මේක නම් ගොඩක් කට්ටියට හුරු පුරුදු මෝටර් රථයක් නේද ?
ඔයත් English films බලන කෙනෙක් නම් ගොඩක් film වල මේ car එක දැකල තියෙන්න ඕන.
සුප්‍රකට Fast and Furious චිත්‍රපට මාලාවේ බොහෝ අවස්ථා වලදී මෙම මෝටර් රථය දැකගත හැකි වෙනවා. එලෙසම ඇමරිකානු චිත්‍රපට ඉතිහාසයේ වැඩියෙන්ම යොදා ගැනුණු මෝටර් රථයක් ලෙස Mustang රථය හදුන්වා දෙන්න පුළුවන්. Ford සමගම විසින් 1964 සිට අද දක්වා මෙම මෝටර් රථය නිපදවනු ලබන අතර generations (පරම්පරා) 6 ක් දක්ව අතීතයක් Mustang රථයට තිබෙනවා.
බොහෝ දෙනෙක් මෙම මෝටර් රථය Muscle car එකක් ලෙස (Muscle car යනු ඇමරිකාවේ මෝටර් රථ කණ්ඩයක් හැදින්වීමට යොදා ගනු ලබන නමකි) සලකනු ලැබුවත් මෙම රථය එම කාණ්ඩයට අයත් නොවේ (සුවිශේෂී model කිහිපයක් හැර) මෙම රථය අයිති වන්නේ pony carයන කාණ්ඩයටයි. Pony car එකක් ලෙස හදුන්වන්නේ සාධාරණ මිල ගණනකට මිලදී ගත හැකි, ආකර්ශණිය නිමාවක් සහිත sport හෝ performance මුලික කරගත් compact මෝටර් රථ වලටයි. මෙම රථය ඇමරිකාවේ අනෙකුත් අනෙකුත් මෝටර් රථ සමග සසදන විට මෙය මිල අධික සුපොකභෝගී රථයක් ලෙස සැලකිය නොහැක.
නමුත් මෙම රථයේ එන්ජින් බලයට ගැලපෙන පරිදි එයටම සුවිශේෂී වූ නිමාව හේතුවෙන් ලොව පුරා තරුණ පරපුර අතර මෙම රථය බෙහෙවින් ජනප්‍රියය.
සිලින්ඩර 8 කින් සමන්විත V8 එන්ජින් එකකින් සමන්විත මෙම රථයේ manual transmission එකක් භාවිතා වෙනවා. ය්රෝපිය මෝටර් රථ තරම් handling, performance නම් මෙම මෝටර් රථයෙන් ලබාගත නොහැකි වුවත් sporty driving feel එකක් ඉතාමත් දුර ගමනකදී ලබා ගැනීමට ගැලපෙනම රථයක් කියන එකත් කිව යුතු කරුණක්.
මෙම රථයේ නම ලෙස යොදා ඇති Mustang නාමය ලැබී ඇත්තේ උතුරු ඇමරිකාවේ වෙසෙන හිලෑ නොකරන ලද වේගවත් අශ්වයන්ගේ නම මුලික කොටගෙනයි. මෙහි ඇති වේගයෙන් දිවයන අශ්වයාගේ logo එක මෙම රථයට වෙනස්ම ආකර්ශණයක් එකතු කරනවා කියුවොත් නිවෙරදි.