ආරම්භයේ සිටම අති සුඛෝපභෝගී (Ultra-luxury )මෝටර් රථ පමණක් නිපදවන ලද බොහෝ සමාගම් පළමුව SUV රථයක් (Sport Utility Vehicle) හදුන්වාදීමේ ප්රයත්නයේ ප්‍රතිපලයක් ලෙස තම ඉතිහාසයේ කවරදාවත් SUV රථ නිෂ්පාදනය නොකළ Bently, Rolls Royce, Maserati, Porsche යන යුරෝපිය සමාගම් SUV රථ නිපදවීමට සැලසුම් දියත් කළහ.
මෙම තරගය ආරම්භ වීමට පෙරම තම පාරිභෝගිකයන්ගේ අවශතාවයන් හදුනාගත් Porsche සමාගම මුල්ම කාලයේදීම තම super sport SUV රථය වූ Cayanne රථය හදුන්වාදෙනු ලැබිය.ඉතා ඉහල ඉල්ලුමක් සහිතව අලෙවි වූ එම රථයන් හේතුවෙන් තම ප්‍රතිවාදී සමාගම් සමාගම්වල නව නිපැයුම් පිළිබද ඇස ගසාගෙන සිටි Bently සමාගමද තම bentayga රථය එළිදක්වමින් SUV නිෂ්පාදනයට අත්පොත් තැබිය.
ඒ අනුව bentayga රථයේ සාර්ථකත්වයත් මත අනෙකුත් සමාගම්ද තරගයට අවතීර්ණ වීම සිදු වූ හෙයින් Lamborghini සමාගමටද මෙයට සහභාගී නොවී සිටීමට නොහැකි වුයේ තම මව් සමාගම වන Volkswagon සමාගමටද තම වෙළදපොල පුළුල් කිරීමේ අවශතාවය දැනුනු බැවිනි.
කෙසේ හෝ තම පළමුවන SUV concept රථය 2013 දී චීනයේ Beijing motor show එකේදී එළිදැක්වීමට Lamborghini සමාගමට හැකිවිය.එම රථය පිළිබද බොහෝ දෙනාගේ එතරම් උනන්දුවක් එකල ඇති වී නොතිබුණද production version එකක් ඉදිරියේදී එළිදැක්වීමේ බලාපොරොත්තුව ඇතිව තවදුරටත් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට ඔවුනට සිදු විය.
SUV රථ නිපදවීමේ අත්දැකීම් නොතිබූ Lamborghini සමාගම මෙම රථය නිපදවීමේදී තම මව් සමාගම වන Volkswagon සමාගමේ උදව් උපකාරද ලබා ගැනින.Lamborghini රථවලට ආවේනික වූ V10 සහ V12 එන්ජින් වෙනුවට Volkswagon සමාගමේ අනෙකුත් නිෂ්පාදනවල භාවිතාවන සිලින්ඩර් 8කින් යුක්ත 4.0L V8 twin-turbocharged inter-cooled DOHC 32-valve V8 එන්ජිමක් යොදාගැනීමට අවසානයේදී තීරණය විය.
මෙම එන්ජිම Porsche Cayenne, Panamera සහ Audi S, RS යන මොඩල වලද භාවිතා වන අතර ඒවාට වඩා බලයෙන් වැඩි දියුණු කල (Upgraded version) එකකි.මෙම එන්ජින් නිපදවන්නේ හංගේරියාවේ Volkswagon plant එක තුල පමණක් වන අතර ඒවා අවසාන එකලස් කිරීම(assembly) සිදුවන ඉතාලියේ bologna නගරයේ Lamborghini ප්‍රදාන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව(Headquarters) වෙත ප්‍රවාහනය කරනු ලැබේ.
එතැන් සිට සියලුම නිෂ්පාදන කටයුතු සාමාන්‍ය Lamborghini රථයක ආකාරයෙන් සිදුවන අතර Lamborghini මෝටර් රථයකට අවේනික වූ සියලුම ජානයන් එලෙසවම පවත්වා ගනිමින් වඩාත් ප්‍රායෝගික SUV රථයක් නිපදවීම සිදුවේ.බොහෝ විට Lamborghini රථවලට අවේනික වන y හැඩයේ නැමුම් සහ ෂඩාස්රාකාර (hexagonal) මුලද්‍රවය මෙහිදී යොදා ගැනෙන්නේ Lamborghini වර්ගයේ රථයක් ලොව කොතනකදී වුවද ඉතා පහසුවෙන් හදුනාගත හැකි වන ආකාරයටයි.අවසානයේ සියලුම ආකාරයෙන් පරිපුර්ණ වූ ලොව පළමුවන Supersport SUV ගණයට අයත් වන වේගවත්ම SUV රථය 2018 වර්ෂයේදී හදුන්වා දීමට ඔවුනට හැකියාව ලැබිණ.
මෙහිදී සදහන් කලයුතු තවත් විශේෂම කරුණක් වන්නේ ලෝකයේ විශාලම carbon ceramic disk brake මෙම රථයට යොදාගෙන තිබීමයි.මෙම රථයට Strada (street ), Sport, Corsa(race track), Terra (dirt),sabbia (sand) සහ Neve (snow) යන driving modes ඇතුලත් වන අතර Lamborghini ඉතිහාසය තුල යොදාගත් පළමුවන turbocharged එන්ජිමද මෙම දාවන තත්ත්ව වලට ඔරොත්තු දීම සදහා නිපදවා ඇත.
8-speed automatic transmission එකකින් යුක්ත වූ මෙම රථයට ලබාගත හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 300 ක් වන අතර 0 සිට 100 දක්වා වේගයකට පැමිණීමට ගත වන්නේ තප්පර 3.6කි.ඒ අනුව මෙතෙක් කාලයක් මාර්ගය තුල දස්කම් පෑ Lamborghini රථ දැන් මාර්ගයෙන් පිටතද (offroad) දස්කම් පෑමට සුදානම්ය.