𝐓𝐞𝐬𝐥𝐚 𝐑𝐨𝐚𝐝𝐬𝐭𝐞𝐫 – වේගවත් අකුනුසැරය

ලොව වේගවත්ම මෝටර් රථ අතර 7 වන ස්ථානය හිමිවන්නේ විද්‍යුත් බලයෙන් ක්‍රියා කරන මෝටර් රථයක් වන 𝐓𝐞𝐬𝐥𝐚 සමාගමේ නිෂ්පාදනය වන 𝐓𝐞𝐬𝐥𝐚 𝐑𝐨𝐚𝐝𝐬𝐭𝐞𝐫 රථයටයි.

එන්ජිමක් නොමැතිව විද්‍යුත් බලයෙන් ක්‍රියාත්මක වන මෙම රථයෙහි ධාවන පරාසය කිලෝමීටර 1000 කට ආසන්න අගයක් ගනු ලබනවා. විදුලි බලයෙන් ක්‍රියා කරන රථයක් ලෙස මෙතරම් දුර පරාසයක ධාවනය කලහැකිවිම ද මෙම රථයේ පවතින සුවිශේෂිතාවයකි.

පැයට කිලෝමීටර 100 ක වේගයකට ලගාවීමට මෙම රථයට ගතවන්නේ තත්පර 2 වඩා අඩු කාලයකි.මෙම රථයේ විද්‍යුත් මෝටර මගින් රෝද හතරටම ධාවන හැකියාව ලබාදෙන අතර (all wheel drive) 4 දෙනෙකුට පහසුවෙන් ගමන්කල හැකි වන අයුරින් මෙය නිපදව තිබෙනවා.

ඉදිරිපස එක් මෝටරයකින් ද පිටුපස මෝටර් දෙකකින් ද මෙම රථයේ ධාවනය සිදුවන අතර 𝐓𝐞𝐬𝐥𝐚 සමාගමේ නිර්මාතෘ පවසන අයුරින් මෙම මෝටර් රථ 2020 වර්ෂයේ සිට වෙළදපොලට පැමිණිමට නියමිතය.

විද්‍යුත් මෝටර් රථ නිපදවීම අතරින් ලෝකයේ ප්‍රසිද්ධ නමක් දිනාගෙන සිටින 𝐓𝐞𝐬𝐥𝐚 සමාගාම විසින් මෙම රථය නිපදවීම ඔවුන්ගේ සුවිශේෂි සංධිස්ථානයක් ලෙස සලකනු ලබනවා. ලෝකයේ අවධානය තව තවත් වැඩි කරගැනීමට මෙම 𝐑𝐨𝐚𝐝𝐬𝐭𝐞𝐫 රථය හේතුවක් වන බව අමුතුවෙන් කිවයුතු කරුණක් ද නොවේ.

Leave a reply

Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...