𝐒𝐒𝐂 𝐔𝐥𝐭𝐢𝐦𝐚𝐭𝐞 𝐀𝐞𝐫𝐨 𝐓𝐓 – උතුරු ඇමරිකානු කඟවේනා

ලොව වේගවත්ම මෝටර් රථ අතර 5 වන ස්ථානයේ රැදී සිටින්නේ උතුරු ඇමරිකානු සමාගමේ 𝐒𝐒𝐂 𝐔𝐥𝐭𝐢𝐦𝐚𝐭𝐞 𝐀𝐞𝐫𝐨 𝐓𝐓 රථයයි.

1998 දී 𝙅𝙚𝙧𝙤𝙙 𝙎𝙝𝙚𝙡𝙗𝙮 මහතා විසින් මෙම සමගම Washington නගරයේදී ආරම්භ කරනු ලබනවා. මුල් කාලයේ දී 𝐒𝐡𝐞𝐥𝐛𝐲 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 ලෙස ආරම්භ කරන මෙම සමගම පසුව 𝙨𝙨𝙘 𝙣𝙤𝙧𝙩𝙝 𝙖𝙢𝙚𝙧𝙞𝙘𝙖 බවට පත් වෙනවා. 2007 දී 𝐒𝐒𝐂 𝐔𝐥𝐭𝐢𝐦𝐚𝐭𝐞 𝐀𝐞𝐫𝐨 මෝටර් රථය ලොව වේගවත්ම මෝටර් රථය ලෙස ගිනෙස් වාර්තා පොතට එකතු වෙනවා.

1946 සිට අද දක්වා වේගවත්ම මෝටර් රථයන් නිපදවීමේ වාර්තාව බොහෝවිට පැවතුනේ යුරෝපියානු මෝටර් රථ වලටයි, මෙය ලෝක බලවතා වුන ඇමරිකාවට තරමක හිසරදයක් බවට පත්වී තිබුන නමුත් 𝙨𝙨𝙘 රථය 2007 දී ලොව වේගවත්ම මෝටර් රථය ලෙස ඇමරිකාව නියෝජනය කිරීමට සමත් වෙනවා.

මෙම රථයේ සුවිශේෂි ලක්ෂණ ලෙස butterfly doors හැදින්විය හැකි අතර එම doors යුරෝපියානු මෝටර් රථ වන Ferrari Enzo හා McLaren F1 මෝටර් රථ වල doors සිහිපත් කරනවා. Carbon fiber හා titanium වලින් රථයේ exterior නිමවා තිබෙනවා. අශ්ව බල 1046 කින් සමන්විත 3.6L supercharged V8 එන්ජිමකින් මෙම රථය සමන්විත වෙනවා. එන්ජිම පිටුපස මැද කොටසට වන අයුරින් පිහිටා ඇති අතර (Rear mid engine) ධාවනයේදී පිටුපස රෝදවලට පමණක් බලය සැපයේ.

2006 සිට 2013 දක්වා මෙම මෝටර් රථ සීමිත ප්‍රමාණයක් පමණක් නිපදවා ඇති අතර 2013 අග බාගයේදී මෙම රථය නිපදවීම සමාගම විසන් නවතා දමණු ලබනවා. නමුත් 𝙏𝙪𝙖𝙩𝙖𝙧𝙖 නමින් මෝටර් රථයක් 2011 වර්ෂය මුල බාගයේදී සමගම විසින් එළි දක්වා ඇති අතර තවමත් එම රථයේ විවිධ වෙනස්කම් සිදුකරමින් පවතිනවා. වණිජමයව එම රථය නිපදවීම තවමත් ඇරබී නැති බවයි සදහන් වෙන්නේ.

Leave a reply

Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...