2013 Dodge SRT Viper GTS – අවසාන විෂගෝර සර්පයාගේ දුක්බර නික්ම යාම.

පසුගිය දවස් කිහිපයේ තරමක් කාර්යබහුල විම නිසා post එකක් ගෙන ඒමට නොහැකි විමට කනගාටුව ප්‍රකාශ කරමින්ම අද post එක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.

Viper GTS යනු ඇමෙරිකාවේ Michigan නගරයේ පිහිටි සමාගමක් වන Dodge (Chrysler)සමාගම විසින් නිපදවනු ලැබු 1990 දශකයේ අග භාගයේදි ඉතාමත් ජනප්‍රියත්වයට පත්වු මෝටර් රථයකි .කෙතරම් ජනප්‍රියට පත්වුයේද යත් මෙම රථය මුල් කොටගෙන එකල රූපවාහිනි කතාමාලාද නිපදවිය.පොලොගෙකුගේ ශරිර හැඩය මුල්කරගෙන මෙම රථය නිපදවිම ආරම්භ වුන අතර ඉතාමත් සාර්තකව සර්පයෙකුගේ හැඩය මෙම රථයට ලබාදීමට මෙහි නිර්මානකරුවන් සමත්විය.

එකල තිබු ලොව වේගවත්ම මෝටර් රථයක් ලෙසද මෙම රථය ලොවපුරා නමක් දිනාගැනීමට සමත් විය.ඉතින් මේ රථයේ ඉතිහාස කතාව දෙසට මුලින්ම අවදානය යොමු කිරිමට ඔබගෙන් අවසර ඉල්ලා සිටින්නෙමි.

1988 වර්ශයේ අග භාගයේ අමෙරිකානු මෝටර් රථ සමාගම්වලට එල්ලවු තර්ජනයක් වූයේ ආනයනික මොටර් රථ රට තුලට විශාල වශයෙන් පෑමිනීමත් සමග ඔවුන්ගේ ආදායම් පහල බැසීමයි.මේ හේතුවෙන් විවිද වර්ගයේ ආකර්ශනීය මොටර් රථ නිපද වීමට සහ ඒවා වෙලදපොල ප්‍රසිද්ද කිරීමට දැඩි වෙහෙසක් ගනිමින් තම සමාගමේ තත්වය ආරක්ශා කරගැනීමට දේශීය ඇමෙරිකානු සමාගම් වලට සිදුවිය.

මේ අතර Dodge(Chrysler) සමාගමේ ඉහල නිලදාරීන්ගේ ආකල්පය වුයේ 1960 දශකයේ ඉතාමත් ජනප්‍රියත්වයට පත්වු රථයක් වු Ford Cobra රථයේ ආභාශය ගනිමින් නව රථයක් නිපදවීමයි.එවිට මෙම නව රථය තම සමාගමේ නාමය ඉහල ජනප්‍රියත්වයකට ලගා කරගැනීමට හැකි වේ යැයි ඔවුන්ගේ මතය විය.මේ අයුරින් එකල මොටර් රථ නිශ්පාදනයේ ජනප්‍රිය චරිතයක් වු Ford Shelby මහතාගේද සහය ඇතිව නව රථයක් නිපදවීම ඇරබින.

මෙම නව රථයේ නම ලෙස Viper යන නම යෙදිමට සියලු දෙනාගේම ඒකමතික තීරනය විය.1960 දශකවල නිපදවු බොහෝ රථවලට ආවේනික ලක්ශනයක් වු Long hood සහ short deck සන්කල්පය අනුව නව රථයේ හැඩය නිර්මානය විය.විශාල ප්‍රමානයෙන් යුතු ටයර් සහ යොදා ගැනුනු අතර සිලින්ඩර් 10 කින් යුතු 8.4L V10 එන්ජින් එකක් මෙම රථයට යොදා ගැනින. මෙහිදි මෙම නව එන්ජිමේ නිපදවීම් කටයුතුවලට සහභාගි වුයේ සුප්‍රකට Lamborghini සමාගමයි.එකල Lamborghini සමාගම Dodge (Chrysler) සමාගම යටතේ තිබීම හේතුවෙන් Lamborghini රථවල ආභාශයද මෙම රථයට ලැබින.

මේ අයුරින් නිපදවීම් අවසන් කරන ලද Viper රථය මොටර් 1989 Detroit Motor show එකෙහිදි සියලු දෙනාගේම අවදානය දිනා ගෑනිමට සමත් විය.එලෙස ආරම්භ වු Viper රථ ලොව පුරා අලෙවි වීම සිදු වු අතර කෙටි කලෙකින් ජනප්‍රිය රථයක් බවටද පත්විය.

ජනප්‍රියත්වය කෙසේවෙතත් මෙම රථයන්හි සෑපපහසුකම් සහ රියදුරාගේ දාවනය පහසු කරන ABS, traction control වන වැනි උපාන්ග වලින් මෙම රථය සන්නද්ද වි තිබුනේ නැත .එම නිසා මෙම රථයක් හැසිරවා ගැනීමද සෑම රියදුරෙකුටම කල නොහැකි විය.

විශාල එන්ජින් බලයකින් සහ වේගවත් රථයක් වු මෙම රථ හැසිරවීමද සර්පයෙකු දමනය කරනවාට වඩා අපහසු කරුනක් විය.ඉතාමත දක්ශ රියදුරෙකුට හැර මෙම රථ වේගවත් දාවනයකදී පාලනය කරගෑනීමට රියදුරන් අසමත් වුන අතර බොහෝ රිය අනතුරුවලින් විශාල මිනිස් ජිවිත ගනනාවක්ද අහිමි විය .ඒ හේතුවෙන් මෙම රථය මිනිමරු මොටර් රථයක් ලෙසද බොහෝ දෙනා හැදින් වු අතර බොහෝ රියදුරන් මෙම රථයන් දාවනය කිරීමටද බයක් දැක්වීය.

පසුකාලයකදි මෙම අපහසුතා මග හරිමින් නවීන උපාන්ග සමගින් රථය කරලියට පැමිනියද වරින් වර ඇතීවු මූලමය ගැටලු හේතුවෙන් නිශ්පාදන කටයුතු නවතා දැමිමට Dodge (Chrysler) සමාගමට සිදු විය.අවසානයේදි 2017 වර්ශයේදි රථ නිපදවිම නවතා ලෑබු අතර 2020 වර්ශයේදි නව රථයක් එලි දක්වන බවට සමාගමේ ආරන්චි මාර්ග පවසයි.කෙසේ වෙතත් Viper රථයට ආදරය කරන බොහෝ පිරිසක් නව රථයක් ඉදිරි දිනයකදි දැකගැනිමට මග බලා සිටින බවද මෙහිදී සදහන් යුතුය.

Leave a reply

Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...