𝐒𝐚𝐥𝐞𝐞𝐧 𝐒𝟕 𝐓𝐰𝐢𝐧 𝐭𝐮𝐫𝐛𝐨 – ඇමරිකානු ජවාධික අශ්වයා

ලොව වේගවත්ම මෝටර් රථ අතර 8 වන ස්ථානය ඇමරිකානු සම්බවයක් සහිත Saleen රථයට හිමිවෙනවා. මෝටර් රථ ලෝකයේ කෙටි කාලයකින් විශාල දියුණුවක් ලබමින් ඉදිරියට පැමිණි සමාගමක් ලෙස Saleen automotive හැදින්විය හැකියි. 𝙈𝙧. 𝙎𝙩𝙚𝙫𝙚 𝙎𝙖𝙡𝙚𝙚𝙣 ගේ සංකල්පයකට අනුව පළමු 𝐒𝐚𝐥𝐞𝐞𝐧 රථය 2000 වර්ෂයේදී එලිදක්වන අතර පසුව නිපදවන 𝐓𝐰𝐢𝐧 𝐭𝐮𝐫𝐛𝐨 රථය S7 රථයේ Upgrade එකක් ලෙස හැදින්විය හැකියි.

තවත් සුවිශේෂී කරුණක් නම් saleen රථය ඇමරිකාවේ නිපදවූ 3 වෙනි mid engine (එන්ජිම රථයේ මැද කොටසට ආසන්න ලෙස පවතී) මෝටර් රථය වීමයි. ඇමරිකාවේ සහ එංගලන්තයේ විවිධ අමතර කොටස් නිපදවන ආයතන සමග එකතුව 𝘾𝙖𝙡𝙞𝙛𝙤𝙧𝙣𝙞𝙖 නගරයේදී මෙම රථයේ නිපදවීම සිදුකරයි.

මෙම රථය සම්පුර්ණයෙන්ම Carbon fiber වලින් නිපදවා ඇති අතර පිටත වා කවුළු ගණනාවකින් රථය ඉහල වේගයන්හි ධාවනයෙදී පොලවට සමාන්තරව රදවා තැබෙනවා.

මෙම රථය ලීටර 7.0 සිලින්ඩර 8 කින් සමන්විත 𝐓𝐰𝐢𝐧 𝐭𝐮𝐫𝐛𝐨 එන්ජිමකින් සමන්විත වන අතර මෙම එන්ජිමට 750bhp බලයකුත් 750lb නිපදවීමේ හැකියාවද තිබෙනවා. මෙම රථයට වේගය 0 සිට 60 දක්වා ලගාවීමට ගතවන්නේ තත්පර 2.8 ක කාලයකි.

ඇමරිකාවේ පවත්වන වාර්ෂික මෝටර් රථ තරග වලදී මෙම මෝටර් රථය ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් ලබාගෙන ඇතිබව ද සදහන් කලයුතු කරුණකි.

Leave a reply

Recent Comments

No comments to show.
Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...