Mitsubishi Evo කියුවම නොදන්නා කෙනෙක් නැ නේද ?
ඔව් Mitsubishi Evo එක ඒ තරම් world famous 4 door sedan car එකක්. Sedan car එකක් වුනාට 2 door sport car එකක performance මේ car එකෙන් ලබාගන්න පුලුවන්. ඉතින් ලොකු family එකක් තියෙන sport driving feeling එකක් බලාපොරත්තු වෙන Japanese car lover කෙනෙක්ට evo එක කියන්නේ මැණිකක්. Evo රථයේ තිබෙන handling, acceleration stability එක ඕනෑම driving condition එකකදී European හෝ american sport car එකකට challenge කරන්න හැකියාව තිබෙනවා. ඉතින් evo එක ඇත්තටම multipurpose car එකක් විදියටත් හැදින්වීමට හැකිවෙනවා. බොහෝ rally race වලදී වගේම drifting races වලදී evo eke performance ගැන කතා නොකරම බෑ.
ඔයත් සුපුරුදු fast and furious කතා මාලාව බලපු කෙනෙක් නම් Tokyo drift හිදී evo එකේ drifting performance අමතක වෙන්න විදියක් නැහැ මොකද ඒක ඒ තරම් බලන් ඉන්න හිතෙන දර්ශනයක්. අද වනවිට evo එකේ production නවතා තිබුනත් ඉදිරි දිනයක 11 වන පරම්පරාවේ evo එකක් නිපදවීමට බලාපොරොත්තු වන බවයි Mitsubishi සමාගමේ ආරංචි මාර්ග පවසන්නේ.
Evo රථය 2L turbocharged engine එකකින් සමන්විත වන අතර all wheel drive system එකකින්ද සමන්විත වෙනවා. විවිද වෙනස් කිරීම් වලට භාජනය කරමින් මෙම රථයේ රෝද වලට සපයන 50/50 බලය අවශ්‍ය අනුපාතයකට පරිවර්තනය කර ගනිමින් මෙම රථය drifting තරග සදහා යොදාගනු ලබනවා. modification සිදුකරගනිමින් රථයේ බාහිර පෙනුම විශාල වශයෙන් වෙනස් කරගැනීමට හැකිවීමද සුවිශේෂි ලක්ෂණයක්.
සියලුම evo රථවල generations රෝමානු ඉලක්කමින් සදහන් කරනු ලබන අතර ලෝක rally championship එක සදහා සුවිශේෂිව නිපදවූ රථයක් ලෙස ද මෙම රථය හදුන්වන්න පුලුවන්. ලෝක ප්‍රකට Dakar Rally ශුරතවයේ මෝටර් කණ්ඩයේ ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමටත් evolution රථ වලට හැකියාව ලැබී තිබෙනවා. Peugeot,citron යන ප්‍රබල European තරගකරුවන් අතරේ rally ශුරතාවයන් වැඩිම ගණනක් ජයග්‍රහණය කිරීමට evo රථ වලට හැකි වී තිබෙනවා.
evo රථයේ හා Mitsubishi රථයේ ආරම්භය පිලිබදව සටහනක් ද මේ සමග ඉදිරිපත් කරන්න කැමති. 1992 සිට මුල් කාලයේදී නිපදවූ evolution රථ නිපදවීම ජපානයේ Okazaki නගරයේදී සිදු වුන අතර Mitsubishi සමාගමේ headquarters පිහිටා තිබුනේ Minato නගරයේයි. Mitsubishi සමාගමේ ඉතිහාසය 1917 දක්වා දිවයන අතර aircraft,ships සහ railroad cars වැනි විවිද වර්ගයේ divisions කිහිපයකින් සමන්විත වනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසුව විවිද මෝටර් රථ හා Fuso Bus රථ නිපදවමින් වෙළදපොල ජනප්‍රිය නාමයක් වීමට Mitsubishi සමාගමට හැකි වනවා.
මෙහි එන රෝම්බස ආකාරයේ Mitsubishi logo එක රතු පැහැති දියමන්ති 3ක් ලෙස පෙන්නුම් කරනු ලබනවා. මෙම සංකේතය Mitsubishi සමාගමේ නිර්මාතෘ වන Iwasaki Yatarō මහතාගේ පවුලේ සංකේතය ලෙස ද හැදින්වෙනවා. Mitsubishi සමාගම ජපානයේ 6 වන විශාලතම මෝටර් රථ නිපදවන සමාගම වන අතර ලෝකයේ 19 වන විශාලතම මෝටර් රථ නිපදවන සමාගමයි.