ලොව දැනට ඇති වේගවත්ම මෝටර් රථ අතර 10 වන ස්ථානය රැකගැනීමට බ්‍රිතාන්‍ය මෝටර් රථ සමාගමේ නිපයුමක් වන 𝐀𝐬𝐭𝐨𝐧 𝐌𝐚𝐫𝐭𝐢𝐧 𝐎𝐍𝐄-𝟕𝟕 මෝටර් රථය සමත්ව තිබෙනවා. මෙම රථයේ උපරිම වේගය 220mph ලෙස සදහන් වෙන අතර එනම් පැයට කිලෝමීටර් 354 පමණ වේ. මෙම මෝටර් රථ සීමිත ප්‍රමාණයක් නිපදව ඇති අතර ලෝකයේම තිබෙන සියලුම මෝටර් රථ ගණන 77 වේ. ඒ අනුව 𝐎𝐍𝐄-𝟕𝟕 යන නාමය මෙම මෝටර් රථයට ලැබී තිබෙනවා.
මෙම රථය 7.3L (ලීටර 7.3) සිලින්ඩර 12 සහිත V12 එන්ජිමකින් සමන්විත වන අතර මෙම එන්ජිමට 750bhp බලයකුත් 8000lb torque ව්‍යවර්තයක් නිපදවීමේ හැකියාවද තිබෙනවා. මෙම රථයට වේගය 0 සිට 60 දක්වා ලගාවීමට ගතවන්නේ තත්පර 3.5 ක කාලයකි.
මෙම රථයේ ඉතිහාසය දෙස බලනවිට බ්‍රිතාන්‍ය මෝටර් රථ නිපදවන සමාගම් අතරින් සුවිශේෂී ස්ථානයක් මෙම සමාගමට හිමිවෙනවා. එයට හේතුව නම් අවුරුදු 100 කට අධ්ක ඉතිහාසයකට මෙම සමාගම හිමිකම් කීමයි. සුප්‍රකට James Bond චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතයට අයත් නිල රථය ලෙස අවුරුදු ගණනක් පුරාවට 𝐀𝐬𝐭𝐨𝐧 𝐌𝐚𝐫𝐭𝐢𝐧 යොදාගන්නවා. ඔබ Quantum of solace වැනි චිත්‍රපට රසිකයෙක් නම් 𝐀𝐬𝐭𝐨𝐧 𝐌𝐚𝐫𝐭𝐢𝐧 රථයේ හැකියාවන් වටහා ගැනීම අපහසු කරුණක් නොවේ. ලෝකයේ සියලු Sports Cars අතරින් එන්ජින් ශබ්දය අඩුම රථය ලෙස 𝐀𝐬𝐭𝐨𝐧 𝐌𝐚𝐫𝐭𝐢𝐧 රථ හදුන්වනවා.