ඇත්තටම 𝐁𝐮𝐠𝐚𝐭𝐭𝐢 𝐂𝐡𝐢𝐫𝐨𝐧 රථය ලෝකයේ වේගවත්ම මෝටර් රථය ද ?
𝐂𝐡𝐢𝐫𝐨𝐧 එක ද Fast, 𝐁𝐮𝐠𝐚𝐭𝐭𝐢 𝐯𝐞𝐲𝐫𝐨𝐧 𝐬𝐮𝐩𝐞𝐫𝐬𝐩𝐨𝐫𝐭 එක ද ?
අපේ කලින් පොස්ට් වලට අදහස් දැක්වු අපේ මිත්‍රයන්ට මේ පිළිබද කුතුහලයක් ඇති. ඔව් මේ ප්‍රශ්නයට යම් විග්‍රහයක් අපි මේ පොස්ට් එකෙන් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
𝐁𝐮𝐠𝐚𝐭𝐭𝐢 රථය 2017 වර්ෂයේ දී පැයට කිලෝමීටර් 400 දක්වා වේගය ලබාගැනීම අඩුම කාලයකින් සිදුකල මෝටර් රථය ලෙස ඉතිහාසගත වෙනවා. මෙම වාර්තාව සදහා formula 1 monaco grand prix ජයග්‍රහක juan pablo montoya විසින් 𝐁𝐮𝐠𝐚𝐭𝐭𝐢 රථය ධාවනය කරනු ලැබුවා.
නමුත් මෙම රථයේ උපරිම වේගය 𝐁𝐮𝐠𝐚𝐭𝐭𝐢 veyron 𝐬𝐮𝐩𝐞𝐫𝐬𝐩𝐨𝐫𝐭 රථයට වඩා අඩු අගයක් ගනු ලබනවා එසේ වීමට හේතුව එහි වේගය electronically limit කර තිබීමයි. ඇත්තටම අවුරුදු ගණනක් තිස්සේ 𝐯𝐞𝐲𝐫𝐨𝐧 රථයේ අනුප්‍රපතිකයෙකු (එනම් 𝐯𝐞𝐲𝐫𝐨𝐧 රථයට වඩා සාර්ථක වේගවත් රථයක්) නිපදවීමට උත්සහ ගත් 𝐁𝐮𝐠𝐚𝐭𝐭𝐢.
සමාගමට වැරදුන දැයි සමහරු මත පලකල නමුත් ඇත්තටම 𝐁𝐮𝐠𝐚𝐭𝐭𝐢 සමාගමට වැරදුනේ නැත. ඔවුන් පෙර විමසුමක් කළා පමණි. එසේ කිරීමට හේතුව වන්නේ 𝐁𝐮𝐠𝐚𝐭𝐭𝐢 𝐂𝐡𝐢𝐫𝐨𝐧 රථයේ special edition එකක් ඔවුන් හොර රහසේම නිපදමින් සිටින නිසාවෙනි. ඔවුන්ගේ අරමුණ වන්නේ ප්‍රබල ප්‍රතිවාදීන් වන
Hennessey සහ Koenigsegg රථ වලට ලගාවිය නොහැකි අබියෝගයක් ලබාදීමයි. 𝐁𝐮𝐠𝐚𝐭𝐭𝐢 සමාගමේ අබියෝගයට මෙම සමාගම් දෙක කෙසේ පිළිතුරු ලබා දෙයිද යන්න ඉදිරියේදී අපිට දකින්න ලැබේවි.
𝐂𝐡𝐢𝐫𝐨𝐧 යන නාමය යොදා ඇත්තේ ලෝක යුද සමයේ මෝටර් රථ ධාවකයෙකු වූ මොනාකෝ ජාතික
𝐋𝐨𝐮𝐢𝐬 𝐂𝐡𝐢𝐫𝐨𝐧 මහතා ගේ නාමය සිහිවීම සදහායි. ඔහු එම සමයේ බිහිවූ විශිෂ්ටතම මෝටර් රථ රියදුරෙකු ලෙස සලකනවා.
මෙම රථයේ එන්ජිම බොහෝසෙයින් 𝐯𝐞𝐲𝐫𝐨𝐧 රථයට සමාන අතර exterior හි විශාල වෙනස්කම් පමණක් දැකගත හැකි වෙනවා. මෙම 𝐂𝐡𝐢𝐫𝐨𝐧 රථයේ headlights සහ rear lights ඉතාමත් සිත් ඇදගන්නා ආකාරයෙන් නිමවා ඇති අතර rear exterior එක 𝐯𝐞𝐲𝐫𝐨𝐧 රථයට වඩා වෙනස් මුහුණුවරක් ගනු ලබනවා.
ඉතින් නුදුරේදී ම 𝐁𝐮𝐠𝐚𝐭𝐭𝐢 රථයක් ලොව වේගවත්ම රථයේ කිරුල ඔවුන් වෙතට ලබාගනු ඇති. ඉතින් අපිට ඉදිරියේදී ලොව වේගවත්ම රථයේ කිරුළ හිමිකර ගැනීමේ තීරණාත්මක සටනේ තරගකරුවන්ගේ හැකියාවන් දැකගතහැකි වේවි.
අපි 𝐁𝐮𝐠𝐚𝐭𝐭𝐢 𝐬𝐮𝐩𝐞𝐫𝐬𝐩𝐨𝐫𝐭 රථය වේගවත්ම රථයක් ලෙස හදුන්වා දීමටත් 𝐁𝐮𝐠𝐚𝐭𝐭𝐢 𝐂𝐡𝐢𝐫𝐨𝐧 රථයට මේ ආකාරයේ විශේෂ ස්ථානයක් ලබා දීමටත් හේතුව ඔබට දැන් පැහැදිලි ඇති.