𝐊𝐨𝐞𝐧𝐢𝐠𝐬𝐞𝐠𝐠 𝐑𝐞𝐠𝐞𝐫𝐚 – ස්වීඩනයට බලාපොරොත්තුවක්

ලොව වේගවත්ම මෝටර් රථ අතර 6 වන ස්ථානයේ රැදී සිටින්නේ ස්වීඩන් සමාගමක් වන 𝐊𝐨𝐞𝐧𝐢𝐠𝐬𝐞𝐠𝐠 සමාගමේ නිෂ්පාදනය වන 𝐑𝐞𝐠𝐞𝐫𝐚 රථයයි.

1994 දී 22 හැවිරිදි ස්වීඩන් ජාතික Christian von Koenigsegg මහතාගේ සංකල්පයකට අනුව මෙම රථ නිෂ්පාදනය ආරම්භ වන අතර එතෙන් සිට විවිද කඩයිම් පසුකරමින් මෝටර් රථ ලෝකයේ පෙරලියක් සිදුකිරීමට 𝐊𝐨𝐞𝐧𝐢𝐠𝐬𝐞𝐠𝐠 රථ වලට හැකි වෙනවා. 2005 වසරේදී ලොව වේගවත්ම මෝටර් රථය ලෙස 𝐊𝐨𝐞𝐧𝐢𝐠𝐬𝐞𝐠𝐠 𝐂𝐂𝐑 රථය ඉතිහාසගත වෙනවා. අද අපි විමසුමට ලක්කරන 𝐑𝐞𝐠𝐞𝐫𝐚 රථය ද සුවිශේෂී ලක්ෂණ බොහොමයකින් සමන්විතයි.

එයින් එක් කරුණක් නම් මෙම මෝටර් රථයට transmission එකක් නොමැති වීමයි. (Auto හෝ Manual transmission). ඒ වෙනුවට 𝐊𝐨𝐞𝐧𝐢𝐠𝐬𝐞𝐠𝐠 විසින් ලෝකයට හදුන්ව දුන් direct drive තාක්ෂණය මෙම රථයේ භාවිතා වෙනවා. Twin turbo v8 එන්ජිමක් සමග විද්‍යුත් මෝටර් 3ක් සමග සම්බන්ධ වී hybrid battery එකකින් මෙම direct drive තාක්ෂණය ක්‍රියාත්මක වෙනවා. මෙහිදී පාරම්පරික gearbox එක ඉවත්වීම සිදුවන අතර රථයේ ස්කන්ධය ද අඩුවීම සිදුවෙනවා.

මෙම රථය ඉහල වේග වලදී පසුපස spoiler හා වා කවුළු විවරවෙමින් හා වැසෙමින් රථය පොලවට සමාන්තරව රදවා තැබෙනවා, ඒ සියලුම ක්‍රියාකාරම් මගින් රථයේ exterior වල වෙන වෙනස්වීම auto-skin ලෙස හදුන්වනවා.

තවත් සුවිශේෂී ලක්ෂණයක් ලෙස මෙම රථයේ doors හැදින්විය හැකියි. ඒවායේ විවරවිම් රථයේ බඳට සමාන්තරව සිදුවෙනවා .රථයේ exterior හා interior වල බොහෝ වෂයෙන් carbon fiber යොදාගෙන තිබෙනවා. 𝐊𝐨𝐞𝐧𝐢𝐠𝐬𝐞𝐠𝐠 රථයටම අවේනික සුවිශේෂී අංග විශාල ප්‍රමාණයක් හේතුවෙන් මෙම රථය අනෙකුත් මෝටර් රථ අතරින් වෙන්කර හදුනා ගැනීමට පහසු වෙනවා.

අවසාන වශයෙන් මෙම රථයේ නම 𝐫𝐞𝐠𝐞𝐫𝐚වචනය ස්වීඩන් භාෂාවෙන් “පාලනය කිරීම ” (Rule) යන වචනයෙන් බිදී පැමිණි වචනයක් වන බව ද කිව යුතුය. කෙසේනමුත් සියලුම hybrid මෝටර් රථ පරදවමින් ලොව වේගවත්ම hybrid මෝටර් රථය 𝐊𝐨𝐞𝐧𝐢𝐠𝐬𝐞𝐠𝐠 𝐑𝐞𝐠𝐞𝐫𝐚 රථය බවට පත්වෙනවා.

Leave a reply

Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...