Le Mans කියන එක අහල පුරුදු නැති අයට නම් මේ මොකක්ද කියල හිතෙනවා ඇති නේද ? එත් ඉතින් Le Mans ගැන කතා නොකර Ford GT එක ගැන කතා කරන්නත් බැහැ. හේතුව ඔයාලට මේ post එක අවසානයේදී පැහැදිලි වේවි.
ඉතින් මේ Le Mans කියල අපි හදුන්වන්නේ Motorsport race එකක්, මේ race එක පටන් අරගෙන අදට අවුරුදු 100 කට කිට්ටු වෙන බව සත්‍ය කරුණක්. මෙම Le Mans තරගය පවත්වන්නේ ෆ්‍රංශයේ Le Mans කියන නගරයට නුදුරු ස්ථානයක ඇති ධාවන පථයක යි. මෙහිදී racing වලට නිපදවූ ධාවන පථයක් සමග විවුර්ත මාර්ගයන් වසා දැමීමෙන් සංවුර්ථ ධාවන පථය සැකසෙන අතර මෙහි සම්පුර්ණ පැය 24ක් එහෙමත් නැත්නම් සම්පුර්ණ දවසක් තුල වැඩිම වාර ගණනක් ධාවනය කරනු ලබන මෝටර් රථය හා පිලිවෙලින් අවසාන line එක පසු කරනු ලබන කණ්ඩායම විසින් තරගය ජයග්‍රහණය කරනු ලබනවා. ආසන්න වශයෙන් 5000km පමණ දුරක් තම රථය ධාවනය කිරීමට තරගකරුවන්ට සිදු වෙනවා. මෙහිදී රියදුරන් 3 දෙනෙක් පමණක් එක රථයක් ධාවනය කිරීමට අවසර ඇති අතර pit stop එකකදී නැවතා තබන කාලය අඩු කරමින් රියදුරන් තිදෙනෙකු සහිතව සම්පුර්ණ පැය 24ක් ධාවනය කිරීමට සිදු වෙනවා. මෙම තරගය පවත්වන්නේ June මාසයේ මැද වන අතර මුළු දවස පුරාම තරගය පවතින නිසා එහිදී පවතින වියලි කාලගුණ තත්වයනටත්, කාලගුණය වෙනස්විමකදී වැස්සෙන් සිදුවිය හැකි බාධා සහ රථයට සිදුවිය හැකි අනෙකුත් අලාභානි අවම කර ගනිමින් අසීරු තරගයක යෙදීමට සිදුවෙනවා. මෙම තරගය විශාල නීති ප්‍රමාණයකට යටත්ව පැවැත්වෙනවා.
Le Mans තරගයේ මුලික අරමුණ වන්නේ වැඩි වෙලාවක් ධාවනය කල හැකි fuel efficiency,reliable මෝටර් රථ නිපදවීමට එම සමාගම් හා නිපදවන්නන් උනන්දු කිරීමයි. ඉතින් අද අපි කතා කරන්න යන Ford GT එකේ උපත සිදුවන්නේ මේ තරගය මුලික කොටගෙනයි. 1960 කාලයේදී මෙම Le Mans තරගයේ ආධිපත්‍ය හිමිකරගෙන සිටිනු ලැබුවේ සුප්‍රකට Ferrari සමාගමයි. පිලිවෙලින් Porsche සහ Alfa Romeo කණ්ඩායම් ද ජයග්‍රහණ ලබා ගනිමින් තිබුනා.
කෙසේනමුත් තම කණ්ඩායම මෙම ලෝ ප්‍රකට තරගාවලියේ මුල් ස්ථානයට ගෙන ඒම Ford සමාගමේ නිර්මාතෘ වූ Henry Ford මහතාගේ සිහිනයකව තිබුනා. නමුත් motor sport තරග වලට රථ නිපදවීමේ ලොකු හැකියාවක් Ford සමාගමට තිබුනේ නැහැ.
එම නිසා ඔහු Ferrari සමාගමේ CEO වූ Enzo Ferrari මහතාට යෝජනාවක් කරනු ලබනවා. මුලින් යෝජන්වට කැමැත්ත පළකිරීම හේතුවෙන් Henry මහතා ඉතාලිය බලා පිටත් වන්නේ සියලුම ලියකියවිලි අතැතිවයි. එහිදී Ford මහතාගේ යෝජනාව ප්‍රබල ලෙස ප්‍රතික්ෂේප කරනු ලබන අතර contract එකෙහි ලියවී තිබුනු ආකාරයෙන් Ferrari සමාගමේ automobile හා
Motorsport යන division දෙකම විකුණා දැමීම එක හෙලාම Enzo මහතා ප්‍රතික්ෂේප කළේය. මෙහිදී ඇති වූ අමනාපය සමග Enzo මහතා කෙරිහි ඇති වූ කේන්තිය ද සමගින් කවදා හෝ Ferrari කණ්ඩායම පැරදවිය හැකි Ford රථයක් නිපදවනවා යන අදහසින් හිස් අතින්ම ඇමරිකාවට පැමිණෙනවා.
එහිදී තම හොදම එන්ජිනේරුවන් සහ තම සමාගමේ ඉහලම පුද්ගලයන්ගේ සහයෝගයෙන් Henry මහතා Ferrari රථය පැරදවිය හැකි රථයක් නිපදවීමේ project එක ආරම්භ කරනු ලබනවා. Lola සහ Aston martin සමාගමේ ද සහය ඇතුව මෙම නව රථය නිපදවීමට ඇරබෙන අතර London නගරයේ මුලස්ථානයකට මෙම වැඩපල ගෙන එනු ලබනවා. වසර කිහිපයක මහන්සියෙන් පසුව ඔවුන් Ford GT 40 රථය නිපදවන් අතර එම රථය Ferrari 275P රථය සමග Le Mans ධාවන පථයේදී 1964 දී එකිනෙක හමුවන අතර එහිදී GT 40 රථයට යුරෝපියානු නරබන්නන්ගෙන් හොද ප්‍රතිචාර ලැබුනේ නම් නැහැ. අකර්ශනිය නිමාවකින් යුත් විශාල ජයග්‍රහණ ප්‍රමාණයකට හිමිකම් කියූ 275 P රථයට සියල්ලන්ම ජයගෝෂා නැගුවා. කෙසේ නමුත් තරගයේ මුල් වට දෙක තුලදී Ford කණ්ඩායමේ car තුනම තරගාවලියෙන් ඉවත් වීම සිදු වුන අතර සුපුරුදු පරිදී Ferrari කණ්ඩායම තරගාවලිය ජයග්‍රහණය කරනු ලබනවා.
තම සිහිනයන් සියල්ල තම දෑස් ඉදිරියේම කඩා වැටෙනවා දුටුව ද Henry මහතා තම උත්සාහය අත හැරීමට අකමැති වුනා.
මෙවර ඔහු සහය පැතුවේ Carol Shelby මහතාගෙනුයි. ඔහු එම කාලයේදී ඇමරිකාවේ Motorsport පිලිබදව විශාල දැනුම ඇත්තෙකු වුවා සේම ඔහු විසින් GT40 රථයේ විවිධ අඩුපාඩුකම් ද සොයාගනු ලැබුවා. පසුව aerodynamics වලින් ඉතාමත් පහල මට්ටමක තිබු GT40 රථය වෙනුවට එම රථයේම අලුත් නිමාවක් සහිතව නව GT40 රථයක් නිපදවනු ලබනවා. Daytona 2000 වැනි තරග වලින් ජයග්‍රහණය කරමින් මෙම අලුත් GT40 රථය ඔවුන්ගේ කණ්ඩායමට බලාපොරොත්තුවක් ගෙන ඒමට සමත් වෙනවා. මේ අතර තම ප්‍රතිවාදියාගේ නැගී එම දුටු Enzo මහතා අලුත් Ferrari රථයක් නිපදවමින් තරගය තවත් තියුණු ස්වාභාවයකට ගෙන ඒමට කටයුතු කරනවා.
එලෙස නිපදවෙන Ferrari 330P රථයට තියුණු අබියෝගයක් එක කරමින් 330Pරථයත් GT40 රථයත් 1966 දී Le Mans හිදී නැවත එකිනෙක හමුවීම සිදුවෙනවා. තරගයේ තියුණු බව කොතෙක් දුරට ද කියතහොත් කණ්ඩායම් දෙකේ රියදුරන් අතරත් එකිනෙකා පරයා නැගී ඒමේ උවමනාව වැඩි වී තිබුනා.
කෙසේවෙතත් තරගයේ දී Ferrari රථ දෙකක් අනතුරට ලක්වීමෙන් තරගයෙන් ඉවත් වූ අතර අවසානයේ ඉතුරු වුයේ එක 330P රථයක් හා Ford GT රථ 3කි. අවසාන පැය තුල පලවන ස්ථානයේ රැදෙමින් Ferrari 330P රථයෙන් GT රථ තුනටම ඇති වුයේ ඉතාමත් තීරණාත්මක අභියෝගයකි. එහෙත් අවසාන මොහොතේදී 330P රථයේ ටයරයක් පුපුරා යන අතර අවසාන Ferrari රථය තරගයෙන් ඉවත් වෙනවා. පැය 23 ක් පුර පසුපස ලුහුබදිමින් පැමිණි Ford GT රථ 3 පළමු දෙවන හා තෙවන ස්ථාන දිනාගනිමින් 1966 Le Mans තරගාවලිය නිමාවට පත්වෙනවා. එදා සිට අද දක්වා Ferrari සහ Ford, Le Mans තරගාවලියේ පරම සතුරන් ලෙස කරට කර තරග වදිනු ලබනවා.
මේ කතාව මුලික කරගනිමින් නිපදවූ චිත්‍රපටයක් වන Ford vs Ferrari, ඉදිරියේදී තිරගත වීමට නියමිත් බව ද පැවසෙනවා.
අද මේ තියන අලුත් Ford GT එක 647bhp බලයක් සහිත 3.5l twin turbo charged මෝටර් රථයක් ලෙස හැදින්වෙනවා. Aluminium structure එකක් සහිත carbon fiber body එකකින් මෙම රථය සමන්විත වෙනවා.ඉතින් අදත් ඇමරිකාවේ legendary car එකක් විදිහට මේ car එක පිළිගැනීමට හේතුව ඔබට දැන් පැහැදිලි ඇති.
ඉතින් ඉදිරියේදී පළවන පොස්ට් සමග අපේ Page එකට Like එකක් දාල එකතු වෙන්න කියල ඔබ සැමට ආරාධනා කරනවා.