මෝටර් රථ දුරස් වූ මිනිසුන් නැවත සමීප කරනවා යැයි කිවහොත් එය ඔබට පුදුම වීමට කරුණක් නොවිය හැකිය.නමුත් දුරස්ථභාවය වැඩි වනවාත් සමගම සමීප වීමට අවශයතාවය වැඩි වනවා නොවේද? දැනට වසර 30 කට පමණ පෙර ගොඩ නැගු බර්ලින් තාප්පයේ කතාව ඔබ අසා තිබේද? දුරස් වූ පුද්ගලයන් මෙන්ම නිදහස සොයා යන පුද්ගලයන් සමීප කල BMW Isetta රථයේ කතාව මේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට ප්‍රමාණවත් වේ.ඉතින් මේ කතාවේ මුලික තේමාවක් වන බර්ලින් තාප්පයේ ගොඩනැගීම පිළිබද කතාව පළමුව ආරම්භ කර යුතු වන්නේ එසේ නැතහොත් කථාව අසම්පුර්ණ වන හෙයිනි.එසේනම් පළමුව දෙවන ලෝක යුද්ධයේ අවසානය සමගින් කතාව ඇරබිමට අවසරය.
වර්ෂ 1945 දී ඇමෙරිකා එක්සත් ජනපදය,එංගලන්තය,ප්‍රංශය සහ සෝවියට් රුසියාව ඇතුළු මිත්‍ර හමුදා මගින් දෙවන ලෝක යුද්ධයෙන් පසුව පරාජය ලැබූ ජර්මනියේ විවිධ ප්‍රදේශයන් පාලනය කරනු ලැබුවේ ඒ ඒ රටවල් ජර්මනියේ අත්පත් කරගත් ප්‍රදේශ අනුවයි.
ඒ අනුව එංගලන්තය,ප්‍රංශය සහ ඇමෙරිකාව යන රටවල් විසින් බටහිර ජර්මනියද සෝවියට් රුසියාව විසින් නැගෙනහිර ජර්මනියද පාලනය කිරීම යුද්ධය නිමාවීමෙන් පසුව ඇරබින.කෙසේ නමුත් බටහිර ජාතින් සහ සෝවියට් සමුහාණ්ඩුව සමග ලෝකයේ බලය පිළිබද දේශපාලන ගැටුමක් ඇතුලතින් නිර්මාණය වෙමින් තිබු අතර ජාත්‍යන්තර වශයෙන් දෙපිරිස අතර ජ්රමනිය නැවත ගොඩනැගීමේ අදහස් පිළිබද සාකච්ඡා එකගතාවයකින් තොරව අවසන් බොහෝ විට අවසන් වුයේ ඔවුන්නොවුන් අතර සීතල යුද්ධයක පෙරනිමිති පහලවෙමිනි.
බටහිර ජාතින් තම ප්‍රතිපත්ති අනුව බටහිර ජර්මනිය ගොඩ නැගීමට උත්සහ කරන විට රුසියාව ජර්මනිය පිළිබද දැක්වූ ආකල්ප තරමක් වෙනස් ස්වරුපයක් ගත අතර ඔවුන්ගේ වක්‍රාකාර අදහස වුයේ යුධ අපරාද සම්බන්දයෙන් ජර්මනිය අනෙකුත් රටවල් සදහා වන්දි ගෙවිය යුතු බවයි.ඒ අනුව නැගෙනහිර ජර්මනියේ පාලන කටයුතු රුසියාවට අවශ්‍ය ආකාරයට පාලනය කෙරුණු අතර ජ්රමනිය සතුවූ භෞතික සම්පත් වන ඛනිජ,අමුද්‍රව්‍ය,බොර තෙල් මෙන්ම මානව සම්පත් රුසියානු ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා යොදා ගනු ලැබිණ.
තවදුරටත් රුසියාව විසින් කර්මාන්තශාලා විශාල වශයෙන්ද එරට තුල ස්ථාපනය කරනු ලැබූ අතර නැගෙනහිර ජර්මානු වැසියන් නිදහස් සෞඛ්‍ය සේවා සහ අනෙකුත් යටිතල පහසුකම් නොමිලේ ලබාදෙන බව ලබාදෙන පොරොන්දුව මත එම කර්මාන්ත තුල කටයුතු සදහා යොදා ගනු ලැබිය.ඒ අතර බටහිර ජර්මනිය තුල ඉහල වේතන සහ උසස් අධ්‍යාපනය යන කරුණු සදහා අනුග්‍රහය ලබා දෙන බවට පොරොන්දු මත බටහිර වැසියන් එම කර්මාන්තවල කටයුතු සදහා යොදා ගනු ලැබිණ.
මේ කරුණු හේතුවෙන් වැඩි වේතන බලාපොරොත්තුවෙන් නැගෙනහිර ජර්මනියේ වැසියන් බටහිරට සංක්‍රමණය වීමට ආරම්භ වීම සිදු විය.මෙම සංක්‍රමණයන් හේතුවෙන් තමන් සතු මානව සම්පත බටහිරට ගලා යාම වැලැක්වීම සදහා වර්ෂ 1961 අගෝස්තු 13 වන දින රාත්‍රියේදී සම්පුර්ණ ජර්මනිය දෙකට බෙදා වෙන් කරමින් තාප්පයක් නිර්මාණය කිරීම ආරම්භ වූ අතර පළමුව යකඩ කම්බිවලින් නිර්මාණය වූ මෙම දේශ සීමාව පසුව අධි ආරක්‍ෂිත කලාපයක් ලෙස ඉදිරි වසර කිහිපය සදහා ගොඩනැගීම සිදු විය.එදින රාත්‍රියේ සිට දේශ සීමාව හරහා වෙලදාම් සහ ගමනාගමනය සම්පුර්ණයෙන්ම තහනම් කරනු ලැබුනේ රුසියානු රජයේ අණ පරිදිය.
එතැන් පටන් මෙම දේශ සීමාව පසු කර යැමට කිසිවකුටත් නොහැකි වන ලෙස ආරක්ෂාව තද කරනු ලැබූ අතර නැගෙනහිර ජර්මානු වැසියන්ට රුසියාවේ ඒකාධිපති පාලනයට යටත්ව අසීරු ජිවිතයක් ගත කිරීමට සිදු විය.
ඒ අනුව අපගේ කථා තේමාව වන BMW Isetta රථයෙන් ජාකොබි නම්වූ සංචාරක මග පෙන්වන්නා මෙම දේශ සීමාව තරණය කර තම මිතුරා වන මැන්ෆ්‍රඩ් කොස්ටර් ව නැගෙනහිර ජර්මනියේ සිට බටහිර ජර්මනියට හොර රහසේම රැගෙන එන කථාව මෙලෙස ආරම්භ වේ.
වර්ෂ 1964 වන විට ජර්මනිය දෙකට බෙදා වෙන්කොට වසර 3ක් පමණ ගතවී තිබුන අතර නැගෙනහිර ජර්මනියේ ජිවත් වූ මැන්ෆ්‍රඩ් කොස්ටර් හට බටහිර ජර්මනියට පලා යාමට අවශ්‍ය වන්නේ සැපපහසුකම් වලින් යුත් නිදහස් ජිවිතයක් ගත කිරීමේ අදහස ඇතුවයි.ඔහු මේ සදහා තම පැරණි මිතුරෙකු වන ජාකොබ්ට තමාට උදව් කරන ලෙස ඉල්ලා සිටි විට ඔහු මේ සදහා සැලැස්මක් උපායශීලිව ගොඩ නැගීය(ඒ වනවිට බර්ලින් තාප්පය ඉදිකිරීමට වසර තුනකට පෙර යාකොබිගේ පවුල 1958 දී බර්ලින් නගරයෙන් බටහිරට පිටත්ව ගොස් තිබුණි).
ඔහු මේ සදහා යොදා ගැනීමට සැලසුම් කරන ලද්දේ අන් කවරක් නොව තම කුඩා BMW වර්ගයේ Isetta රථයයි. මෙම කුඩා මෝටර් රථය පළමුව ලොවට හදුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ ඉතාලියේ ශිතකරණ,ස්කුටර් සහ ත්‍රිරෝද ට්‍රක් රථ නිෂ්පාදනය සදහා ජනප්‍රියත්වයක් ඉසිලු Iso SPA නම්වූ සමාගමට වන අතර ඔවුන්ගේ අවසරය ඇතුව ජර්මනිය ඇතුළු විවිධ යුරෝපා රටවල මෙම කුඩා රථය නිෂ්පාදනය කරනු ලැබිය.
තනි සිලින්ඩරයකින් සමන්විත වීමත් ඉන්ධන ලීටර් 3කින් කිලෝමීටර් සීයයක් ධාවනය කිරීමට හැකිවීමත් මෙම රථයේ සුවිශේෂී හැකියාවන් අතර විය.දිගින් මීටර් 2.30 ක් සහ පළල මීටර 1.40 ක් පමණක් වන මෙම කුඩා රථයේ තම මිතුරාව සගවා දේශ සීමාව තරණය කිරීම ඔහුගේ අරමුණ විය.
මෙම කුඩා රථය තුල පුද්ගලයෙකු සගවා ගෙන යා හැකි යැයි පිටතින් මේ දෙස බලන කිසිවකුටත් කිව නොහැකි අතර දේශ සිමා මුරකදවුරේ සොල්දාදුවන් වුවද මෙය සැක නොකරාවි යයි ඔහු සිතන්නට ඇත.හොර රහසේම මෝටර් රථ කම්හලකින් පුද්ගලයෙකු ගෙන යා හැකි වන පරිදි මෙම පරිවර්තනය සිදු කළේය.
ඔහු ආසන පිටුපස ඇති කොටසේ විවරයක් කපා රාක්කය ඉහළට ගෙන අමතර රෝදය, උණුසුම සහ වායු පෙරණය ඉවත් කොට සැඟවුණු මගියාට ඉඩක් ලබා දීම සඳහා වෙනස් කරනු ලැබූ අතර ඔහු ලීටර් 13 ක ඉන්ධන ටැංකිය වෙනුවට කුඩා ඉන්ධන ටැංකියක්ද සවි කරනු ලැබිය.
බර්ලින් කෞතුකාගාරය හරහා නිතිපතා අමුත්තන් සමඟ පැමිනෙන සංචාරක මාර්ගෝපදේශකයෙකු ලෙස කටයුතු කරන ඔහු තම මිතුරාව රථයේ සගවා නැගෙනහිර ජර්මනියෙන් දේශ සිමා හරහා බටහිර ජර්මනියට ලගා වන්නේ මුරකාවල් වල රුසියානු හමුදා බටයන්ටද සැකයක් ඉතුරු නොකරමිනි.
විවිද ක්‍රමවලින් නැඟෙනහිර හා බටහිර අතර දැඩි ලෙස පාලනය වන දේශ සීමාව සහ සියලු ගැටළුවලට එරෙහිව නිදහස කරා යාමට උත්සාහ කළ ජනතාව බොහෝ විට මෙම දේශ සීමාව තරණය කිරීමේදී ඝාතනය වූවද මෙම කුඩා BMW Isetta රථය යොදා ගෙන අපහසුවකින් තොරව තවත් පුද්ගලයන් 10ක් පමණ බටහිරට ගෙන යාමට ජාකොබ්ට හැකිවිය.
වර්ෂ 1991 දී නොවැම්බර් වලදී බර්ලින් තාප්පය කඩා වැටී අදට වසර 30 ක් පමණ ගියද නිදහස, දක්ෂතාවය සහ ඉංජිනේරු කුසලතා සඳහා වූ ආශාව පිළිබඳ මිනිසාගේ උද්යෝගය BMW Isetta රථය අදටත් අපට සිහි කරවයි.
වරක් බෙදී ගිය බර්ලින් නගරයේ ආදරණිය මිනිසුන් නැවත එකතු කරන්නට කුඩා මෝටර් රථයකට එලෙස හැකි වුයේ (Cars Connect People) මෝටර් රථ මිනිසා එකට එකතු කරනවා යැයි නැවත නැවතත් සිහිපත් කරමිනි.