
Perodua Viva Elite යනු විශ්වාසදායකත්වය ඉහලින් යුත් අඩු වියදමින් නගරය තුළ පැදවිය හැකි, පහසුවෙන් නඩත්තු කළ හැකි hatchback රථයකි.එය දිගු කාලීනව පවුලේ වාහනයක් ලෙස භාවිතා කිරීමට හැකිවීම විශේෂයි.
🌟 මුළු ලකුණු: 7.2/10
නගර භාවිතය සඳහා හොඳම තේරීමක්,අඩු නඩත්තු සහිත දීර්ගකාලින භාවිතයට සුදුසු රථයකි.
✅ වාසි
✅ නගර තුළ පහසුවෙන් ධාවනය කල හැකිය
✅ ඉතා හොඳ ඉන්ධන කාර්යක්ෂමතාව (14–20 km/L)
✅ නගරයේදී නවත්වා තැබීමේදී පහසුය
✅ රථය උසින් පැවතීම සහ හොඳ ඉදිරිපස දැක්මක් සහිතය.
✅ නඩත්තු වියදම අඩුය අමතර කොටස් සුලභය
✅ දොරවල් විශාල විවෘත විය හැක.නැගීම සහ බැසීම ඉතා පහසුය.
✅ Pick-up (වේගය ආරම්භයේදී) බොහෝ තරඟකාරී මාදිලිවලට වඩා හොඳයි.
✅ ජපන් engine & gearbox සහිතව මැලේසියාවේදී එකලස් කරන ලද රථයකි.රථයේ 75% පමණ අමතර කොටස් ජපානයේ නිෂ්පාදිතය.
✅ 14-15km/L (Auto) මාදිලි සදහාද | Manual මාදිලි සදහා වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබා දෙයි.
❌ අවධානය යොමු කළ යුතු දෑ
🛑 පහල Trim මාදිලිවල වල ආරක්ෂිත පහසුකම් අඩුයි
🌀 සැහැල්ලු වාහනයකි – අධිවේගී මාර්ගවලදී ස්ථාවරතාව භාවය උපරිම වේගය 120-140 km/h දක්වා වුවද ආරක්ෂාකාරීව භාවිතය වැදගත් වේ.
🐢 වේගය සහ බලය බෑවුම්වලදී සහ කදුකර ප්‍රදේශවලදී අවමයි
🎧 පහල Trim මාදිලිවල තාක්ෂණික පහසුකම් සීමිත විය හැකිය
🎨 බාහිර පෙනුම : : 7/10
Sporty Elite SE හැඩය
Alloy wheels, body kits සහ fog lamps (SE/Exclusive) මාදිලිවල
ලබාගත හැකි වර්ණ – සුදු, කළු, නිල්, රතු,අළු,තැබිලි
⛽ ඉන්ධන කාර්යක්ෂමතාවය :8.5/10
නගරය: ~14–17 km/L
මහා මාර්ග: ~18–20 km/L
Manual මාදිලිය වඩා කාර්යක්ෂමය
🛡️ ආරක්ෂක විශේෂාංග (Safety Features)
🔸 Standard Safety Features:
3-point Seat Belts
Child Lock
Collapsible steering column
🛣️ අධිවේගී මාර්ග භාවිතය (Highway Usage)
✅ Viva Elite 1.0L Auto හෝ 850cc Manual මාදිලි අධිවේගී මාර්ග නිතර භාවිතා කරනවිට වඩාත් සුදුසු වේ.
🌀 උපරීම වේගය Top Speed ~120-140 km/h දක්වා ස්ථායිව ධාවනය කල හැකිය
📉 Engine performance අධිවේගී මාර්ගයේදී ඉහල වේගවලදී අඩු විය හැකිය
💨 එන්ජිම වේගය අනුව cabin vibration සහ engine noise වැඩිවේ
👎 Stability එක සාමන්‍යය.රථය තරමක් සැහැල්ලු වීම හේතුවෙන් සුළඟට හෝ විශාල වාහන පසු කරනු ලබන විට අස්ථායී විය හැක.
🛡️ ඉහල ආරක්ෂක අංග නොමැති මාදිලි භාවිතා කරනවිට අධිවේගී මාර්ගවලදී සැලකිලිමත්ව භාවිතා කලයුතුය.
👨👩👧👦 සුදුසු භාවිතයන් (Best Usage)
🔸 City Driving / නගර භාවිතය සදහා හොඳම තේරීමකි
🔸 Delivery / Ride-share / Taxi (budget)
🔸 New Drivers / Ladies – පහසුවෙන් ධාවනය කළ හැකිය
🔸 Students / Office use – ඉතා අඩු පරිහරණ වියදම්
🔸 Small Families – දිනපතා ගමන් සඳහා සුදුසුය
🔸 වැඩිමහල් පුද්ගලයන් සිටින පවුල් සදහා යෝග්‍ය වේ.
⭐ Resale Value Rating / නැවත විකිණීමේ වටිනාකම :7.5/10
📈 Viva Elite හි second-hand market demand එක ඉතා හොඳයි
🇱🇰 ශ්‍රී ලංකාවේදී විශාල පරිමාණයෙන් විකිනිම සහ මිලදී ගැනීම සිදුවේ
🧩 අමතර කොටස් සොයාගැනීමට පහසුයි – අලුත්වැඩියා පහසුය
Auto transmission තියෙන වාහන වඩාත් ජනප්‍රියයි නැවත විකිණීමේදී (නගර භාවිතයට උචිත නිසා).
නඩත්තු හා තත්ත්වය ඉහල Regular service records සහිත accident-free history රථයක් නම් නම් වැඩිමිලකට විකිණිය හැකියි.
නව වාහනයක් නැති වීම නිසා Viva Elite හි අලුත්ම මිලද සාපේක්ෂව සාමාන්‍ය වී ඇත. අලුත් වාහන මිල ඉහළ යාමත් එක්ක, Viva Elite resale එකෙත් demand එක පවතිනවා.
🔧 නඩත්තු උපදෙස් (Maintenance Tips)
🇯🇵 ජපාන Daihatsu සහ Mira අමතර කොටස් භාවිතා කළ හැකිය.
⚙️ Manual to auto conversion කරන ලද ගියර් බොක්ස් සහිත රථ මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතුය.
🔌 AC ක්‍රියාවලිය දීර්ග කාලීනව භාවිතයේදී තරමක් දුර්වල විය හැකිය.❄️ AC compression සම්බන්ධ ප්‍රශ්න අත්විය හැකිය.නමුත් පහසුවෙන් මාරු කළ හැකිය.
🚗 Perodua Viva Elite – Trim Levels (මාදිලි)
Viva Elite හි පහත මාදිලි ප්‍රධාන වශයෙන් ඇත:
Viva Elite 660cc – Basic / Manual
අඩු ඉන්ධන පරිභෝජනය
පහසු නඩත්තුව
AC, Power Steering, Manual Gear
Viva Elite 850cc – Standard / Premium
වැඩි pickup
Power Windows, Central Lock
Power Steering සහ සමහර විට RPM Meter
Viva Elite 1.0cc (EZ/Auto) – High Trim
Auto Gear
Dual Airbags (select models)
ABS braking (select versions only)
Body Kit, Sporty look, Alloy wheels (Special Editions)
🔸 High Trim වලට පමණක් අදාළ වන විශේෂාංග
🔘 Driver Airbag / Passenger Airbag (සීමිත මාදිලි වලට පමණක්)
🔘 ABS (Anti-lock Braking System) – mostly in 1.0L EZ trims
🔘 Seatbelt Pretensioners
⚠️ නොමැති ආරක්ෂක අංග:
ESC / Traction Control – ❌
Side Curtain Airbags – ❌
Brake Assist – ❌

