2018 McLaren Senna – නොපසුබට තරගකාරිත්වයෙන් සන්නද්ධ වූ නැසී ගිය ආත්මයක පුනරාගමනය

McLaren,බොහෝ දෙනෙකු අසා ඇති නාමයක් මෙන්ම බොහෝ දෙනෙකු නොදන්නා සුපිරි මෝටර් රථ ලෝකයේ නමක් දිනු බ්‍රිතාන්‍ය මෝටර් රථ සමාගමක් ලෙස පැහැදිලිවම හැදින්විය හැකියි.(Formula 1)ෆෝර්මියුලා වන් ධාවන ක්ෂේත්‍රයේ දැනට ඇති පැරණිතම සහ සාර්ථකම සන්නාමය ලෙස McLaren නාමය අවිවාදයෙන්ම හැදින්විය හැකියි.F1 ධාවන ක්ෂේත්‍රයට නවතම තාක්ෂනයන් විශාල ප්‍රමාණයක් හදුන්වා දුන් McLaren සමාගම වරෙක ෆෝර්මියුලා වන්හි නාසා ආයතනය(Nasa of Formula 1) යන අනුවර්ත නාමයෙන්ද හැදින්වෙනවා.

F1 තරග පමණක් නොව Indianapolis 500, Canadian-American Challenge Cup, 24 Hours of lemans ඇතුළු බොහෝ මෝටර් රථ තරගාවලිවල තම ආධිපත්‍ය පතුරා ඇති McLaren සමාගම ලොව වේගවත්ම (naturally-aspirated එන්ජිම සහිත: Turbocharged සහ Supercharged තාක්ෂනයන් නොමැති එන්ජිමක්) සහිත මෝටර් රථය නිපදවීමේ වාර්තාව වසර 7කට පමණ කාලයක් තමන් සතුකොටගෙන තිබිණ.Mclaren F1 නම්වූ රථයෙන් මෙම වාර්තාව සනිටුහන් කරන ලද අතර වර්ෂ 2005 දී Bugatti Veyron සහ Koenigsegg CCR රථයන් මගින් මෙම වාර්තාව බිද දමන තුරුම වෙනත් කිසිම සමාගමක නිපයුමකට මෙම වාර්තාව බිද හැලිය නොහැකි විය.

McLaren සමාගමේ ඉතිහාසය පිළිබද බලනවිට ඔවුන්ට Road Production මෝටර් රථ නිෂ්පාදනයේ අත්දැකීම් තිබු සමාගමක් නොවන අතර F1 ඇතුළු මෝටර් රථ තරග සදහා රථයන් නිපදවූ සමාගමක් විය.

වර්ෂ 1953 දී බ්‍රිතාන්‍යයේ ජිවත් වූ නවසීලන්ත ජාතිකයකු වූ 15 හැවිරිදි Bruce Mclaren නම්වූ තරුණයා විසින් නවීකරණය කරන ලද Austin Ulster රථයක් මගින් muriwai beach hill clumb තරගය ජයග්‍රහණය කරමින් ඇරබු McLaren සමාගම වර්ෂ 1963 දී රේසින් සමාගමක් (Racing company) බවට පත් විය.තමාට වයස අවුරුදු 22ක් වන විට තම පළමුවන ෆොර්මියුලා (F1) තරගය ජයග්‍රහණය කරමින් එකල තරුණම grand Prix ජයග්‍රාහකයා ලෙසද නමක් දිනා ගැනීමට Bruce McLaren සමත් විය.

කෙසේ නමුත් හොද ආරම්භයක් සමාගම සතු වුවද හදිස්සියේම කරුණු කාරණා වෙනස් බවට පත්වන්නේ 32 M6GT prototype රථය පරික්ෂා කටයුතු සිදු කරමින් සිටියදී සිදුවූ හදිසි අනතුරකින් Bruce McLaren මහතා ජිවිතයෙන් සමුගැනීමත් සමගිනි.

කෙසේ නමුත් අපහසුවෙන් වුවද පසුව පැවති South African Grand Prix වැනි තරගවලින් ජයග්‍රහණ ලබාගනිමින් සමාගම පවත්වා ගැනීමට McLaren සමාගමේ හිමිකාරිත්වය සමත් විය.ඉන්පසුව වසර කිහිපයකට පසුව වර්ෂ 1980 දී Ron Dennis නම්වූ බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයාට සමාගමේ හිමිකාරිත්වය ලැබුණු අතර ඔහුගේ ප්‍රධානත්වයෙන් street-legal මෝටර් රථයක් නිපදවීම කෙරෙහි අවධානය යොමු විය.

එයින් පන්නරය ලබා වර්ෂ 1992 දී F1 රථය ලොවට හදුන්වා දුන් අතර පළමුව Carbon fiber වලින් ශක්තිමත් කරන ලද පොල්මර් ව්‍යුහයක් පළමුව street production රථයකට යොදා ගැනුනේද මේ අවස්ථාවේදීය.මෙහිදී විශේෂයෙන් කිවයුතු කරුනු තුනකි.එක් කරුණක් නම් මෙම රථයේ එන්ජිම සවිකොට ඇත්තේ රථයේ පිටුපසට(Mid Engine )වන ආකාරයෙන් වන අතර සිලින්ඩර් 12කින් සමන්විත වූ 6.1 L එන්ජිම සිසිල් කිරීම සදහා රථයේ වහලයට උඩින් සවිකර ඇති කවුළුවකින්ද සමන්විත F1 රථය සමන්විත විය.එන්ජිමේ බද සදහා රත්රන් යොදාගෙන තිබූ අතර අනෙකුත් උපකරණ සදහාද රත්රන්වලින් නිමවා තිබිණ මෙයට බොහෝ හේතුවුනේ රත්රන් ඉතාමත් හොද තාප පරිවාරකයක් නිසා එන්ජිම අභ්‍යන්තරයේ ඇතිවන අධික උෂ්ණත්වය අවම කිරීම සදහා හේතුවන නිසාවෙනි.

අවසාන විශේෂ කරුණ ලෙස මෙම රථයේ සුක්කානම ඇතුළු සියලු පද්ධතිද පිහිටා තිබුනේ රථයේ මැදට වන ආකාරයට වන අතර ඉදිරිපස එක් රියදුරු ආසනයකින් සහ පිටුපස ආසන දෙකකින් පමණකින් සමන්විත විය.මෙය ලොව වෙනත් කිසිම ආකාරයක මෝටර් රථයක දැක ගත නොහැකි කරුණක් ලෙස අර්ථ දැක්විය හැකිය.

ඉහත කි කරුණුද ඇතුළුව බොහෝ දෑ සලකා බලන විට McLaren සමාගමේ නිෂ්පාදනවල තාක්ෂනය එකල මෝටර් රථ භාවිතාවූ තාක්ෂණයන්ට ඉදිරියෙන් පවත්වා ගැනීමට සැමවිටම උත්සහ කර ඇති බව පැහැදිලිවේ.

අද පොස්ට් එකේ මාතෘකාව වන Senna රථයද ඉහත කි අරමුණු මුදුන්පත් කරගනිමින් සෑම විටම අනෙක් තරගකාරී රථවලට වඩා පියවරක් ඉදිරියෙන් නිපදවීමට McLaren සමාගම වග බලාගෙන තිබිණ.මෙම Senna රථය McLaren සමාගම විසින් නිපදවා ඇති ශ්‍රේෂ්ටතම මෝටර් රථයන් අතරින් එක් රථයක් ලෙසද හැදින්විය හැකිය.

පළමුව පෙනුම අතින් බලන කල ඉතාමත් ඉහලම ආකාරයේ radical පෙනුමක් ඇති රථයක් ලෙස හැදින්විය හැකි අතර අනෙකුත් කිසිම රථයක දැකගත නොහැකි aerodynamics (වායුගති විද්‍යාව) කාර්යක්‍ෂම ආකාරයෙන් නිපදවා තිබීම කැපී පෙනෙන ලක්ෂණයකි.රථයේ හැඩයට කිසිම අයුරකින් බාධා නොවන අයුරින් බද නිපදවා ඇති අතර Headlights (ප්‍රධාන ලාම්පු) ඇතුළු බාහිර අංගයන් සියල්ල රථයේ බදටම ඔබින ආකාරයෙන් දැකගත හැකිවේ.

මෙහි ඇති දෙපස වා කවුළු(air intake) සහ බොහෝ හැඩයන් McLaren ලාංජනයේ සංකේතවත් වන (Swoosh) හැඩයන් වඩාත්ම කැපී පෙනෙන අයුරින් නිමවා තිබීම ඉතාමත් ආකර්ශනීය බවක් මෙම රථයට ගෙන එනවාට සැකයක් නැත.

බොහෝ විට අලංකාරයට එහා ගිය ආකර්ශනයක් ගෙන එන අයුරින් F1 රථයක හැකියාවන්ට ආසන්න අත්දැකීමක් ලබාදීම Senna රථය නිපදවීමේ අරමුණ බව නිෂ්පාදකයන්ගේ අදහසයි.Senna රථයේ හැසිරවීම අතින් බලන කල ප්‍රබල Ferrari රථයන්හි හැසිරවීමේ හැකියාවටත් වඩා මෙම රථය ඉදිරියෙන් සිටින බව කිව යුතුමය.පිටුපසට ඉහලට එසවෙන rear wing මගින් වේගය අනුව රථයට අවශ්‍ය (downforce)බලය ලැබෙන අතර හදිසි තිරිංග යෙදීමකදී ඉතාමත් ඉක්මනින් රථය නවතා ගැනීමේ හැකියාව මෙම ක්‍රියාකාරී rear wing මගින් ලැබේ.

අශ්වබල 789 කින් සමන්විත වන සිලින්ඩර් 8කින් සමන්විත 4.0L twin-turbo V8 එන්ජිමකින් Senna රථය සමන්විත වන අතර 0 සිට 100ට ලගා වීමට ගතවන කාලය තප්පර 2.8 ක් පමණ වේ.ඒ අනුව Senna රථයේ වැඩිමහල් P1 රථයට වඩා අශ්වබල 61 ක වැඩි බලයකුත් p1 රථයේ බරට වඩා අඩු බරකින්ද මෙම රථය සමන්විත වේ.

අශ්වබල 789 කින් සමන්විත වන සිලින්ඩර් 8කින් සමන්විත 4.0L twin-turbo V8 එන්ජිමකින් Senna රථය සමන්විත වන අතර 0 සිට 100ට ලගා වීමට ගතවන කාලය තප්පර 2.8 ක් පමණ වේ.ඒ අනුව Senna රථයේ වැඩිමහල් P1 රථයට වඩා අශ්වබල 61 ක වැඩි බලයකුත් p1 රථයේ බරට වඩා අඩු බරකින්ද මෙම රථය සමන්විත වන අතර ලබාගත හැකි උපරිම වේගය 340 kmph පමණ වේ.

අතිශය උද්වේගකර F1 ධාවන අත්දැකීමක් සදහා අවදානය යොමු කර ඇති Senna රථයෙහි අභ්‍යන්තරයේ වැඩි දියුණු කල carbon fiber චැසිය,වහලයට ඉහලින් පිහිටා ඇති එන්ජිමට වාතය රැගෙන යන Hood scoop ඇතුළුව එන්ජිම තුල යොදාගෙන ඇති සැහැල්ලු අභ්‍යන්තර කොටස් වැනි ඉතාමත් සුවිශේෂී ක්‍රමවේදයන් තුලින් වර්තමාන තාක්ෂනයට තරමක් හෝ ඉදිරියට ගෙන ඒමට McLaren සමාගම බෙහෙවින් උනන්දු වී ඇති බව පෙනී යයි.

අවසාන වශයෙන් කිවයුතුම සුවිශේෂී කරුණ වන්නේ මෙම රථයට යොදා ඇති Senna යන නාමය ලැබුනේ කෙසේද යන්නයි.Senna යනුවෙන් හදුන්වන්නේ නැසි ගිය බ්‍රසීල ජාතික F1 ධාවන ශුරයෙකු වූ Ayrton Senna ගේ නාමයයි.

එදා මෙදා තුර ෆොර්මියුලා 1 ඉතිහාසය තුල විශිෂ්ටතම ධාවන ශුරයා ලෙස සැලකෙන තුන්වතාවක් ලෝක F1 කිරුල දිනාගත් සියගණනක් වූ තරගාවල ජයග්‍රහණයන් තමන් සතු කරගත් මෙම කීර්තිමත් ශුරයා සිහිවීම සදහා මෙම රථයට Senna යන නාමය යොදාගෙන ඇත.ඔහු වර්ෂ 1989 සිට 1993 දක්වා McLaren-Honda කණ්ඩායම නියෝජනය කරන ලද අතර ලෝක ශුරතාවලි තුන්වරක් McLaren කණ්ඩායමට හිමි කරදීමට සමත්විය.

ඕනෑම කාලගුණ තත්වයක් යටතේ ලොව ඕනෑම ධාවන පථයක ඕනෑම අවස්ථාවක අති විශිෂ්ඨ දස්කම් පෙන්විය හැකි ක්‍රීඩකයන් අතලොස්සක් අතරින් කෙනෙකු ලෙස අදටත් Ayrton Senna සැලකෙන අතර ඔහුටම ආවේනික වූ ධාවන රටාව,වැඩිම Pole positions(F1 තරගාවල ලකුණු ලබාදීමේ ක්‍රමයක්),අවම ධාවන කාලයන් යන සියල්ලෙහිම කෙල පැමිණිනු පුද්ගලයෙකු ලෙස ඔහු හැදින්වේ.

එනමුත් අවාසනාවන්ත ලෙස වර්ෂ 1994 දී ඉතාලියේ San Marino Grand Prix තරගාවලියේදී Autodromo Enzo e Dino Ferrari නම්වූ ධාවන පථයේදී සිදුවූ මාරාන්තික අනතුරකින් Ayrton Senna මෙලොව හැර ගියේය.එම තරගාවලියේදී 7 වන වටයේදී (Tamburello corner) තම්බුරෙලෝ කොණ යන වංගුව ආසන්නයේදී ඔහු එවිට පැදවූ Williams කණ්ඩායමට අයත් රථයේ Steering wheel පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් පැයට කිලෝමීටර් 310 කට අධික වේගයෙන් ධාවනය වූ රථය කොන්ක්‍රීට් තාප්පයේ පසෙක වැදී යාමෙන් මෙම අවාසනාවන්ත අනතුර සිදු විය.

අනතුර සිදු වන විටත් ඔහු තරගයේ ඉදිරියෙන්ම සිටි අතර ඔහුට පසුපසින් හබා යමින් සිටියේ වර්තමාන F1 ශුරයෙකු වන Michael Schumacher මහතායි.කෙසේ වෙතත් Ayrton Senna ජිවතුන් අතර සිටියේ නම් දැනට ලෝක ශුරතා 7ක් පමණ දිනා සිටින F1 ඉතිහාසයේ සාර්ථකම ක්‍රීඩකයා ලෙස හැදින්වෙන Schumacher මහතාට පහසුවෙන් එම ශුරතා දිනා ගැනීමට නොහැකි වේ යැයි අනුමාන කල හැකිය.

මෙම ඛේදවාචකය සිදුවීමෙන් පසුව F1 මෝටර් රථ තරගාවලි සම්බන්ධ බොහෝ නීති වෙනස් වූ අතර ආරක්ෂාව පිළිබද බොහෝ විදිවිධාන සදහා අවධානය යොමු විය.

ඉතින් අවසානයේදී McLaren සමාගම ලොව දක්ෂතම F1 ක්‍රීඩකයාගේ නාමය රැගත් මෝටර් රථයට ඔහුගේ උද්වේගකර වේගවත් බව,නොපසුබට උත්සාහය සහ අසමසම හැකියාවන් Senna රථයට මැනවින් ආදේශ කර ඇති බවත් ඔහු විසින් ගොඩනගන ලද නාමය සදහා සාධාරණයක් ඉටු කර ඇති බව සැකෙවින් කිව හැකිය.

Leave a reply

Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...