කීප වසරකට පෙර, ලෝකයේ වේගවත්ම වාහන අතර තුන්වැනි ස්ථානයට පැමිණි හෙනසි වෙන්ම් ජීටී (Hennessey Venom GT) කාර් රථය විය.

වසර කිහිපයකට පෙර ලොව වේගවත්ම මෝටර් රථ අතර 3 වන ස්ථානයේ රැදී සිටි 𝐇𝐞𝐧𝐧𝐞𝐬𝐬𝐞𝐲 𝐕𝐞𝐧𝐨𝐦 𝐆𝐓 මෝටර් රථය දකුණු ඇමරිකානු මෝටර් රථ වැඩි දියුණු කරන සමාගමක් වන 𝐇𝐞𝐧𝐧𝐞𝐬𝐬𝐞𝐲 𝐏𝐞𝐫𝐟𝐨𝐫𝐦𝐚𝐧𝐜𝐞 සමාගමේ නිපැයුමකි.මෙම මෝටර් රථය 2014 වර්ෂයේ දී වේගවත්ම මෝටර් රථය ලෙස නිල නොලත් වාර්තාවකට හිමිකම් කියනවා. මෙහිදී මෙම රථය kennedy space center ධාවන පථයේ දී උපරිම වේගය 270mph (434kmph) ලෙස සනිටුහන් කරනු ලබනවා. ලෝක ප්‍රකට ඉංජිනේරු දත්ත සනාථ කිරීමේ (data- acquisition systems) සමාගමක් වන 𝙑𝘽𝙊𝙓 𝙐𝙎𝘼 විසින් මෙම ජයග්‍රහණය ලෝකයට සනාථ කරණු ලබනවා.

මෙම රථය ගිනෙස් වාර්තා පොතට ඇතුළු නොවන්නේ ඔවුන් වාර්තාව තබනු ලබන්නේ එක පසකට පමණක් ධාවනය කිරීමෙන් පමණක් වීම නිසයි. එම නිසා එම වාර්තාව ගිනෙස් වාර්තාවේ සම්මුතීන් වලට නොගැලපීම හේතුවෙන් මෙම රථය වේගවත් රථ අතර ගිනෙස් වාර්තා නාමාවලියට එකතු වුයේ නැත.

මෙම රථය Lotus රථයේ chassis මුල් කරගනිමින් 6.2L twin turbo V8 එන්ජිමකින් සමන්විත 1200hp බලයක් නිපදවීමට සමත් අතර 200mph (321kmph) දක්වා වේගය වැඩි කිරීමට ගතවන්නේ තත්පර 16 පමණි.වේගවත් මෝටර් රථ අතර 4 වන ස්ථානයේ (වසර කිහිපයකට පෙර) සිටින 𝘽𝙪𝙜𝙖𝙩𝙩𝙞 𝙑𝙚𝙮𝙧𝙤𝙣 රථයේ එන්ජින් බලයෙන් අඩක් හා ප්‍රමාණයෙන් කුඩා මෝටර් රථයක් වූ මෙම රථය, ප්‍රබල 𝘽𝙪𝙜𝙖𝙩𝙩𝙞 𝙑𝙚𝙮𝙧𝙤𝙣 𝙨𝙪𝙥𝙚𝙧𝙨𝙥𝙤𝙧𝙩 රථයේ වාර්තාව 2014 වර්ෂයේ දී බිද දමනු ලබනවා.

කෙසේ නමුත් 𝐇𝐞𝐧𝐧𝐞𝐬𝐬𝐞𝐲 𝐏𝐞𝐫𝐟𝐨𝐫𝐦𝐚𝐧𝐜𝐞 සමගම 1991 දී 𝐉𝐨𝐡𝐧 𝐇𝐞𝐧𝐧𝐞𝐬𝐬𝐞𝐲 මහතා විසින් ආරම්භ කරනු ලැබූ අතර, මුල් කාලයේ දී ඔහු 𝙈𝙞𝙩𝙨𝙪𝙗𝙪𝙨𝙝𝙞 3000𝙂𝙏 ,𝙏𝙤𝙮𝙤𝙩𝙖 𝙨𝙪𝙥𝙧𝙖 සහ 𝐌𝐚𝐳𝐝𝐚 𝐫𝐱𝟕 රථවල modification සහ එම රථවල එන්ජින් වෙනස් කිරීම් සිදු කරමින් එම රථ වල වේගය වැඩි කිරීමට සමත් වෙනවා.එම modification සිදුකල රථ වලින් ඇමරිකාවේ පැවැත්වූ විදිධ තරග වලින් ජයග්‍රහණය කිරීමට ද ඔහු සමත්වනවා. ඔහුගේ මෙම එන්ජින් modify කිරීමේ ව්‍යපාරය මෙලෙසින් ආරම්භ වූ අතර පසුව එය 𝐇𝐞𝐧𝐧𝐞𝐬𝐬𝐞𝐲 𝐏𝐞𝐫𝐟𝐨𝐫𝐦𝐚𝐧𝐜𝐞 බවට පත් වෙනවා. තවත් ඉල්ලුම වැඩි වෙමින් Ferrari, Porsche, Dodge සහ විදිධ මෝටර් රථ වල වෙනස්කම් කිරීම මගින් වේගය සහ හැකියාවන් (Performance) වැඩි කිරීමේ ව්‍ය්පෘති විශාල ගණනාවකට ඔහුට ආරාධනා ලැබීම සිදුවෙනවා.

මෙහිදී මෙම රථ පිළිබද ලබාගත් දැනුමෙන් ඔහුගේම වේගවත් මෝටර් රථයක් නිපදවීමේ සිහිනය 𝐕𝐞𝐧𝐨𝐦 𝐆𝐓 මෝටර් රථය නිපදවීමෙන් පසුව ඔහු සැබෑ කරගනු ලබනවා.අනර්ගතම BBQ සහ සංගීතයට ප්‍රසිද්දියක් ඉසුලු උණුසුම් දේශගුණයක් සහිත Texas නගරය මුලිකකොටගෙන 𝐇𝐞𝐧𝐧𝐞𝐬𝐬𝐞𝐲 සමාගම බිහිවීම සිදුවන අතර ලෝකයේ වේගවත්ම මෝටර් රථයක තිබිරිගෙය Texas වේ යැයී එහි වැසියන් කවදාවත්ම නොසිතන්නට ඇති. කෙසේ නමුත් කුඩා මෝටර් රථ සමාගමේ නවතම නිර්මාණය ලෙස 𝐇𝐞𝐧𝐧𝐞𝐬𝐬𝐞𝐲 𝐕𝐞𝐧𝐨𝐦 𝐅𝟓 රථය ද එලි දක්වා ඇති බවයි පැවසෙන්නේ.

Leave a reply

Recent Comments

No comments to show.
Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...