2019 Ford Raptor F-150 – ඔහුගේ අභිමානවත් පෞරුෂත්වය ඉදිරියේ ඕනෑම පුද්ගලයෙකු අසරණ වීම ඒකාන්තය.

විශාල ශරීරයක් සහිත දේහදාරී පුද්ගලයන්ට මිනිස් සමාජයේ බොහෝ විට අන් අයගේ ආකර්ෂණය යොමු වීම නිරායාසයෙන්ම සිදුවන දෙයකි.එය මෝටර් රථ ලෝකයටද අදාළ වන සරල සිද්ධාන්තයක් බවට අමුතුවෙන් කිවයුතු නොවේ.ford සමාගමේ ඉහලම හැකියාවන් සහිත (highest performance version ) pickup රථ වලට බොහෝ විට පුළුල් දේහදාරී ශරීරයක් (wide body structure )මෙන්ම බලවත් එන්ජිමක්ද ආවේනිකව හිමිවේ.මෙහිදී යොදා ගැනෙන raptor යන නාමය බොහෝ විට ford f -series මාදිලිය (උතුරු ඇමෙරිකාවේ අලෙවි වන) සහ ranger (f -series මාදිලිය අලෙවි නොවන ප්‍රදේශ සදහා) යන රථ දෙකටම පොදු නමක් ලෙස 2010 වර්ෂයේ සිට යොදා ගනු ලබයි.

මාර්ගයෙන් පිටත ධාවනය සදහාම සුවිශේෂිව වෙන්වූ උපාංග සහිතව ඇමෙරිකාවේ Michigan නගරයේ Dearborn truck plant හිදී සහ ආර්ජන්ටිනාවේ Buenos Aires යන නගරවලදී පමණක් නිෂ්පාදන වනු ලබයි.මෙම රථයට raptor යන නාමය ලැබී ඇත්තේ ගොදුරු සොයායන මාංශ අනුභවය කරන පක්ෂීන් (prey of birds or raptors ලෙස හදුන්වන) සහ velociraptor යන අවුරුදු මිලියන 75කට පමණ පෙර ජිවත් වී නැසීගිය dinosaur පක්ෂියන්ගේ ආභාෂයෙනි.ශරීර ප්‍රමාණයෙන් විශාල විශාල පාද ඇති එමෙන්ම තියුණු දෘෂ්ටියක් සහිත වේගයෙන් තම ගොදුරු වෙත කඩා පනින පක්ෂීන් වූ ඔවුන්ගේ ගති ගුණ මෙම රථයට ඇදාගෙන ඇති බව බොහෝ විට පෙනී යයි.

1948 සිට අද දක්වා pickup රථ නිපදවීමේ ප්‍රමුකයෝ වන ford සමාගම පසුගිය වසර 37 පුරාවටම වැඩියෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය තුල අලෙවිවන වෙළද සන්නාම නාමයයි.California සහ Texas ඇතුලු බොහෝ ප්‍රදේශවල තම එදිනෙදා පාවිච්චිය මෙන්ම කර්මාන්ත ශාලා වලදී බොහෝ කටයුතු පහසු කර ගැනීම සදහාද මෙම රථයන් භාවිතා කරයි.දෙවන ලෝක යුද්දය අතරතුර ඇමෙරිකානු රජය විසින් pickup රථ නිපදවීම අත්හිටුවීමෙන් පසුව යුද්දයෙන් පසු සමයේ (Post-war season) පළමුව මෙම රථ නිපදවීමද ආරම්භ වුයේ ford සමාගම මගිනුයි.

මෙම raptor මොඩලයට අයත් රථයන් පහසුවෙන්ම හදුනා ගත හැකි අයුරින් ford යන නාමය front -grill එක පුරාවටම සදහන් කොට ඇත.මෙම raptor රථය offroad රථයක් සතුවන independent front suspension, front skid plate (රථයේ පහල කොටසේ ඉදිරියෙන් ඇති ආරක්ෂක ආවරණය),Live valving racing shocks (දාවනය වන භුමිය හෝ තත්වය අනුව සම්පිණ්ඩන වෙනස් කරගනු ලබන shocks ) සහ trail control (රළු භුමි සදහා අඩු වේග සහිත cruise control පාලනය -මෙහිදී අවශ්‍ය ආකාරයට ස්වයංක්‍රියව තිරිංග යොදමින් පාලනය වේ)වැනි නවීන තාක්ෂණික ක්‍රමවලින් සමන්විතය.

මෙම රථය 24 valve සහිත (3.5L EcoBoost ) සිලින්ඩර 6කින් සමන්විත V6 twin-turbocharged එන්ජිමකින් සමන්විතය.මෙම එන්ජිම අශ්ව බල 450 කින් සමන්විත වන අතර 10-speed automatic transmission එකකින් සමන්විතයි.තප්පර 5.1 ක් වැනි ඉතාමත් කෙටි කාලයක් තුල පැයට කිලෝමීටර් 100ක වේගයට ලගා වීමට මෙම රථයට හැකියාව ඇත.performance සහ power එක අවම කරන ලද ford gt රථයේ (detuned version )එන්ජිමක් raptor රථයට යොදාගෙන තිබීම මෙම වේගවත් acceleration එකට හේතුවයි.

Leave a reply

Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...