2000 Audi Rosemeyer Concept – සැගවී ගිය අනාගත සැලසුම් මතින් අතීතයට

Audi Rosemeyer යනු දැනට දශක දෙකකට පෙර ජර්මානු Audi සමාගම විසින් 1930 දශකයේ සුප්‍රසිද්ධ මෝටර් රථ ධාවන තරග සදහා යොදාගත් ‘Silver Arrow’ නමින් හැදින්වූ මෝටර් රථ සඳහා උපහාරයක් ලෙස Wolfsburg හි Autostadt නගරයේදී 2000 වර්ෂයේදී එළිදක්වන ලද මෝටර් රථයකි.

Projekt Rosemeyer රථයෙහි Silver Arrow මෝටර් රථවලට හුරුපුරුදු ලක්ෂණ පැහැදිලිව දැකගත හැකි අයුරින් නිෂ්පාදනය කර තිබුණු අතර ඒ අතරින් දැවැන්ත රේඩියේටර් ග්‍රිල් (Radiator Grill) ඓතිහාසික ඔටෝ යූනියන් ‘රිදී ඇරෝ’ Auto Union Silver Arrow මෝටර් රථ සිහිපත් කරයි, එමෙන්ම ඉදිරිපස සිට පසුපසට ඇදීයන එන්ජිම වසාගත් දිගු ලෝහ කවරය සහ එහි සිරස් වායු ඇතුල් වීමේ විවරයන් (Air Intake)එම ලක්ෂණ ලෙස හැදින්විය හැකිය.

බර්න්ඩ් රෝස්මෙයර් (Bernd Rosemeyer) සහ ටැසියෝ නුවොලාරි (Tazio Nuvolari) වැනි ජනප්‍රිය රියදුරන් ජයග්‍රහණයන් කරා මෙහෙයවූ silver arrow රථවලට ආවේනික වූ සිලින්ඩර දහසයක් (16 Cylinders) සහිත විශාල ධාරිතාවලින් සමන්විත වූ එන්ජිමක් (සහෝදර සමාගම වූ Bugatti සමාගමෙන් නිෂ්පාදනය කරන ලද) Rosemeyer රථයටද ලබාදීමට Audi ඉංජිනේරුවන් තීරණය කොට තිබිණ.

මෙම Audi රථය නිර්මාණ අධ්‍යයනයේ ඇලුමිනියම් බඳෙහි සෑම ස්ථානයකම සමන්විත සිරස් හැඩැති වායු ඇතුල් වීමේ විවරයන් ප්‍රධානම අංගයක් ලෙස පෙනෙන ආකාරයෙන් නිෂ්පාදනය වී ඇති අතර වායුගතික හැඩැති නාසයේ ඇති ප්‍රධාන ලාම්පු මාර්ගය දෙසට එක එල්ලේ අවධානය යොමුවන ආකාරයෙන්ද නිෂ්පාදනය කර ඇති බව පෙනේ: සංයුක්ත සහ බලවත් සෙනෝන් හෙඩ් ලයිට් (Xenon Headlights) පැහැදිලි වීදුරු ආවරණට පිටුපස සවිකර ඇත.මෙහි ප්‍රධාන ලාම්පු දැල්වෙන විට ඉහළට ලිස්සා යන ලෝහ පැනල් (flush-fitting metal panels) පිටුපස ඇති විදුලි පහන් ආරක්ෂා වෙන ආකාරයෙන් නිෂ්පාදනය වී ඇත.

පිරිවිතර (Specifications)

  • නිර්මාණය (Design): අනාගතමය (futuristic) නිර්මාණයක්
  • එන්ජිම (Engine): 8.0 ලීටර් W16 එන්ජිමක් (ඔඩිගේ සහෝදර සමාගම වන බුගටි විසින් නිපදවූවකි)              
  • ශක්තිය (Horsepower): 700 හැස්පවර්
  • ක්‍රියාකාරිත්වය (Performance):
      - 0 සිට 60 mph දක්වා වියළි තත්ත්වයකදී තත්පර 4කින්
      - ඉහළම වේගය පැයේ 217 mph පමණ
  • ගියර පද්ධතිය (Transmission): 6-ගියර මැනුවල් ගියර පද්ධතියක්

Leave a reply

Recent Comments

No comments to show.
Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...