Jeep සමාගමේ අතීතයෙන් බිදක්
Jeep wrangler රථයේ විශ්මයජනක හැකියාවන් දකුණු දිග අප්‍රිකාවේ සහරා කාන්තාරයේත්,කැලිෆෝර්නියාවේ රුබිකොන් කදු මුදුන් අතරත්,දකුණු දිග ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයන්හි පමණක් නොව වසර 75කට එපිට දෙවන ලෝක යුධ සමය දක්වා දිව යයි.දෙවන ලෝක යුධ සමයේ ඇමෙරිකානු හමුදාවේ ගමනාගමනය සදහා යොදා ගැනුණු ජීප් රථයක් ලෙස ආරම්භ වී පසුව සිවිල් ජනතාව සදහා නිපදවූ රථයක් ලෙස Jeep Wranger රථය හදුන්වා දිය හැකියි.මුල් කාලයේදී මෙම Jeep සමාගම හැදින්වූයේ Willys overland සමාගම ලෙස වන අතර ඔවුන් විසින් වර්ෂ 1941 දී Willys MB ලෙස පළමු වරට මෙය ඇමරිකානු යුධ හමුදාව සදහා හදුන්වා දෙන ලදී.අශ්වබල 60 කින් සමන්විත වූ මෙම රථයන් 4500ක් නිපදවීම සදහා කොන්ත්‍රාත්තුව Willys overland සමාගම වෙත පැවරිණ.ඉන්පසුව දවස් 49ක් ඇතුලත පළමු ජීප් රථය නිපදවීම සිදු කරනු ලැබූ අතර සම්පුර්ණයෙන්ම අතින් පමණක් රථයේ නිෂ්පාදන කටයුතු සිදු විය.
මෙම නව නිපැයුම අමෙරිකානු යුධ හමුදාවේ ගොඩබිම් හමුදා ක්‍රියාන්විතන්හි සුවිශාල වෙනසක් සිදු කිරීමට සමත් වූ අතර Custom All wheel drive පද්ධතියක් සහිතව නිපදවීම හේතුවෙන් අසීරු ගොඩබිම් ඉලක්කයන් අපහසුවකින් තොරව තරණය කිරීමටත්,සැපයුම් රථයක්,ගොඩබිම් ප්‍රහාරක රථයක්,ගිලන් රථයක් මෙන්ම විවිද වර්ගයේ සේවාවන් විශාල ප්‍රමාණයක් මෙම රථය මගින් සපුරා ගැනීමට ඔවුනට හැකිවිය.
පිලිවෙලින් වර්ෂ 1940 සිට BRC රථයත් (45hp | 79 Inch Wheels), වර්ෂ 1941 දී Willys MB රථයත් (60hp,80 Inch Wheels), වර්ෂ 1945 දී Willys CJ 2A (60hp,80 inch)රථයත් හදුන්වා දෙනු ලැබිය.මෙහිදී හදුන්වා දුන් CJ2A රථය බොහෝ දෙන අතර ජනප්‍රියත්වයට පත්වූ රථයක් බවට පත්විය.මෙහි එන්ජිම ලෙස 2.2 L Willys L134 “Go Devil Engine ” වර්ගයේ එන්ජිමකින් සමන්විත වූ අතර Willys වෙලදනාමය පළමු වරට Jeep ලෙස වෙනස් කිරීමද සිදු විය.මෙහිදී මෙම රථවලටම ආවේනික වන සිරස් හැඩයේ සිදුරු 7 කින් යුතු ඉදිරිපස grill කොටසද පළමුව හදුන්වා දෙනු ලැබිය.තවත් සුවිශේෂි කරුණක් ලෙස මෙය පලමු යුද්ධයට පසුව නිපදවූ ජීප් රථය (Post war Civilian Jeep) ලෙසද සැලකේ.
ඉන්පසුව වර්ෂ 1949 දී Willys CJ3A රථය හදුන්වා දුන් අතර එම රථය ඇමෙරිකාවේ බොහෝ ප්‍රාන්තවල තිරිගු වගාව ඇතුළු කෘෂිකාර්මික හා කාර්මික කටයුතු සදහා යොදා ගනු ලැබිණ.කෙමෙන් කෙමෙන් බොහෝ පාරිභෝගිකයන් ප්‍රමාණයකට මෙම රථයන් අලෙවි කිරීමට Jeep සමාගමට හැකිවූ අතර තාක්ෂණික අතින්ද හදුන්වාදෙනු ලැබූ සෑම රථයකම පෙර පැමිණි රථයට වඩා ඉදිරියෙන් තබා ගැනීමට සමාගමට හැකිවිය.
ඒ අයුරින් පිලිවෙලින් වර්ෂ 1954 සිට 1970 දක්වා Jeep සමාගමේ නිෂ්පාදනයන් කිහිපයක වැදගත් කරුණු
මේ අයුරින් වසර ගණනක් තිස්සේ තම සාම්ප්‍රදායක අගයන් රැක ගනිමින් තාක්ෂණයත් සමග ඉදිරියට ගමන් කරන Jeep සමාගමේ Wrangler රථය ලොව ඕනෑම තැනකදී ජීප් රථයක් ලෙස හදුනා ගැනීමට අපහසු නොවන්නේ එය ඒ තරම්ම සුවිශේෂී නිර්මානයක් වීම හේතුවෙනි.Wrangler රථයට ඉතාමත් අලංකාර පෙනුමක් නොතිබුණද එයටම ආවේනික වූ කරුණු හේතුවෙන් මෙන්ම ලොව ඕනෑම මාර්ගයෙන් පිට ස්ථානයක අපහසුවකින් තොරවම ගමන් කිරීමට හැකිවීම බොහෝ තරුණයන් අතර Wrangler රථය ජනප්‍රිය වීමට හේතුව වී ඇත.
Jeep සමාගමේ තේමා පාඨය වන ” There is only one jeep ” යන වාක්‍යයට සැබෑ අරුතක් සැමවිටම එකතු කරමින් ගුණාත්මක බවින් ඉහල,දෘඩ භාවිතයට ඉතාමත් ගැලපෙන අයුරින් ඔවුන්ගේ නිර්මාණයන් එලි දැක්වීම ඔවුනටම ආවේනික වන්නේ ජීප් යන වචනයට වඩාත් හොදම අර්ථ දැක්වීම ලබා දෙමිනි.
2019 Jeep Wrangler Sahara රථය පිළිබද සැකෙවින්
නවතම Jeep Wrangler රථය තවමත් පළමු පරම්පරාවේ ජීප් රථය මෙන් පෙනුනද එය නවීන 4*4 රථයක තිබිය යුතු සියලුම අංගෝපාංග වලින් සමන්විත රථයකි.wrangler රථයේ විවිද මාදිලි කිහිපයක් තිබුනද ඔබට කුමන මාදිලියේ මොඩලයට අයත් රථයක් මිලදී ගත්තද,ඔබට වෙනදා මෙන්ම තවමත් දොරවල් සහ වහලය ඉවත් කර, සුළං කවුළුව පහත් කර, එළිමහන් මෝටර් රථ ධාවනයක අත්දැකීම භුක්ති විඳිය හැකිය.
තවත් සුවිශේෂී කරුණක් ලෙස හැදින්විය හැක්කේ මෙම රථවලට සවි කරනු ලබන Trail Rated® ලාංඡනයයි එය සෑම 2019 Jeep wrangler රථයකම අඩංගු වන අතර එය උපයා ගැනීම සඳහා, දැඩි භූමි ප්‍රදේශ, කටුක තත්වයන් සහ අයහපත් කාලගුණයට ඔරොත්තු දීමේ හැකියාව ඇතුළු බොහෝ දරුණු පරීක්ෂණ මාලාවක් සමත් විය යුතුවේ.
Wrangler රථයේ සිය සම්භාව්‍ය උරුමයන් අති නවීන තාක්‍ෂණය සමඟ ඉතාමත් හොදින් ඒකාබද්ධ කර ඇති අතර අති නවීන පද්ධතිවලින්ද සමන්විත වේ.තවද කටහඩ සහ ඇමේසන් ඇලෙක්සා (Amazon Alexa උපකරණය) භාවිතා කරමින් wrangler රථය වෙත සම්බන්ධ විය හැකි අතර නිවසේ සිටියදී වුවද alexa උපකරණය සමග සම්බන්ධ වී ගමනාන්ත යැවීමට, ඉන්ධන මට්ටම් පරීක්ෂා කිරීමට සහ මෙන්ම රථය පන ගැන්වීමටද හැකියාව ඇත.
නව Uconnect® පද්ධතිය මඟින් උණුසුම සහ වායුසමීකරණය පාලනය කිරීමට, සැකසුම් සක්‍රිය සහ අක්‍රිය කිරීමට, විනෝදාස්වාද උපකරණ සක්‍රිය කිරීමද කටහඩ මගින් පාලනය කිරීමට රියදුරුට හැකියාව ලැබේ.
මේ සුවිශේෂී අංගෝපංග වලට අමතරව මාර්ගයෙන් පිටත ධාවනය සදහා භාවිතා කරන මෝටර් රථ අතුරින් පළමු පරම්පරාවේ ආවේනික අගයන් ඉදිරියටත් පවත්වා ගනිමින් මෝටර් රථ නිෂ්පාදනයේ නිරතවන අතලොස්සක් සමාගම් අතරින් Jeep රථවලට ඉහලම ස්ථානයක් ලැබේ.ඒ අනුව බලන කල ඕනෑම රථයක බාහිර අලංකාරය මත පමණක් නොව හැකියාව මතද වෙළදපොල තීරණය වන බවට Jeep සමාගම හොදම උදාහරණයකි.