් සහ පුළුල් නිෂ්පාදන පෙළක් සහිතව නව බ්‍රොන්කෝ රහට පෙල පෙනුමෙන් පමණක් නොව හැකියාවෙන්ද තම ප්‍රතිවාදී Jeep Wrangler රථයට නව අභියෝගයක් ලබාදී ඇති බව පෙනී යන කරුණකි.
වර්ෂ 1917 දී පළමු වරට හෙන්රි ෆෝඩ්(Henry Ford)විසින් Model TT නම්වූ පළමු ට්‍රක් රථය හදුන්වා දීමෙන් පසුව ලෝක යුධ සමයෙන් පසු ට්‍රක් රථ නිපදවූ අතලොස්සක් සමාගම් වල නිෂ්පාදනයන් අතරින් Bronco රථයට සුවිශේෂි ස්ථානයක් හිමිවේ.යුධ කටයුතු සදහා නිපදවු ට්‍රක් රථ වලින් පසුව මාර්ගයෙන් පිටත ධාවනය(Off Road) සදහා මෙන්ම අධිවේගී මාර්ගවල යන දෙආකාරයෙන්ම එක සමානව හැකියාවන් සහිත රථයක් නිපදවීම Ford සමාගමේ අරමුණක් වී තිබිණ.
ඒ අනුව එනම් ඕනෑම භූමියක පහසුවෙන් ගමන් කළහැකි (goes over any terrain) යන තේමාව මුල් කරගනිමින් (Bronco )බ්රෝන්කෝ යන කේත නාමය යටතේ සැලසුම් සහ නිෂ්පාදනය වූ අතර Ford සමාගමේ සම කාලින ක්‍රීඩාශීලි රථය Mustang (බටහිර ඇමෙරිකාවේ වෙසෙන හිලෑ නොකරන ලද අශ්වයන්)ලෙසත් SUV රථය ලෙස Bronco (බටහිර ඇමෙරිකාවේ වෙසෙන අඩක් හිලෑ කරන ලද වනගත අශ්වයන්) යන නාමයන් යටතේ නිෂ්පාදනය කටයුතු ආරම්භ විය.
පළමු Bronco යන නාමය වෙනුවට bravo,caballero,custom,explorer,gaucho,rustler,spring,trailblazer යන නාමයන් යෝජනා වී තිබුනද අවසාන නාමය ලෙස Bronco වෙළද නාමය ලෙසම ඉදිරියට ගෙන යාමට ඔවුන් තීරණය කර තිබිණ.පළමුව Roadster,Wagon,Sport Utility ලෙස මොඩලයන් තුනකින් වෙළද පොලට නිකුත් කිරීම සිදු වුන අතර දොරවල් නොමැති,වහල නොමැති මෙන්ම දොරවල් දෙකක් පමණක් ඇති මොඩලයන් අයුරින් අලෙවි විම සිදු විය.පාරිභෝගිකයාගේ අවශ්යතාව්ය අනුව බොහෝ උපාංග වෙනස් කරගැනීමට හැකිවූ අතර වසර 1966 සිට 1973 දක්වා විශාල වෙනස්කම් සිදු නොකර ඇමෙරිකාව පුරාම අලෙවි වීම සිදු විය.
නමුත් වර්ෂ 1973 දී ඇතිවූ ආර්ථික අවපාතය සහ ඉන්ධන අර්බුධය හේතුවෙන් නව Bronco රථයක් හදුන්වා දීමේ සැලසුම් සියල්ල හකුලා ගැනීමට Ford සමාගමට සිදු විය.පසුව වර්ෂ 1978 දී F platform(F 150 රථයේ නිෂ්පාදන වේදිකාව අනුව) වැඩි දියුණු කරන ලද Bronco රථයක් හදුන්වා දුන් අතර එම එම රථයේම සුවිශේෂී රථයක් වර්ෂ 1979 දී පාප්තුමාගේ සංචාරයේදීද එතුමාගේ ගමනාගමනය සදහා යොදා ගනු ලැබිය.
වසර 1980 සිට 1986 දක්වා තරමක් කුඩා ප්‍රමාණයේ ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහිත නව Bronco 2 රථය නිෂ්පාදනය වූ අතර ඉදිරි වසර කිහිපයකදී විවිධ ආදේශක රථ සුළුවශයෙන් හදුන්වා දුන්නද Bronco රථවල වෙළදපොල විශාල ප්‍රමාණයේ SUV රථවලින් ආක්‍රමණය කිරීම සිදුවිය එලෙස අවසානයේදී වර්ෂ 1996 දී Bronco රථ නිෂ්පාදනය සම්පුර්ණයෙන්ම නවතා දැමිය.
නැවත වසර 24 කට පසුව නැවතත් Bronco රථය එළිදක්වන්නේ තම සමකාලින ප්‍රතිවාදීන් වන Jeep Wrangler,Jeep Cherokee,Range Rover Defender සහ Toyota Rav4 යන රථවලට නව ආදේශකයක් ලෙසිනි.
ප්‍රථම වරට දොරවල් 4කින් සමන්විත Bronco sport නම්වූ නව ලාබාල සහෝදරයා සමගින් නැවත වරක් ඇමෙරිකානු පොප් සංස්කෘතියේ සලකුණක් ලෙස සැලකෙන Bronco සන්නාමයට ජිවය ගෙන ඒමට Ford සමාගම දැරූ ප්රයත්නය ඉතාමත් සාර්ථක යැයි කිව හැකි වුවද එය Jeep Wrangler ලෝලීන්ගේ සතුටට කාරණයක් නොවන බව නම් පැහැදිලිවේ.
Bronco තම සුපුරුදු V8 එන්ජිම මෙවර අහිමි කරගෙන තිබුනද විවිදාකාර නව උපාංග හේතුවෙන් පාරිභෝගිකයන්ට අතිශයින් සතුටට පත්විය හැකි බව පෙනේ.සම්මත එන්ජිම 2.3 L Inline Turbo Charged එන්ජිමක් වන අතර එමඟින් අශ්වබල 270 ක් සහ රාත්තල් 310 ක ව්‍යවර්ථයක් නිපදවයි. අනෙක් විකල්පය වන්නේ අශ්වබල 310ක් සහ රාත්තල් 400 ක් ජනනය කරන twin turbo V-6 එන්ජිමයි.දොරවල් සහ මෘදු හෝ දෘඩ වහල(hard top roof ) ඉවත් කල හැකි අතර කල් පවතින, ජල ආරක්ෂිත පෘෂථයන් මෙහි කැබින් තුළ දැක ගැනීමට හැකිය.
සියළුම බ්‍රොන්කෝ රථවලට Terrain -response සහිත රෝද හතරේ ධාවන පද්ධතියකට(four wheel drive system) අනුරූප වේ. four-wheel-drive power split, transmission response, throttle tip-in, traction control සහ තවත් බොහෝ හැකියාවන් වැලි, හිම, මඩ, පාෂාණ සහ ඔබට හමු විය හැකි වෙනත් ඕනෑම බාධාවක් ජය ගැනීමට හැකි අයුරින් නිපදවා ඇත.මෙම නවතම Bronco රථය Base, Big Bend, Black Diamond, Outer Banks,Badlands, Wildtrak, First Edition යන මාදිලිවලින් පාරිභෝගිකයන්ට අවශ්‍ය පරිදි මිලදී ගත හැකිය.
කෙටින්ම කිවහොත් ෆෝර්ඩ් බ්‍රොන්කෝ පවුල වසර ගණනාවකට පසුව සම්පුර්ණ වී තිබේ ඒ අනුව බලන කල මෑත ඉතිහාසයේ අසීරුම වසර ගෙවා යමින් සිටින බොහෝ සමාගම් අතර Ford සමාගමට 2020 අසීරු වසරක් නොවන බවක් හැගී යයි.තත්වය එසේ වුවද වනගත අශ්වයන් සේ නිදහසේ සංචාරය කිරීමට බොහෝ 4×4 ධාවන ලෝලීන්ට තවත් කලක් බලා හිදීමට සිදුවේ යැයි අපට තර්ක කල හැකිය.නමුත් එවැනි නිදහස් දිනයක එළිමහන් අවකාශයේ සුන්දරත්වය සහ නිදහස උපරිමයෙන්ම විද ගැනීමට දෙපස දොරවල් සහ ඉහල වහලයන් නොමැති Bronco රථයක් අවශ්‍යම වේ යයි අපගේ අදහසයි.