Type 41 Royale යනු Ettore Bugatti මහතාගේ අනුදැනුම ඇතිව Bugatti සමාගම විසින් නිෂ්පාදනය කරන ලද විශාලතම සහ සුඛෝපභෝගීම මෝටර් රථය වේ.එය නිර්මාණය කර ඇත්තේ රාජ්‍ය නායකයින් සහ රියදුරන් විසින් පදවනු ලබන සුවිශේෂී මගීන් රැගෙන යන චාරිකා සදහා පමණි (මෙහිදී මගියා බොහෝවිට සමාජයේ උසස් තත්ත්වයේ පුද්ගලයෙකු වේ).මෙය දිග සහ එන්ජින් විස්ථාපනය යන දෙකම විශාලතම Bugatti රථය විය.
Type 41 Royale හි wheelbase (වාහනයේ ටයර අතර දුර ප්‍රමාණය) අඟල් 169 ට වඩා වැඩි වූ අතර සමස්ත දිග අඟල් 236 ට වඩා වැඩි විය (එය නවීන Honda Odyssey එකකට වඩා අඟල් 33ක් දිගු වේ). වාහනයේ පළමු මූලාකෘතිය 1926 දී ඉදිකරන ලද අතර එය පළමු නිෂ්පාදන මිනුම් වලට වඩා දිගු විය.
මෙම පළමු මූලාකෘතිය වර්ෂ 1926 දී ඉදිකරන ලද නමුත්, වර්ෂ 1932 වන තෙක් Bugatti සමාගමට මෙම පළමු නිෂ්පාදන මාදිලිය විකිනීමට හැකියාවක් තිබී නොමැත.