2020 Audi R8 V10 RWD Coupe – Audi පවුලේ දගකාරයා තම ජන්ම ගතිගුණ වෙනස් කර ගනියි

ජර්මානු Audi පවුලෙන් ලෝකයට බිහිවුන විශිෂ්ඨතම මෝටර් රථය ලෙස හැදින්වෙන Audi Quattro රථයේ ජාන උපතින්ම හිමිවන වන රථයක් ලෙස Audi R8 රථය අවුරුදු ගණනක් තිස්සේ හැදින්වෙනවා. වර්ෂ 2006 දී Audi සමාගමේ පළමුවන mid-engine sport රථය ලෙස All-wheel drive ((රෝද සියල්ලටම එන්ජිමෙන් බලය සැපයෙන)පහසුකම සහිතව සිලින්ඩර් 10කින් යුතු 5.0L V 10 Bi-turbo එන්ජිමක් සහිතව R8 රථය හදුන්වා දිම සිදුවනවා.

එකල Audi සමාගමට බොහෝ විට අවශ්‍යතාවය තිබුනේ දිනපතා භාවිතයට (Daily Drive)ගත හැකි ප්‍රායෝගිකත්වය අතින් ඉහලින් sport රථයක් වෙළදපොලට හදුන්වා දීමයි.මේ අනුව ප්‍රායෝගිකත්වය අතින් ඉතා ඉහල රථයක් ලෙස අනෙකුත් sport රථ පරදවමින් සුව පහසුව, ඉඩකඩ, වේගවත් බව සහ හැසිරවීමේ පහසුව,නවීනතම තාක්ෂනය ඇතුළු අනෙකුත් සාධක වලින් R8 රථය අනෙකුත් sport රථ අතුරින් ඉහලම රථයක් බවට පත් වුනා.

මෙහිදී හදුන්වා දුන් all-wheel-drive පද්ධතිය සහ turbo යන දෙකම මුලින් කිවූ Audi Quattro රථයට ආවේනික වූ ලක්ෂණයන් වුනා.වර්ෂ 1980 දී Audi Quattro රථය WRC (World Rally championship) ලෝක රැලි තරගාවලි බොහොමයක් ජයග්‍රහණය කරමින් රැලි ධාවන පථය ආක්‍රමණය කරන ලදී.පළමුව Subaru සමාගම විසින් රැලි තරග සදහා all-wheel-drive රථයක් හදුන්වා තිබුනද Quattro රථය පැමිණීමට පෙර all-wheel-drive රථ එකල offroad රථ සදහා පමණක් යොදා ගැනීමට නීතියෙන් අවසර ලැබී තිබුනා.

නමුත් 1980 සිට 1991 දක්වා Audi සමාගම විසින් Quattro රථ නිපදවූ අතර 1991 දී එම රථ නිපදවීම නවතා දමනු ලබනවා .කෙසේවුවත් Quattro නාමය තමාගේ වෙළද නාමයක් කරගනිමින් Quattro රථයේ ප්‍රධාන ගති ලක්ෂණය වූ all -drive පද්ධතිය සහිතව generation I, ii, iii, iv සහ v වශයෙන්අවුරුදු ගණනක් තිස්සේ නිෂ්පාදනයන් සිදුවනවා. එතැන් සිට A4, S4, RS 4 වැනි ප්‍රසිද්ධ මාදිලි (එන්ජින් ධාරිතාවයන්,මෝටර් රථ පන්තිය සහ ඉන්ධන වර්ගය අනුව AWD පද්ධතිය අනිවාර්ය වීම වෙනස් වේ)ඇතුළු බොහෝ මෝටර් රථ මාදිලිවලට Quattro all-wheel-drive system එක standard ලෙස ලැබිම සිදුවෙනවා.

මෙහිදී සදහන් කලයුතුම විශේෂ කරුණු වන්නේ පළමුව හදුන්වා දුන් R8 රථය බොහෝ ආදායම් වාර්තා බිද දමමින් අලෙවි වුන අතර තම ස්වදේශීය සගයන් වන Porsche සමාගමේ 911 මාදිලිවලට අයත් වූ රථ වලටත් ඉතාලියානු සමාගම් වූ Lamborghini සමාගමේ Gallardo රථය ඇතුළු බොහෝ රථයන් වලට කරට කර තරගයක් දීමට හැකි වීමයි.

front-engine මාදිලි නිපදවා තිබු Audi සමාගමට පළමුව mid-engine (එන්ජිම රථයේ මැද කොටසට වන්නට පිහිට ඇති)රථයක් නිපද වීම විශාල අභියෝගයක් වුවද එම අභියෝගය ජය ගනිමින් ඉතාමත් සාර්ථක sport රථයක් නිපදවීමට ඔවුනට හැකි වුනා.ඒවගේම led daytime running lights, driving assist systems ඇතුළු බොහෝ නවතම විශේෂාංග රාශියක් මෙම රථය සතු වීම තාක්ෂනය අතින් අනෙකුත් රථ අභිබවා යෑමට මෙම රථය සමත් වුනා.

කෙසේවුවත් generation ගණනාවකට පසුව වර්ෂ 2018 දී RWS (Rear wheel drive series) යන නාමයෙන් සීමිත ප්‍රමාණයක් නිපදවන ලැබූ R8 මාදිලියක් නිකුත් කරන ලද අතර මෙම රථයAWD රථයට වඩා මිලෙන් අවම වූ අතර (net weight )ස්කන්ධය ද AWD රථයට වඩා අවම අගයක් ගනු ලැබුවා.මෙහිදී සමාගමේ අරමුණ වුයේ අඩු මිලකට R8 රථයේම හැකියාවන් අත් විදිය හැකි රථයක් නිපදවීමයි.

එම අරමුණම තවදුරටත් ඉදිරියට ගෙන යමින් AWD රථයේ බලයට වඩා තරමක් බලයෙන් අඩු මිලෙන් අඩු නමුත් AWD R8 රථයක හැකියාවන් ආසන්න වශයෙන් සමාන වන සීමිත RWD(පිටුපස රෝද වලට පමණක් එන්ජිමෙන් බලය සැපයෙන) රථ 999 ක් නිපදවිමට Audi සමාගම තීරණය කරන ලැබූ අතර 2020 වර්ෂයේ මුල සිට මෙම රථය මිලදී ගත හැකි බවට ආරංචි මාර්ග පවසනවා.

මෙම RWD (rear-wheel drive) රථය handling (හැසිරවීම) අතින් AWD රථයට වඩා ඉදිරියෙන් සිටින බවත් වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහිතව අශ්ව බල 533 කින් යුත් Audi non plus AWD රථයට(R8 plus මාදිලිය අශ්වබල 602 කින් යුත් මිල අධිකතම R8 මාදිලිය වේ) යොදා ගත් V10 එන්ජින් වර්ගයම මෙහිදී භාවිතා වන බව සමාගම පවසයි.මෙම රථයට 0 සිට 100 දක්වා වේගයකට පැමිණීමට ගත වන්නේ තප්පර 3.7 ක් පමණක් වන බවද සැලකේ.අමතර වශයෙන් spyder (දොරවල් දෙකක් ඇති වහලය වීවෘත කළහැකි රථ මාදිලියක්)මාදිලියට අයත් රථයක්ද වෙළදපොලට නිකුත් වන අතර මේ රථ දෙකටම ලබාගත හැකි උපරිම වේගය 320kmph වන බවත් කිව යුතුය.

අවසාන වශයෙන් Audi පවුලේ වේගවත් දගකාරයා තරමක් තමන්ගේ සැර බාල කරගෙන සිටියද තම අභියෝගකාරී ධාවන රටාවේ එතරම් වෙනසක් සිදුකොට ගෙන නැතැයි අවිවාදයෙන්ම කිව හැක.

Leave a reply