මනුෂ්‍යයන් වන අප බොහෝ විට අමනුෂ්‍යයන්ගේ එනම් යක්ෂ ඇසුරට ප්‍රිය නොකරන ජීවින් කොටසක් බවට අමුතුවෙන් කිව යුතු නොවේ එයට හේතුව අමනුෂයන්ගේ ක්‍රියා කලාපයන් මිනිසාට අයහපත් ප්‍රතිපල ගෙන දීම හේතුවෙනි නමුත් මිනිසාට කළනොහැකි අසාමාන්‍ය දේවල් අමනුෂ්‍යයන්(යක්ෂයන්) රදවාගෙන ඔවුන්ගෙන් වැඩ කටයුතු කරගත් අය පිළිබදවද ඉතිහාසය තුල අසා ඇත්තෙමු.කෙසේවුවත් අමනුෂයන්ට(යක්ෂයන්ට) හිමිව ඇතැයි කියන අසීමාන්තික බලය,නොහික්මෙන ගතිය සහ දරදඩු ස්වාභාවය සහ අසාමාන්‍ය හැකියාවන් මෝටර් රථයකට ආදේශ විය හැකිද? එවිට උත්තරය ඔව් යනුවෙන් දිය හැකිය.
එසේනම් එම රථය කුමක් වේද? ඔව් Challenger Demon රථයට ඉහත කි සියලුම ගති ලක්ෂණ ඇතිවා සේම එම රථය හදුන්වන නාමය වන්නේද Demon එනම් (යක්ෂයා) යන්නය.යක්ෂයෙකු දමනය කරගෙන අසාමාන්‍ය දේවල් සිදු කලහැකිවා මෙන්ම පොඩි අතපසුවීමකින් වුවද වැඩ වැරදීමට ඉඩ තිබේ එම නිසා මේ කි සියලුම ගති ලක්ෂණ Demon රථයට ඇති බව මේ පොස්ට් එක කියවා අවසානයේදී ඔබටම වැටහෙනු ඇත.
ඇමරිකානු Dodge සමාගම බොහෝ විට පසුගිය ගතවූ දශකය තුලම අසාමාන්‍ය ගති ලක්ෂණ ඇති මෝටර් රථ වෙළදපොලට ඉදිරිපත් කල සමාගමකි.අපගේ මුලින් පොස්ට් වල සදහන් කරන ලද Dodge viper රථය මෙන්ම Demon රථයද එම මෝටර් රථ එළිදක්වන කාලය තුල අසාමාන්‍ය වේගයක් සහිතව මෝටර් රථ ලෝකය උඩු යටිකුරු කරන ලද නිර්මාණයකි.
දැනට වර්ෂ 119කට පෙර Horace Dodge සහ John Dodge යන ඇමෙරිකානු සහෝදරයන් විසින් ආරම්භ කරන ලද Dodge සමාගම මගින් සුප්‍රකට Hemi(හෙමි ) නමින් හදුන්වන සුවිශේෂී එන්ජින් වර්ගය තම මෝටර් රථවලට යොදා ගනු ලබයි.මෙම එන්ජින් සාමාන්‍ය මෝටර් රථවල දැකගත හැකි එන්ජිවල ඇති පැතලි හිස් සහිත දහන සිලින්ඩර් වෙනුවට වෙනස් හැඩති (කෝණික කපාට සහිත ගෝලාකාර හිසකින් සමන්විත සිලිඩර් සහිත දහන කුටියක් ඇත)සිලින්ඩර් ඇති වඩාත් කාර්යක්ෂම සහ බලයෙන් වැඩි එන්ජින් වර්ගයක් වේ.
මෙම සුවිශේෂී එන්ජිම සහිතව ලොව වේගවත්ම drag race (සෘජු මාර්ගයක මෝටර් රථ දෙකක් යොදාගනිමින් ඉදිරිපසට ධාවනය කරමින් සිදු කරනු ලබන තරගයක්)රථය නිපදවීමේ අරමුණින් තම දිගු කාලින challenger රථ මාදිලියට අනියුක්තව වර්ෂ 2017 දී පළමු Demon රථය ලොවට එළිදක්වනු ලබනවා.මෙම රථය ලොව පළමුවෙන්ම drag තරග සදහා නිපදවූ මෝටර් රථය ලෙස හදුන්වනු ලබන අතර තම බාල සහෝදරයා වන Dodge Hellcat රථයට වඩා වැඩි බලයක් සහ වෙනස් එන්ජිමක් සහිතව නවතම තාක්ෂනය යොදා ගනිමින් මෙම රථය නිපදවනු ලබනවා.
hellcat රථයට සමාන නමුත් තරමක් වෙනස් ආකාරයේ සිලින්ඩර් 8 කින් සමන්විත 6.2 L Supercharged (හෙමි) Hemi V8 එන්ජිමක් මෙම රථයට යොදා ගැනෙන අතර ඉතාමත් ශක්තිමත් piston rods සහිත ද්විත්ව පොම්ප සහිතව විශාල blower එකක් සමගින් නිමවෙන මෙම එන්ජිමට උපරිම බලය ලෙස අශ්වබල 804ක් ලබාගත හැකිවන අතර මෙම එන්ජිම ලොව වැඩිම බලය සහිත V8 එන්ජිම ලෙස හැදින්වෙනවා
තවදුරටත් රථයේ ස්කන්ධය අඩුවන ආකාරයෙන් Demon රථය නිපදවනු ලබන අතර දැනට නිපදවා ඇති විශාලම ඉදිරපස විවුර්ත කවුළුව (hood scoop) සහිත රථය ලෙසද demon රතය හැදින්වෙනවා.මෙම කවුළුව තුලින් වැඩි වාතයක් එන්ජිමට ලබාගන්නා අතර එමගින් වැඩි බලයක් නිපදවීමට එන්ජිමට අවකාශය ලැබෙනවා.ඒවගේම ඉදිරපස රෝද දෙක සම්පුර්ණයෙන්ම අවහිර කිරීමේ හැකියාවත් (front-wheel line lock system) සහ transbrake (බල සම්ප්‍රේෂණය යාන්ත්‍රිකව ගියර වල ස්ථානගත ක්‍රමයකි) drag තරගවලටම යොදාගනු ලබන විශාල ප්‍රමාණයේ ටයර වලින් demon රථය සමන්විත වනු ලබනවා.
පිටුපස suspension පද්ධතිය අවහිර කරමින් drag තරගවලදී වැඩි ඝර්ෂණයක් ලබාගනිමින් ඉහල වේගයකට පැමිණීමේ හැකියාවත් demon රථය සතු වනවා.තවදුරටත් launch control (උපරිම බලය ධාවනය ආරම්භයේදී ලබාගැනීමට )හැකි අතර එහි අගය 3000 rpm දක්වා ඉහල අගයකට ගෙන ඒමේ හැකියාවත් මෙම රථය සතුවනවා. රථය ධාවනය අවසානයේ රත්වූ එන්ජිම සිසිල් කිරීමට රථයේ වායුසමීකරණය යොදාගැනීමේ හැකියාවත් මෙම රථය සතුවීම සුවිශේෂී ලක්ෂණයක් ලෙස හැදින්විය හැකිය.
සුවිශේෂීම කරුණ වන්නේ 2018 වර්ෂයේදී වේගය 0 සිට 100 දක්වා පැමිණිය හැකි ලොව වේගවත්ම මෝටර් රථය (ඉන්ධන දහනය කිරීම මගින් ධාවනය වන )ලෙස මෙය හැදින්වනු ලබනවා.එය තප්පර 2.3 කදී උපරිම වේගය 100 වෙත ලගාවන අතර එය එකල වේගවත්ම මෝටර් රථ වූ Bugatti Veyron, Ferrari Laferrari, Porsche 918 spyder සහ Mclaren 720 P රථවලටද වඩා මිලි තප්පර ගණනකින්ද අඩුය.
තවදුරටත් මේ අසාමාන්‍ය අමනුෂ්‍ය ධාවකයාගේ ගතිගුණ ගැන කිවහොත් සැතපුම් කාලක් තුල උපරිම වේගය ලබාගන්නා රථය ලෙසද මෙම රථය හැදින්විය හැකි අතර තප්පර 9.65 කදී උපරිම වේගය වන පැයට කිලෝමීටර් 225 දක්වා ලගා විය හැකිය.එපමණක් නොව පළමුව ධාවනය ආරම්භයේදී ඉදිරිපස රෝද ඉහලට එසවෙමින් ගමන් කළහැකි පළමු රථය ලෙසද ඒ අයුරින්ම වැඩිම දුරක් ගමන් කළහැකි රථය ලෙසද මෙම රථය ඉතිහාස ගතවනු ලබනවා.
කෙසේ වෙතත් මෙම යක්ෂ ධාවකයා මෙල්ල කල නොහැකි අමාරුකාරයෙකු බව තේරුම් ගත් NHRA (ඇමෙරිකාවේ ජාතික drag රථ තරග පවත්වනු ලබන සංගමය) විසින් මෙම රථය drag තරග වලට සහභාගී වීම අත්හිටවනු ලැබීම සිදු කරනු ලබනවා.
තවදුරටත් මෙම යක්ෂ ධාවකයාගේ අසාමාන්‍ය ගති පැවතුම් ගැන පැහැදිලි කළහොත් පෙර කි පරිදි මෙම රථය බොහෝ විට බලය සහ වේගය මුලික කොටගෙන නිපදවූ රථයක් වන අතර හැසිරවීම සහ ආරක්ෂාව පිළිබද එතරම් අවධානයක් යොමු කර නොමැති රථයකි.එම නිසා අනෙක් මෝටර් රථ මෙන් විවිද දේශගුණික සහ මාර්ග වල මෙම රථය ධාවනය කිරීමේදී බොහෝ විට සැලකිලිමත් විය යුතු වන්නේ මෙහි සුවිශේෂී drag ටයර හේතුවෙනි.අසීමිත වේගයක් සහිත මෙම රථය පාලනයකින් තොර වූ විට සිදු වන්නේ කුමක් දැයි අමුතුවෙන් කිව යුතු නොවේ.
එම නිසා ශ්‍රිත කාලවලදී වෙනම ටයර සවි කරගැනීමට සහ අනෙකුත් උපාංග සහිතව මෙම රථයටම ආවේනික වූ යක්ෂ කූඩය (Demon Crate) නම්වූ උපකරණ රැදවූ අසුරුමක්ද මෙම රථය සමග විකල්ප ලෙස ලබාගත හැක.එතනින් පමණක්ම නිමා නොවන මෙම යක්ෂ ධාවකයාගේ තවත් වියරු ගතිගුණයක් ලෙස මෙම රථයට රතු පැහැයෙන් සහ කළු පැහැයෙන් යුතු යතුරු දෙකක් ලැබෙන අතර කළු පැහැ යතුරෙන් පන ගන්වන විට මෙම රථයෙන් උපරිම බලය ලෙස අශ්වබල 500 ක බලය පමණක්ද රතු පැහැ යතුරෙන් පණගන්වන විට උපරිම බලය වන අශ්ව බල 804 ලබාගැනීමට හැකියාව ලැබෙන පරිදි මෙම රථය නිමවා තිබෙනවා.
බොහෝ විට මෙම රථය හුරු නොමැති කෙනෙකුට ලබාදීමේදී කළු පැහැ යතුර ලබාදීමෙන් අවම බලයක් සහිතව ධාවනය කිරීමට සැලැස්වීම මෙම අසාමාන්‍ය ධාවකයාගේ අනපේක්ෂිත ගතිගුණ මනාව විදහා පායි.මෙවන් අසාමාන්‍ය ගතිගුණ අතර තවත් සුවිශේෂී විශේෂාංගයක්ද ඇත එනම් මෙහි ගුවන් විදුලි යන්ත්‍රය පන ගන්වා තිබීමේදී එහි තැන්පත් කරනු ලබන ඕනෑම තමන් කැමති වර්ගයේ ගීතයක් වෙනත් නාලිකාවක් ඔස්සේ වාදනය වන බව හැගවීමද සිදු කරනු ලබයි.
අවසානයට කිවයුතු කරුනු ලෙස මෙහි ඉදිරිපස ඇතුලට වන ආකාරයේ පිහිටා ඇති ප්‍රධාන ලාම්පු දෙකෙහි විවුර්ත වා කවුළු දෙකක් ඇති අතර ඒවා මගින්ද මෙහි එන්ජිම සිසිල් කිරීමට වාතය ගෙන යනු ලබයි.එලෙසම වෙනත් කිසිම මාදිලියක දැකගත නොහැකි ආකාරයෙන් යක්ෂයෙකුගේ මුහුණ රැගත් විරූපී ලාංජනය මෙම රථයේ දෙපසත් ප්‍රධාන ලාම්පු දෙකෙහි ඇතුලත හිඩැසෙත් ටයර් වල මෙන්ම ඇතුලත එන්ජිම තුලින්ද දැක ගත හැකිය.
මෙම පොස්ට් එක ආරම්භයේ ප්‍රකාශ කල අමනුෂ්‍ය ගති ලක්ෂණ ඇති බියකරු පෙනුමකින් සමන්විත මෙම රථයට Demon යන නාමය වඩාත් ගැලපෙන බව දැන් ඔබට මනාව වැටහෙනු ඇත.සියල්ල එසේ වුවද Dodge සමාගමේ (SRT -street and racing technology) අංශය මගින් වර්ෂ 2018 දී SRT demon රථ නිපදවීම නවතා දමනු ලැබුවේ තවත් අමනුෂ්‍ය බලපෑමක් නිසාද යයි කිව නොහැකි වුවද නිසැක වශයෙන් මනුෂ්‍ය බලපෑමකින් යැයි කිව හැකිය.