1956 Maserati A6G 2000 Berlinetta Zagato – ඉතාලි මෝටර් ශිල්පය, ශෛලිය සහ උරුමය එකට රැගෙන එන අමරණීය උරුමයක්

Maserati සමාගම ඉතාලියානු සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදකයෙනු වන බව අපගේ පාඨකයන්ට අමුතුවෙන් කියා දිය යුතු නොවන බව අපගේ මතයයි.ඔබට බොහෝ විට ඉතාලියානු මෝටර් රථ ලෙස සිහිවන්නේ Ferrari සහ Lamborghini සන්නාමයන් වුවද Maserati සන්නාමය සියවසකට අදික ඉතිහාසයක් ඇති ලොව පුරා ජනප්‍රිය සන්නමයක් වන්නේ සුඛෝපභෝගී මෙන්ම ක්‍රීඩාශීලි මෝටර් රථ නිපදවන්නෙකු ලෙසයි.

වරෙක ඉතාමත් ඉහල තත්වයේ මෝටර් රථ මෙන්ම වේගවත්ම මෝටර් රථ නිපදවන්නකු ලෙස 1960 දශකයේ පෙරලිකාරයන් වූ ඔවුහු එවකට මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ ආදීපත්‍යය පැතිරවූ Ferrari සමාගමේ මෝටර් රථවලට කරට කර සටනක් දීමට සැමවිටම උත්සහ කළේය.

ඒ අතරින් ඔවුන්ගේ වර්ෂ 1947 සිට 1956 දක්වා කාලය තුල නිපදවනු ලැබූ A6 රථ මාලාව වේගවත් මෙන්ම සැපපහසු මෝටර් රථ මාලාවක් විය.මෙම A6 මෝටර් රථ මාලාවේ නිපදවූ සුවිශේෂීම රථයක් ලෙස අද අපගේ මාතෘකාව වන 1956 Maserati A6G 2000 Berlinetta Zagato රථය ඉතාමත් දුර්ලභ මෙන්ම ආකර්ශනිය මෝටර් රථයක් බව බැලු බැල්මටම පෙනී යයි.

ඇමරිකානු වෙන්දේසිකරුවන් වන RM Sotheby’s ඇස්තමේන්තුව අනුව මෙම රථය අවම වශයෙන් ඩොලර් මිලියන 4.25 කට මිල කොට ඇත.මෙම විශේෂිත මාදිලිය 1956 දී මිලේ මිග්ලියා (Mille Miglia) තරගයේදී තරඟ වැදුණු අතර එය මෙතෙක් ඉදිකර ඇති කාර් 20 න් එකකි.එය වසර දෙකක් තිස්සේ නැවත නිම කරනු ලැබූ අතර හරහා ගොස් 2014 පෙබල් බීච් කොන්කෝර්ස් ඩි එලිජන්ස් හිදී ( Pebble Beach Concours d’Elegance)සම්මාන දෙකක් දිනා ගත්තේය.

තනි විසිතුරු ග්‍රිල්(singularly ornamented grille) ඇතුළු අද්විතීය ආකර්ශනීය මෙන්ම එයටම ආවේනික නිපැයුමක් සහිතව නිපදවා ඇති මෙම මාදිලිය කර්මාන්තශාලාවෙන් නිකුත් කරන ලද මුල් එන්ජිම සහ ගියර් පෙට්ටිය තවමත් රඳවා ගෙන ඇත.

Zagato වර්ගයේ සුවිශේෂී බදක් සහිතව නිමවා ඇති දුර්ලබ රථ විස්සෙන් එකොලොස්වන රථය වන මෙය අශ්වබල 160 ක නිපදවිය හැකි 2.0L Inline 6 එන්ජිමක් සහිතව වේග 4ක Manual ගියර් පද්ධතියකින් සමන්විතයි.

මෙහිදී Zagato යනු ඉතාලියේ ස්වාධීන මෝටර් රථ බදවල් නිපදවීමේ සමාගමක් වන අතර ඉතාලියේ මිලාන් හි පිහිටි සම්පූර්ණ සැලසුම් මධ්‍යස්ථානයකි. ලොව පුරා විවිධ මෝටර් රථ නිෂ්පාදකයින් සඳහා ක්‍රීඩා මෝටර් රථ සඳහා විශේෂ සුපිරි සැහැල්ලු බදවල් නිර්මාණය කිරීම සහ සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙම සමාගම ප්‍රසිද්ධ වේ.

Zagato ක්‍රීඩාශීලිත්වය උපතින්ම හිමිවන මෙහි වටකුරු හෙඩ් ලයිට් සහ කෑලි දෙකේ ක්‍රෝම් බම්පරය මෙන් විශාල ට්‍රයිඩන්ට් ලාංඡනය සහිත ග්‍රිල් සැබවින්ම ඇසට චමත්කාරය ගෙන දෙනවා නිසැකය.එහි බෝරානි වයර් රෝද, කුඩා ඕවලාකාර පිටුපස ලාම්පු සහ ස්ප්ලිට් ක්‍රෝම් බම්පර් නිසා අලංකාරය තව දුරටත් වැඩි වීම ඒකාන්තය.

එය ධාවන ආනුභාව ලත් අභ්‍යන්තරය(race inspired) රඳවා තබා ගත් ආසන,දොර පුවරු මත සම් සහ ලී දාරයක් සහිත අංග සුක්කානම් රෝදය තම පරම්පරාගත ස්වදේශීය ප්‍රතිවාදියා වන Ferrari 250 SWB රථයට ඉතාමත් හොද තරගකාරී බවක් එකතු කරන බව මෝටර් රථ ලෝලීන්ගේ මතයයි.

Leave a reply

Recent Comments

No comments to show.
Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...