2018 Jaguar XE S – අසාර්ථකත්වය නම්වූ අළු ගසා දමා නැගිටි ජගුවරයන් තම ගිලිහි ගිය අභිමානය සදහා සටනේ

ඉතාමත් අපහසුවෙන් තරණය කරන සෑම කන්දක්ම අවසානයේ පහසුවෙන් බැස යා හැකි පල්ලමක්ද ඇති බව බොහෝ විට සත්‍ය යැයි පසක් කරමින් අවුරුදු ගණනක් තිස්සේ අපහසු කාලයක් ගත කල බ්‍රිතාන්‍ය මෝටර් රථ නිපදවන සමාගමක් වන jaguar සමාගමට දැන් හොද කලක් උදා වී ඇත.වර්ෂ 1989 දී ford සමාගම විසින් jaguar සමාගම මිලට ගැනීමෙන් පසුව ප්‍රශ්න කම්කටුලු මධ්‍යයේ අවුරුදු 18කට අධික අසාර්ථක යුග දිවියක් ගෙවූ ඔවුනට නැවතත් හොද කලක් ලැබීමට පටන් ගත්තේ 2008 දී දකුණු ආසියානු සමාගමක් වූ TATA සමාගම විසින් jaguar සමාගම මිලදී ගැනීමත් සමගයි.

ford සමාගමේ හිමිකාරිත්වය යටතට පැමිණීමට පෙර ඉහලම ඉංජිනේරු තාක්ෂනය (Engineering),ක්‍රියාකාරිත්වය (Performance) සහ නවයකරණය(innovation) යන සියලුම අංගයන්ගෙන් යුතු මෝටර් රථ නිපදවන සමාගමක් ලෙස jaguar සමාගම ලෝකයේ ප්‍රචලිත සමාගම් අතර වැජබින.මෙම සමාගම වර්ෂ 1922 දී SS නමින් හැදින්වූ sidecar (මෝටර් සයිකල්වලට සවිකරන ලද පැති රථය)නිපදවූ සමාගමක් ලෙස ආරම්භ විය.

වර්ෂ 1935 දී SS 2.5 L sport (saloon) සැලුන් වර්ගයේ රථය නිෂ්පාදනය කරමින් මෝටර් රථ ලොවට පිවිසි ඔවුන් මෝටර් රථ ලෝකයේ ගෞරවණිය නාමයක් ඇති සමාගමක් බවට පත් වී තිබුනා.වරප්‍රසාදය (Grace), Space ඉඩකඩ, Pace (වේගය) යන මුලික නාමයන්ට අනුකුලවන ලෙස මෝටර් රථ නිපදවීමට jaguar සමාගම ප්‍රසිද්ධියක් ඉසුලු අතර බ්‍රිතානයේ දෙවන එලිසබෙත් රැජින ඇතුළු රාජකීය පවුලේ ගමන් බිමන් සදහා යොදාගන්නා රථයක් ලෙසත් ලෝකයේ වැදගත් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් භාවිතා කරන රථයක් ලෙසත් එකල jaguar රථ සැලකුණා.

ford සමාගම යටතේ මුල් කාලයේදී එනම් 1992 වර්ෂයේදී ලොව වේගවත්ම මෝටර් රථය ලෙස jaguar XJ220 රථය නම් කෙරෙනු අතර 1993 වර්ෂය දක්වාම එම වාර්තාව ඔවුන් යටතේ තබා ගැනීමට හැකිවුනා.නමුත් කෙමින් කෙමින් jaguar රථ නිපදවීමේ ප්‍රමාණය වැඩි කරමින් අවම මිලක් යටතේ වෙළදපොලට නිකුත් කිරීම ford සමාගමේ අරමුණ වූ අතර ford රථවල යොදාගැනෙන අමතර කොටස් jaguar රථවලටද යෙදීම සිදුවූ අතර කෙසේ නමුත් අවසාන ප්‍රතිපලය වුයේ jaguar රථ තාක්ෂණික ගැටලුවලට මුහුණ දීම ආරම්භ වූ අතර බොහෝ රථයන් ඉලෙක්ට්‍රොනික හා තාක්ෂණික බිදවැටීම් වලට ලක්විය.

කෙසේ නමුත් මේ තත්වයන් යටතේ s type සහ x type රථ හදුන්වා දීම සිදුවුනද එම මොඩලයන්ද අසාර්ථක නිමැයුම් වුන අතර ඉලක්කගත අලෙවියන් අසලටවත් ලගා වීමට එම රථවලට හැකිවුයේ නැත.ඒ වෙනුවට තම විදේශීය ප්‍රතිවාදී ජර්මානු සමාගම් වූ BMW , Audi , Mercedez Benz සමාගම්වල මෝටර් රථයන් සදහා වෙළදපොල බොහෝ විට විවුර්ත විය.

යල්පැනගිය නිමාවෙන් යුතු S type සහ X type රථයන් වල වෙනස් කම් සිදුවිය යුතු බව jaguar සමාගමේ මතය වුවද තම මවු සමාගම වූ ford සමාගම එතරම් එය සැලකිල්ලකට ගත් නොවූ කරුණක් වූ අතර අවසානයේ jaguar සමාගම මුල්‍යමය අතින් අපහසු මට්ටමක් කරා පැමිණි අතර ජනතාව අතරට බොහෝ ප්‍රමානයක් ජර්මානු මෝටර් රථ පැමිණි අතර බ්‍රිතාන්‍ය සමාගම් වල මොටර් රථ නිෂ්පාදනයේ අවම වීමක් ආරම්භ විය.

කෙසේ නමුත් අවසානයේ ඉන්දියානු සමාගමක් වන Tata සමාගම Jaguar සමාගම සහ එයට අනුබද්ධ Land rover යන සමාගම් දෙකෙහිම හිමිකාරිත්වය ලබාගැනීමෙන් පසුව ඉතාමත් ඉහල ජනතාවක් වෙසෙන චීනය වැනි ආසියානු රටවල් මුලිකව ඉලක්ක කරමින් Tata සමාගමේ හිමිකාරිත්වය යටතේ jaguar සමාගම තම ප්‍රතිපල නෙලාගැනීමට සමත් විය.පළමුව අලාභ ලබමින් වරෙක ලාභ ලබමින් පැමිණි jaguar සමාගම 2016 වර්ෂයේදී නිකුත් කරන ලද jaguar f pace (X761) නම්වූ ඔවුන්ගේ පළමුවන SUV රථය අවුරුදු ගණනකට පසුව ලැබූ ඉහලම ආදායම් වාර්තාව තබමින් වෙළදපොලට අලෙවි විය.

අද අපි විමසා බලන XE S රථයද ජර්මානු BMW 3 series මොඩලය සමග තරග කිරීමට jaguar සමාගම විසින් හදුන්වා දුන් මොඩලයක් ලෙසද හැදින්වේ.කෙමින් කෙමින් ජර්මානු මෝටර් රථ ආධිපත්‍ය බිදදමමින් ඉදිරියට ඒමට jaguar සමාගම උත්සහ කරමින් සිටින්නේ එලසයි.සුප්‍රකට jaguar XF sport රථයේ යොදා ගැනෙන එන්ජිම වන සිලින්ඩර් 6ක් සහිත 3.0 L supercharged V6 එන්ජිමක් මෙම රථයට යොදා ගෙන ඇති අතර sport රථයක ධාවන අත්දැකීම sedan රථයකින් ලබා දීම අරමුණ බව සමාගමේ අදහසයි.

පසුගිය රථවල තිබු තාක්ෂණික ගැටළු මග හරවා ගනිමින් නවීන රථයක ඇති සියලුම අංගෝපාංග ඇතුළුව ආරක්‍ෂිත ධාවනයකට අවැසි සියලුම උපකරණ සහිතව මෙම XE රථය නිපදවා ඇත.කෙසේ වෙතත් විශේෂයෙන් කිවයුතු වන්නේ jaguar රථවලට විශේෂ ආකාරයේ පරික්ෂණයන් (tests) පවත් වන අතර ඉතාමත් ශිත දේශගුණයක් වන සෙන්ටිග්‍රේඩ් අංශක -40 දීත් සෙන්ටිග්‍රේඩ් අංශක 50 කට අදික උෂ්ණ දේශගුණයන්ටද ඔරොත්තු දෙන ආකාරයෙන් නිපදවනු ලබයි.

තවත් විවිදාකාරයේ පරීක්ෂණවලට රථයන් පරික්ෂා කරනු ලබන අතර ගමන් කරන මගියාට පිටත ශබ්දයන් ඉතාමත් අවම ආකාරයෙන් ඇසෙන ලෙස රථය නිමවීම සිදුවනු ලබනවා.මෙහිදී රථයන්හි ආලේප කරන වර්ණයන් සුවිශේෂී ක්‍රමයක් මගින් සිදුවන අතර ස්ථ්ති විද්යුත් ආරෝපණ විකර්ෂණය වන අයුරින් එනම් දුහුවිලි රථයේ බද මත නොපිහිටන ආකාරයෙන් අවසාන නිමාව සිදු කරනු ලබනවා.ඉන් පසුව රථය පාරිභෝගිකයා අතට පත් වන තුරු ප්‍රවාහනය කිරීමේදී රියදුරු විසින් යකඩ හෝ අනෙකුත් සිරීම් සිදුවන ආකාරයේ කිසිම ඇගලුමක් භාවිතා නොකළ යුතු බවටද පැවසෙනවා.එය බොහෝ විට අයිතිකරු අතට ලක්වන තුරු කිසිම සීරීමක් රථයේ සිදු නොවීමට සමාගම විසින් පනවා ඇති නීතියකි.

මේ අනුව අවසානයේ කිව යුත්තේ කාලෙකට පසු ජර්මානු රථවලට බ්‍රිතානයයෙන් අභියෝගයක් කෙමෙන් කෙමෙන් එල්ල වෙමින් පවතින බවත් එය එක්තරා ආකාරයක සිතල යුද්ධයක් ලෙසද හැදින්වීමේ වරදක් නොමැති බවය.

Leave a reply