1950 ගනන්වල නිපඳවූ පැරණි රේසින් කාර් වලින් ආභාෂය ලබා ගත් සුපිරි Sports car එකක් ලෙස Ferrari Monza SP2 හැඳින්විය හැක. මෙය Ferrari හි “Icona” මාලාවේ එන රථයක් වන අතර ඔවුන් මෙයට නවීන තාක්ෂණය සමග සම්භාව්‍ය පෙනුම මිශ්‍ර කර ඇත.
ඉදිරිපස ශක්තිමත් එන්ජිමකින් සමන්විත මෙය ඉතා වේගවත් වන පරිදි නිර්මාණය කර ඇති අතර සැහැල්ලු නිසා මනාව හැසිරවීමේ හැකියාවද ඇත.
පැරණි මාදිලියේ මෝටර් රථ වලට සහ නවීන තාක්ෂණය යන දෙකටම ඇලුම් කරන ඔබ මෙයට වඩාත් කැමති වනු ඇත. නිෂ්පාදකයින් විසින් මෙම රථය සීමිත ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බැවින් සුලබව දැක ගැනීමේ හැකියාවක් ද නැත. ඒ හේතුවෙන් Ferrari රසිකයන් අතර මෙම රථය වඩාත් ආකර්ෂණීය හා සුවිශේෂී ස්ථානයක් හිමි වී ඇත.