දකුණු දිග ජර්මනියෙන්(බැවේරියාව) උපත ලබා මුලුමහත් යුරෝපයෙත්,නිමක් නොපෙනෙන ආසියාවේත්,කාර්යබහුල ඇමෙරිකාවෙත් නිහඩ අප්‍රිකාවත් ඇතුළු ලෝකයේ සෑම අස්සක් මුල්ලක් පුරාම ජනප්‍රියත්වයට පත් BMW යන නාමය තවත් ඉදිරියට ගෙන යාමට M5 ජාන හිමිවන F 90 නම්වූ ඔටුනු නොපලන් රාජ කුමාරයා සැදී පැහැදී සිටියි.
දැනට නිපදවා ඇති විශිෂ්ටතම සහ සාර්ථකම racing-inspired sedan රථ පරම්පරාව BMW සමාගම සතුව ඇති බව විවාදයකින් තොරවම පිළිගත යුතු කරුණකි.ඒ අතරිනුත් M සන්නාමය රැගත් BMW රථවලට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි.පළමුවෙන්ම අද විමසුමට ලක් කරන F 90 රථය පිළිබද තොරතුරු ගෙන ඒමට මත්තෙන් BMW සමාගම පසු කරන ලද සුවිශේෂි සංදිස්ථානයන් වගේම BMW රථ මෙතරම් ලොව පුරා ජනප්‍රිය වීමට හේතු සාධකත් විමසා බැලීම ඔබගේ දැනුමට යමක් එකතු කරාවි යැයි අපි සිතන්නෙමු.
දකුණු දිග ජර්මනියේ Munich නගරයේදී වර්ෂ 1916 දී ආරම්භ වුන BMW සමාගම පළමුව මෝටර් රථ නිපදවූ සමාගමක් නොවූ අතර ගුවන් යානා එන්ජින්,මෝටර් සයිකල් නිපදවීම ප්‍රධාන ආදායම් මාර්ග විය.දෙවන ලෝක යුද්දය ආරම්භ වන තෙක් නිෂ්පාදන කටයුතු සිදු වුවද යුද්දය ආරම්භ වීමත් සමග බ්‍රිතාන්‍ය ඇතුළු මිත්‍ර පාර්ශවයේ බෝම්බ ප්‍රහාරවලට මුහුණ දීමට සිදුවීමත් සමග BMW කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු නවතා දැමීමට සිදු විය.
ලෝක යුද්දය පුරාවටම සමාගමේ නිෂ්පාදන කටයුතු ඇනහිට තිබු අතර නැවතත් නිෂ්පාදන කටයුතු ඇරබෙන්නේ වර්ෂ 1952 දිය.ඉන්පසුව කෙමෙන් කෙමෙන් ජර්මනියේ අනෙකුත් සමාගම් වන Mercedez Benz, Porsche සහ Audi සමාගම් වලද නිෂ්පාදන කටයුතු ඇරබෙන අතර ඇත හිටවා තිබු මොටෝර් රථ ධාවන තරගද ජර්මනිය තුල ආරම්භ විය.එකල සිටම ජර්මනියේ පවති Lemans ධාවන තරගාවලියේ එකල ආධිපත්‍ය පතුරවා ගෙන සිටියේ ප්‍රබල Porsche සමාගම විසිනුයි.
තම රට තුල පවත්වනු ලබන මෙම ධාවන තරාගවලිය ජයග්‍රහණය කොට තම සමාගමට කීර්තියක් ගෙන ඒමේ අවශ්‍යතාවය BMW සමාගමේ ඉහල බලධාරීන්ට අවශ්‍යව තිබු කරුණක් වූ අතර ඒ අනුව තරගාවලිය සදහාම නිපදවූ විශේෂිත රථයක් වූ M 1 රථය නිපදවීම සිදු විය.නමුත් තරගාවලියට සහබාගි වීම සදහා අවම සුදුසුකම් සපුරා නොතිබීම හේතුවෙන් එම තරගයට ඇතුලත් වීමට සමාගමට නොහැකි විය.
නමුත් තම උත්සාහය අත් නොහරින BMW සමාගම M Division නමින් හදුන්වන ක්‍රීඩා තරග සදහාම වෙන්වූ වෙනම කණ්ඩායමක් සමාගම තුල ආරම්භ කරනු ලබන අතර සමාගම තුල සිටින දක්ෂතම ඉංජිනේරුවන් සහ කාර්මිකයන් යොදාගනිමින් වැඩි දියුණු කල M1(535i M) රථයේ එන්ජිම සමගින් E 28 නම්වූ නවතම රථයක් වර්ෂ 1985 දී නෙදර්ලන්තයේ මෝටර් රථ ප්‍රදර්ශනයේදී එලි දක්වනු ලබනවා.
සම්පුර්ණ මිනිස් අත්වලින් පමණක් නිපදවනු ලැබූ (Hand built) මෙම E 28 රථය එකල නිපදවා තිබු වේගවත්ම සෙඩාන් (Sedan-පසුපස ආසන සහිත දොරවල් 4කින් සමන්විත මාදිලිය) රථය ලෙස හැදින්වූ අතර හැසිරවීම අතින් වේගවත් බව අතින් Ferrari 308 sport රථය සමග වුවද කරට කර සටනක් දිය හැකි රථයක් ලෙස මෙම රථය හැදින්වනු ලබනවා.සිලින්ඩර් 4 කින් සමන්විත වූ 3.5L ධාරිතාවයකින් සමන්විත වූ මෙම රථයට අශ්ව බල 286 ක බලයක් හිමි වූ තිබු අතර ඉතාමත් ඉහල ජනප්‍රියත්වයක් සමග ලෝකය පුරාම මෙම රථය අලෙවි වීමට පටන් ගන්නේ BMW සමාගමවත් නොසිතු ආකාරයටයි.
මෙම සාර්ථකත්වයත් සමග M division මගින් ඉදිරියට රථ නිපදවීම සිදු කිරීමට සමාගම තීරණය කරනු ලබන අතර 5 series ලෙස මුලින් හැදින්වූ මෙම සන්නාමය M5 ලෙස ඉදිරියට ගෙන යනු ලබනවා.(M3 ලෙස හදුන්වන අනෙක් ජනප්‍රිය සන්නාමය පිළිබද ඉදිරියේදී වෙනම විස්තරයක් ගෙන ඒමට බලාපොරොත්තු වන්නෙමු).ඉන්පසුව පිලිවෙලින් E 34 M5 සහ E 34 M5 Touring ලෙසද රථයන් එළිදක්වනු ලබන අතර E 34 Touring රථය M division නාමය සහිතව නිපදවූ පළමු wagon මාදිලියේ රථය ලෙසද හැදින්වෙනවා.
මෙතෙක් කාලයක් එතරම් වෙළදපොලට අලෙවි නොවූ wagon මාදිලියේ රථවලටද නව පණක් ලබාදෙමින් මෙම රථයන් ඉහල ජනප්‍රියත්වයකට පත් විය.මේ අයුරින් වර්ෂ 1998 දී පලමුවෙන්ම සිලින්ඩර් 8 ක් සහිත 4.9 L ධාරිතාවයකින් යුතු පළමු V8 එන්ජිම සහිතව E 39 රථය වෙළදපොලට නිකුත් විය.වේග 6 ක් (6-speed manual) සහිත මැනුවල් ගියර සහිතව sport විශේෂාංගය සහිතව නිපදවනු ලැබූ පළමු රථය ලෙසද මෙය හැදින්වේ.
පිලිවෙලින් පසුව වර්ෂ 2005 දී M5 E 60 රථය එළිදක්වන ලබනු අතර උපරිම ත්වරණයක් ලබාගැනීම සදහා Launch control පද්ධතියද සහිතව සිලින්ඩර් 10කින් සමන්විත 5.0 L ධාරිතාවයකින් යුතු V 10 එන්ජිමක් මෙම රථය සතු විය.වේග 7 කින් සමන්විත මැනුවල් ගියර පද්දතියකින් (7-speed manual gear) සමන්විත වූ මෙම රථයට අශ්ව බල 507ක බලයක් ලබාගැනීමට හැකිවී තිබිණ.
එදිනෙදා ධාවනය කල හැකි සෙඩාන් මාදිලියේ මෝටර් රථ කාණ්ඩයේ ඉහලින්ම වැජබිමට BMW රථවලට හැකි වුනේ එම රථවලට sport රථයකින් ලබාගත හැකි අත්දැකීම sedan රථයකින් ලබාගැනීමට හැකිවීමත්,සැප පහසුව,නවතම තාක්ෂනය වගේම එම රථවලටම ආවේනික වූ සුවිශේෂී බියකරු පෙනුමත් හේතුවෙනි.පසුව වර්ෂ 2011 දී M5 F10 මාදිලිය හදුන්වා දෙන අතර මෙම රථය පෙර මාදිලියට වඩා බලයෙන් ඉහල වන අතරම ඉන්ධන කාර්යක්ෂමතාවය අතිනුත් ඉහල තත්වයකට ගෙන ඒමට සමාගම සමත්වන්නේ V10 එන්ජිම වෙනුවට V8 එන්ජිම හදුන්වාදීමත් එම එන්ජිමට turbo තාක්ෂනය ලබාදීමත් යන සාධක හේතු කොටගෙනයි.
අද අපගේ මාතෘකාව බවට පත්වූ M5 F 90 රථය හදුන්වා දීම සිදුවන්නේ වර්ෂ 2018 දී වන අතර සිලින්ඩර් 8 කින් සමන්විත 4.4 L Turbocharged V8 එන්ජිමකින් මෙම රථය බලගැන්වෙන අතර අශ්වබල 600ක බලයක් මෙම රථයට ලබා ගත හැකිවනු ලබනවා.මෙහිදී කිවයුතු විශේෂ කරුණක් වන්නේ මෙම රථයේ උපරිම බලය 5600 ත් 6700 ත් අතර වූ rpm(මිනිත්තුවක් තුල එන්ජිම කැරකෙන වට ගණන) අගයකදී ලබාගත හැකිවීමයි.තවදුරටත් කිවයුතු කරුණක් වන්නේ BMW සමාගමේ පළමු All-wheel -drive පද්ධතිය (M series රථවලට ලබාදුන් පළමු LSD (Limited Slip differential) පද්ධතිය) මෙම F 90 රථයට ලබා දී තිබීමයි.
BMW X Drive ලෙසද හැදින්වෙන්නේ මෙම all-wheel-drive පද්ධතියම වන අතර මෙම රථයට 0 සිට 100 දක්වා පැමිණීමට ගතවන්නේ තප්පර 3.4 ක් පමණක් වන අතර උපරිම වේගය 250 kmph වේ(උපරිම වේගය වන 250 kmph අගයටම ආසන්නයටම වේගය අපහසුවකින් තොරව ලබාගත හැක).ඉතින් සියලුම කාරණා සලකා බලන විට සියලුම අතින් සම්පුර්ණ BMW M5 F90 රථය සුපිරි සෙඩාන් ලොවේ ඔටුන්න හිමි රජ කුමාරයා ලෙස හැදින්වීම වරදක් නොවන බවයි auto paradize අපගේ හැගීම වන්නේ.