2019 Mercedes Benz AMG GTR – හරිත නිරයේ සීමාවන් අතික්‍රමණය කරමින් නව අභියෝගයන් හඹා යන්නා

Mercedes Benz යන නාමය ඇසුන ගමන්ම බොහෝ දෙනෙකුට සිහියට නැගෙන්නේ පරම්පරා ගණනක් තිස්සේ පැවතගෙන එන ජනප්‍රියතම අතිශය සුඛෝපභෝගී ජර්මානු මෝටර් රථ සන්නාමයක් ලෙසයි.එදා අතීතයේ සිටම වර්තමානය දක්වා සුඛෝපභෝගීබව,සැප පහසුව,නවීන තාක්ෂණයේ සහ ධනවත් බවේ සංකේතයක් ලෙස සැලකෙන Mercedes රථවලට AMG නාමය එක්වූ විට සුපුරුදු Benz රථයක ජානමය ලක්ෂණ විශාල වශයෙන් වෙනස් වේ.වේගවත් බව මුලික කොටගත් ආක්‍රමනශීලි ජානමය ලක්ෂණ පහල වෙමින් ක්‍රීඩාශිලිත්වයට නැබුරුවක් එමගින් සිදුවනවා යැයි අර්ථ දැක්වීම නිවැරදි වේ.

AMG සන්නාමය පිළිබද පෙරදී විමසා තිබුනත් ඒ පිලිබදව කෙටි විස්තරයක් නැවතත් ගෙන එම උචිත යැයි අපි සිතන්නෙමු.මෙහිදී අප හදුන්වන AMG යනු Mecedes සමාගමේ High performance අංශයයි එහෙමත් නැත්නම් සුපුරුදු ලෙස කිවහොත් (Sports devision) ක්‍රීඩාශීලි රථ නිපදවීමේ අංශයයි.BMW සමාගමේ M(Motorsport) සන්නාමය, Audi සමාගමේ Quattro S(Sport) සහ RS (Racing Sport)සන්නාමයන්, Chrysler සමාගමේ SRT (Street & Racing Technology) ඇතුළු බොහෝ මෝටර් රථ සමාගම් වලට තම තමන්ට අනන්‍ය වූ සන්නාමයන් ඇති අතර Mercedes සමාගමේ මෝටර් රථ ධාවන සහ ක්‍රීඩාශීලි මෝටර් රථ නිපදවන අංශය AMG ලෙස හදුන්වනු ලබයි.

Mercedes සමාගම AMG සන්නාමය සමග එකට එක්වී මෝටර් රථ නිපදවන්නේ මෑතක සිට නොවේ එහි ඉතිහාසය අඩ සියවසකට එහාට ගෙන යන අතර මෙම සමාගම වර්ෂ 1960 දී Hans Werner Aufrecht,Erhard Melcher යන පුද්ගලයන් දෙදෙනා විසින් ආරම්භ කරන ලද සමාගමකි.මුල් කාලයේදී Daimler AG ලෙස හැදින්වූ Mercedes සමාගමේ රැකියාවක නිරතවී සිටි Hans Werner Aufrecht මහතාට තමන්ගේම මෝටර් රථයක් නිපදවා මෝටර් රථ ධාවන තරගවලට ඉදිරිපත් කිරීමේ සිහිනයකින් පෙලින.පසුව ඔහු එම සමාගමෙන් අස්වී Erhard Melcher සමග එකතුවී මෝටර් රථ ධාවන තරග සදහා නව රථයක් නිපදවීමට අදිටන් කරගත්තේ ඉදිරි දිනයකදී තමන්ගේම කර්මාන්තශාලාවක් ආරම්භ කරන අදහසිනි.

එකල ජර්මනිය තුල සුලභව භාවිතා වූ ජනප්‍රියතම saloon වර්ගයේ මෝටර් රථයක් වූ Mercedes Benz 300 SE රථයකට Mercedes Gulwing 300 SL රථයක වැඩිදියුණු කල එන්ජිමක් සවි කොට එම රථය මෝටර් රථ ධාවන සදහා යොදා ගැනීමට හැකිවිය.සාමාන්‍ය දොර හතරේ Mercedes රථයක් ලෙස පෙනුනද හැකියාවෙන් ඉහලවූ එම රථය යොදා ගනිමින් German Touring Championship තරගාවලිය ඇතුළු විවිදාකාරයේ තරග විශාල ප්‍රමාණයකින් ජයග්‍රහණය කිරීමට ඔවුනට හැකිවිය.මෙලෙස AMG සමාගමේ ආරම්භය සිදුවීම ඇරබුන අතර බොහෝ පුද්ගලයන්ට තම සාමාන්‍ය මෝටර් රථයන්ට නව පෙනුමක්,නව හැකියාවක් සහ ක්‍රීඩාශිලිත්වයක් ආරුඩ කර ගැනීමට බොහෝ සෙයින් උවමනා වී තිබිණ.ඒ අනුව ජර්මනියේ විශාල පාරිභෝගිකයන් ප්‍රමාණයක් ඔවුන් වෙතට ආකර්ෂණය වූ අතර Mercedes සමාගමද ඔවුන් සමග ගිවිසුමකට එලබුනේ ඔවුන්ගේ සමාගමේ ක්‍රීඩාශීලි රථ නිපදවීමේ සියලුම වගකීම ඔවුනට ලබා දෙමිනි.

ඒ අයුරින් වසර ගණනක් තිස්සේ Mercedes නාමය මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ ඉහලටම ගෙන ඒමට AMG සන්නාමයට හැකිවිය.European FIA GT 3 තරගාවලිය,24 Hours Lemans තරගාවලිය ඇතුළු ලොව නන් දෙසින් පැවති තරගාවලිවලින් එක පිට එක ජයග්‍රහනයන් ගෙන ඒමට Mercedes සහ AMG සුසංයෝගයට හැකිවිය.

දැනට ඇති ලොව පැරණිම මෝටර් රථ සමාගම ලෙස සැලකෙන Mecedes සමාගම ෆොර්මියුලා වන් ධාවන ක්ශේත්‍රයේද ආරම්භක සාමාජිකයෙකු වන අතර වර්තමානයේ ලොව අංක එකේ F1 කන්ඩායම බවටද පත්ව තිබේ.වසර ගනනක් තිස්සේ තම ආධිපත්‍ය පතුරුවාගෙන සිටි ප්‍රබල Scuderia Ferrari කණ්ඩායම පසෙකට ඇද දමමින් පළමු ස්ථානයට පැමිණීමට ලෝක ශුර ලුවිස් හැමිල්ටන් ඇතුළු Mercedes AMGකණ්ඩායමට දැන් හැකිවී තිබේ.

කෙසේ වෙතත් මෙම ගමන ඔවුන් ඉතා පහසුවෙන් ලගා කර ගත් දෙයක් නොව ඉතාමත් අසීරු ගමනක නිරතවෙමින් බාධක මධ්‍යයේ ලබාගත් ජයග්‍රහණයකි.එම බොහෝ ජයග්‍රහණයන් Mercedes නාමය sports Cars සිමාවේ සිට super Cars සිමාව දක්වා රැගෙන ඇති බව කිවහොත් වෙනත් අයුරකින් සත්‍යය වේ.

විශාල බදක් සහිත දොරවල් 4කින් සමන්විත සැපපහසු saloon වර්ගයේ මෝටර් රථයන්ට වුවද ක්‍රීඩාශීලි මෝටර් රථ සමග උරෙන් උර ගැටීමට හැකි බව AMG සන්නාමය රැගත් Mercedes රථයන් විසින් වසර ගණනක් පුරා ලොවට ඔප්පු කරන ලදී.වර්ෂ 1984 සිට අද දක්වා නිපදවූ AMG රථයන් වූ AMG 190E,190E Evolution2,E60,C63,E55,SL 73 ඇතුළු රථ මාදිලි විශාල ගණනක් ඒ සදහා සාක්ෂි දරයි.

මේ අනුව බලන විට AMG GTR යනු mercedes මෝටර් රථ මාදිලිවලින් ඉහලම කාර්යක්ෂමතාවයක් සහිත ඉහල වේග සදහා වැඩිදියුණු කරන ලද මෝටර් රථ ධාවන තරගයන් ඉලක්ක කරගනිමින් නිපදවනු ලැබූ road legal production රථයක් ලෙස හැදින්විය හැකිය.පළමුව වර්ෂ 2010 දී එළිදැක්වුණ SLS AMG රථයට බොහෝ සමාන අයුරින් මෙම නව AMG GT R රථය නිපදවා ඇති අතර පෙර පැමිණි SLS AMG GT Roadster,AMG GT S ,AMG GT C යන රථවලට වඩා බලයෙන් වේගයෙන් සහ හැකියාවෙන් ඉහලම රථය ලෙස GTR රථය හදුන්වා දිම සිදු විය.

මෙම නව රථය දෙස බැලු බැල්මට පෙනී යන්නේ Front Engine මෝටර් රථයක් ලෙස වුවද මෙය සැබවින්ම Mid Engine මෝටර් රථයකි එයට හේතුව වන්නේ මෙහි එන්ජිම පිහිටා ඇත්තේ ඉදිරිපස ඇක්සලවලට (Front axle)පිටුපසින් වීමයි.ඉදිරියට නෙරා ගිය මෝරෙකුගේ නාසයක් ලෙසින් ඉදිරිපස පෙනුම දර්ශනය වීම මෙම රථයට වෙනස්ම ආකර්ශනයක් ගෙන එන බව නොරහසකි.ඒ වගේම වායු ගතික විද්‍යාවට(aerodynamics) අනුව ඉහල වේගවලදී පොලොව මත ග්‍රහණය හොදින් පවත්වාගත හැකි අනාකුල හැඩය උපරිම ලෙසින් පවත්වාගෙන ඇති බව මැනවින් පැහැදිලි වේ.

රථයේ සම්පුර්ණ බර අවම කරගැනීම සදහා කාබන් ෆයිබර්(carbon fiber),ටයිටෙනියම්(Titanium) සහ මැග්නීසියම් (Magnesium) රථයේ බද නිපදවීමට භාවිතා කර ඇත.විශේෂ උපාංග ලෙස කාණ්ඩ 9කට වෙන් කරන ලද සුවිශේෂි Traction control පද්ධතියකින් GTR රථය සමන්විත වන අතර ඝර්ෂණය අවම ස්ථාන වලදී රියදුරාට අවශ්‍ය පරිදි හැසිරවීම සදහා මෙම විශේෂාංගයට විවිද මට්ටම් 9ක් හදුන්වා දී ඇත.

තවදුරටත් GTR රථයට පළමු වරට හදුන්වා දුන් active rear wheel steering පද්ධතිය හේතුවෙන් හැසිරවීමේ හැකියාවෙන් ඉහලම තලයේ රථයක් ලෙස හදුන්වා දිය හැකිවේ.රථයේ ඉදිරපස පහල කොටසේ පිහිටා ඇති active aerodynamic splitter කොටස මගින් අවශ්‍ය පරිදි රථය ධාවනය වන තලයට සමාන්තරව පවත්වාගැනීමට උපකාරි වන අතර තවදුරටත් GTR රථයට පළමු වරට හදුන්වා දුන් active rear wheel steering පද්ධතිය හේතුවෙන් හැසිරවීමේ හැකියාවෙන් ඉහලම තලයේ රථයක් ලෙස හදුන්වා දිය හැකිවේ.

රථයේ ඉදිරපස පහල කොටසේ පිහිටා ඇති active aerodynamic splitter කොටස මගින් අවශ්‍ය පරිදි රථය ධාවනය වන තලයට සමාන්තරව පවත්වාගැනීමට උපකාරි වන අතර පිටුපස පිහිටා ඇති double rear diffusser කොටස් මගින් රථය පිටුපසට බද පුරා ගමන් කරනු ලබන වායුන් තෙරපීම මගින් පිටුපස ඇක්සලයේ (Rear Axle) ස්ථායිතාවය වැඩි කරනු ලබයි.

AMG රථයට සිලින්ඩර් 8කින් යුත් V8 Bi Turbo එන්ජිමකින් බලය සැපයෙන අතර අශ්වබල 577 කින් සමන්විත මෙම රථයට උපරිම වේගය ලෙස පැයට කිලෝමීටර් 318 ක වේගයක් ලබාගත හැකි අතර වේගය 0 සිට 100 දක්වා ගෙන ඒමට ගත වන්නේ තප්පර 3.6 පමණයි.ඒ අනුව GTR රථය සුපිරි මෝටර් රථ කාණ්ඩයට වැටෙන බව දැන් ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ.තවදුරටත් විස්තර කරන්නේ නම් සුප්‍රකට ජර්මානු ධාවන පථය වන Nurbergring පථයේ වාර්තා තැබූ Ferrari 488,Porsche GT3 RS සහ Corvette Z01 යන සුපිරි රථවලට වඩා අඩු කාලයක් GTR රථය වාර්තා කොට ඇත.

වර්ෂ 2016 දී (Green Hell) ලෙස හදුන්වන Nurburgring ධාවන පථයේ වේගවත්ම Rear wheel drive රථය බවට පත්වීමට AMG GTR රථයට හැකිවූ අතර හරිත නිරයේ මෘගයා “Beast of the Green Hell” ලෙස එතැන් පටන් මෙම රථය හැදින්වීමට පටන් ගැනින.

ඉතින් මෙම සියලුම කාරණා සලකා බලන විට Mercedes රථවලට ආවේනික වූ සැපපහසුව,ගුණාත්මක බව,ප්‍රායෝගික බව AMG නාමය සතුවන ,බලවත් බව,වේගවත් බවට සුසංයෝග වූ විට ලැබෙන අවසාන ප්‍රතිපලයට හරිත නිරයේ මෘගයා යැයි නමක් පටබැදීම අසාධාරණ නොවේ යැයි අපගේ හැගීමයි.

Leave a reply

Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...