ඔව් දැක්ක ගමන් හිතට සතුටක් ඇති වුනා නේද ? ඒ වගේම දුකකුත් ඇති වෙන්න ඇති.
සමහර අයට නම් මේ කියන දේ තේරුනේ නැතුව ඇති නේද, එහෙනම් මුලින්ම බලමු සතුටු වෙන්න හේතුව. මේක තමයි අපි හුගක් ආදරේ කරපු සිනමා තරුවක් වුන Paul Walker ගේ car එක. ඉතින් දුක හිතෙන කතාව ඔයාලට තේරෙන්න ඕන. ඔහු අද අපි අතරේ නැති වුනත් මේ car එක සහ ඔහු අතර සම්බන්ධය වෙන් කරන්න බැරි සම්බන්ධයක් ඇත්තටම ලෙස හදුන්වන්න පුලුවන්. 2 Fast 2 Furious චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පන දෙන Paul walker ටත් මෙම සුවිශේෂි රථයටත් අපි කොතරම් ආදරය කලද කියන දේ අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ.
ඇත්තටම මේ car එක drive කරල බලන්න සිහින නොදැකපු කොල්ලෙක් හොයා ගන්නත් බැරි තරම්, ඒ තරමට ලෝකයේ ආදරයට පාත්‍ර වූ car එකක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්.
ඉතින් මේ චිත්‍රපට මාලාවෙන් අතිශය ජනප්‍රියත්වයක් ලැබූ මෙම car එක පිලිබදව ඔබ දැනගතයුතු කරුණු කිහිපයක් මේ post එකෙන් ඔබට කියන්න ඕන කියල අපි හිතුවා.
මෙම skyline GTR රථය ඇත්තටම පරම්පරා ගණනාවක් පසුකරමින් විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් දියුණු වූ මෝටර් රථයක් කියුවොත් නිවැරදි. මුල් කාලයේ දි මෙම මෝටර් රථය නිපදවීමේ අයිතිය හිමිවුනේ Prince නම් මෝටර් රථ සමාගමකටයි. පළමු මෝටර් රථය 1964 දී Prince Skyline GT ලෙස නිපදවීම ආරම්භ වුන අතර පරම්පරා 5 ක් PGC10 රථයේ සිට R32 රථය දක්වා නිපදවීම සිදුවුණා.
අපි අද මේ කතා කරන R34 model එක skyline generation එක සුවිශේෂී ස්ථානයක් ලබා ගන්නවා. එයට හේතුව මුල් කාලින model වලට වඩා හාත්පසින්ම තාක්ෂණයෙන් ඉතාමත් ඉදිරියෙන් පවතින වේගවත් මෝටර් රථයක් ලෙස හැදින්විය හැකි වීමයි. විවිධ ආකාරයේ engine configurations සිදුකරමින් මෙම රථයේ විශේෂ models එළිදැක්වූ අතර ඒවා විවිධ වේගයන් සහ එන්ජින් බලයන්ගෙනි යුක්ත වෙනවා. Twin turbo inline 6 cylinder එන්ජිමකින් සමන්විත මෙම රථයට අශ්වබල 280 ක් බලයක් නිපදවීමේ හැකියාව තිබෙන අතර නිපදවා ඇති සියලුම මෝටර් රථ Four wheel drive (රෝද හතරටම එන්ජිම මගින් බලය සපයනු ලබනවා) රථ ලෙස හැදින්වෙනවා. නමුත් HKS වැනි මෝටර් රථ tune කරන සමාගම් මෙම රථයෙන් 800hp දක්වා බලයක් ලබාගැනීමට සමත්වූ බවයි කියවෙන්නේ. Nismo නම් වන Nissan සමාගමට අයත් වන motorsport හා performace division එක මගින් මෙම රථයේ එන්ජිම ඇතුලත නවීකරණය කරමින් (Engine displacement,Crankshafts and Upgraded Turbocharged) මෙහි උපරිම වේගය 203mph ( පැයට කිලෝමීටර් 327) දක්වා ගෙන ඒමට සමත්වෙනවා. ඉතින් ඔබ fast and furious චිත්‍රපට මාලාව නැරබු කෙනෙක් නම් දැන් ඔබට පැහැදලි වෙන්න ඇති Paul walker (Brian O Korner) සහ ඔහුගේ සගයන් මෙම රථයට විවිධ වෙනස්කම් සිදු කරමින් මෙම රථය වේගවත් රථයකට බවට පත් කරගැනීමට කිරීමට හැකිවුණේ ඇයි කියල.
කෙසේනමුත් මෙම රථය ඇමරිකාව තුල ධාවනයට තහනම් රථයක් ලෙසයි හැදින්වෙන්නේ එයට හේතුව නම් මෙම රථය USA emission test standards වලට අනුකුල නොවීම හා මෙහි ඇති අසීමිත වේගයයි. මෙම රථය අනෙකුත් sport රථ වලට වඩා සුවිශේෂි වීමට හේතු ලෙස හැදින්වෙන්නේ මෙම රථයේ ඇති වෙගවත් acceleration එකත්,all wheel drive system එකත් engine එක modify කිරීමෙන් ලබාගත හැකි අසීමිත බලයත් බොහෝ සෙයින් බලපාන කරුණු ලෙස දැක්විය හැකියි. ඇමරිකාවේ බාවිතා වන Police රථයන් rear wheel drive (පිටුපස රෝද වලට පමණක් එන්ජිමෙන් බලය සැපයෙන) රථ වීමත් එම රථ වලට
all wheel drive රථයක් වන මෙම රථයේ වේගයට ඉක්මනින් ලගාවීමට නොහැකි වන අතර highway එකකදී දුර ධාවනය කල හැකි GT රථයක් වීමත් මෙයට බොහෝ සෙයින් බලපෑ හේතු වුනා. කෙසේ වෙතත් විවිධ මාර්ග ඔස්සේ ඇමරිකාවට ආනයනය කල R34 වර්ගයේ GTR රථ කිහිපයක් පමණක් ඇමරිකාවේ දී දක්නට ලැබෙන අතර 2008 පමණ වන තෙක් sklyline රථ වලට ඇමරිකාවේ මාර්ග විවුර්ත වුනේ නැහැ. R35 රථය ඇමරිකාවේදී දැකගත හැකි වුවත් හැමෝම ආදරය කරන R34 රථ වලට ඇමරිකාවේ මාර්ග 2024 දී විවුර්ත වනු ඇති. (NHTSA නම් නීති පද්ධතිය හේතුවෙන්)
මෙම සියලුම හේතුන් සමග බැලු විට fast and furious කතා මාලාවේ මෙම රථයට සුවිශේෂී ස්ථානයක් ලැබීමට හේතුව ඔබට දැන් පැහැදිලි විය යුතුය.
මෙම GTR රථය ජපානයේදී සුවිශේෂි රථයක් ලෙස හැදින්වෙන අතර ජපාන මෝටර් රථ තරගාවලි වැඩිම ගණනක් ජයග්‍රහණය කල රථය ලෙස ඉතිහාසගත වෙනවා. මේ හේතුවෙන් Godzilla (ජපාන කතා වල එන මනන්කල්පිත් සත්වයෙක්) යන නාමය ද මෙම රථයට ලැබී තිබෙනවා. ජපානයේ Yokohama නගරයේ දී පමණක් සියලුම GTR රථ නිපදවෙන අතර GTR එන්ජින් එක නිපදවීමේ වගකීම Takumi නම් 4 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මත පැවරෙනවා. ඔවුන් අතරින් එක්
එන්ජිමක් නිපදවීම එක පුද්ගලයෙක් පමණක් සිදුකරන අතර ඔහුගේ නම එන්ජින් එක මත සටහන් කරනු ලබනවා. ඉතින් ලෝකයේ වේගවත්ම මෝටර් රථ වලට නිතරම අබියෝග කරන අපි හැමෝම ආදරය කරන GTR රථයේ කතාවයි මේ.
ඉතින් ඔබත් Ferrari, Lamborghini වගේ car එකක් ගන්න සල්ලි නැත්නම්, ඒ රථවල performance එක expensive නොවෙන car එකකින් බලාපොරොත්තු වෙනවනම්. ඇත්තටම GTR එක තරම් වෙන option එකක් නොමැති තරම්.