2019 Mercedez Benz AMG G-Class (G Wagon) – මධ්‍යම යුරෝපයෙන් පැමිණි ඔස්ට්‍රියානු ධන කුවේරයා ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම පැමිණෙයි.

ලොව ධනවත්ම ජනප්‍රියම ගායකයන්,හොලිවුඩයේ සිනමා තරු,ලන්ඩනයේ පාපන්දු තරු,වතිකානුවේ අති උතුම් පාප්වහන්සේ අතරත් මෙන්ම මොස්කව් හි ධනවත් මාෆියා කල්ලි අතරත් බෙහෙවින්ම ජනප්‍රිය මෝටර් රථයක් ලෙස G -Class රථය එසේ නැත්නම් G wagon රථය හැදින්විය හැකියි.

ලොව ජනප්‍රියතම සුඛෝපභෝගී මෝටර් රථ සන්නාමය වන ජර්මානු Mercedez Benz සමාගමේ Luxury Large SUV වර්ගීකරණයට අයත් වන සුවිශේෂිතම SUV රථය ලෙස G Wagon රථය නමක් දිනාගෙන සිටියි.වසර 40 කට පෙර ඉරානයේ ෂාහ් රජතුමාගේ යෝජනාවකට අනුව යුධමය අවශ්‍යතා සදහා නිෂ්පාදනය වූ G wagon රථය සිවිල් ජනතාවට අලෙවි වීම වර්ෂ 1979දී ආරම්භ විය.

එකල ඔස්ට්‍රියාවේ Steyr-Daimler-Puch නම්වූ සමාගමක් සමග ගිවිසුමකින් පසුව සම්පුර්ණයෙන්ම අතින්(Hand Built) මෙම රථයේ නිෂ්පාදනයන් සිදු වූ අතර පසුව 1980 දී මෙම රථය ජනප්‍රිය වීමට ආරම්භ වන්නේ වතිකානුවේ වෙසෙන පාප් වහන්සේ විසින් තම නිල රථය ලෙස Popemobile නම්වූ වහලය විවෘත වූ සුදු පැහැති G wagon රථය යොදාගැනීම හේතුවෙනි.

එතැන් පටන් විවිද වෙනස් කම් සිදුවෙමින් නිපදවනු ලබන G wagon රථය එයටම ආවේනික වූ චරිත ලක්ෂණ හේතුවෙන් ඇමෙරිකාවේ සිනමා තරු වන Arnold වැනි නළුවන් අතර ජනප්‍රිය පොප් ගායකයන් මෙන්ම රුසියාවේ වෙසෙන ධනවත් මාෆියා කල්ලි අතරද බෙහෙවින් ජනප්‍රියයි.

බොහෝ විට රුසියාවේ වෙසෙන මාෆියා කල්ලි මාර්ගයේ ගමන් කරන විට තම නායකයා ගමන් කරන මෝටර් රථය (බොහෝ විට සුදු පැහැති රථයක් ) වට කරගනිමින් ගමන් කරන G wagon රථ බහුලව දැක ගත හැකි අතර කෙලෙසකවත් තම නායකයා ගමන් කරනු ලබන රථය අතරට වෙන රථවලට පැමිණීමට ඉඩ නොදී ගමන් කිරීමට වග බලාගන්නා අතර එසේ කිරීමට තැත් කරන කුමන රථයක් වුවද හප්පා දමා පසෙකට කිරීමට G Wagon රථ රියදුරන් කිසිවිටකත් නොපැකිලේ.කෙසේ වුවත් මාර්ග නීති කඩ කරමින් ගමන් ගන්නා මෙම මැර කල්ලි අත්අඩංගුවට ගන්නවා වෙනුවට පසෙක සිටින පොලිස් නිලදාරින්ගෙන් එයට විරුද්ධත්වයක් එල්ල නොවෙන්නේ ඔවුනට ලැබෙන මුදල් කුට්ටිය නිසැකවම ලැබීම හේතුවෙනි.

ඉතාමත් ශක්තිමත් බවින් යුක්ත මිලිමීටර් 3.5 කට ආසන්න අගයකින් ඝනකමින් යුත් යකඩ වයුහයකින් සමන්විත වීමත් වෙඩි නොවදින ආවරණ වලින් සමන්විත වීමත් හේතුවෙන් හදිසි අවස්ථාවකදී වේගයෙන් පලා යාමේ හැකියාවත් G wagon රථයට හිමි වීම ඔවුන් මෙම රථය ආරක්ෂක රථයක් ලෙස යොදා ගැනීමට හේතු ලෙස උප කල්පනය කල හැකිය.

G Class සහ AMG G – Class ලෙස මාදිලි දෙකකින් නවතම G wagon රථය ලබාගත හැකි අතර පෙර පැමිණි G 63 රථයට වඩා ප්‍රායෝගික අතින් ඉහල අයුරින් මෙම නව රථය නැවත නිපදවා ඇති අතර පෙනුමෙන් ඉතාමත් ශක්තිමත් මෙන්ම තියුණුභාවයද පිලිබිබු වේ.

මෙම රථයට බලය සැපයෙන්නේ Twin Turbo V8 එන්ජිමකින් වන අතර අශ්ව බල 577 කින් යුක්ත මෙම රථයට තප්පර 4.5කදී පැයට කිලෝමීටර් 100 හි සීමාව පසු කල හැකිය.කිසිම අපහසුවකින් තොරව පාරෙන් පිට(Off-Road) ගමන් කල හැකි SUV රථයක් ලෙස හැදින්විය හැකි මෙම රථය බ්‍රිතාන්‍ය Range Rover රථවල ප්‍රධාන ප්‍රතිවාදියා ලෙසද හැදින්විය හැකිය.

අංශක 70ක ආනතියකින් යුතු බෑවුමක වුවද සමබරව ගමන් කිරීමේ හැකියාවත් 70cm දක්වා ජලය මතින් ගමන් කිරීමේ හැකියාවත් differential Locks 3 කින් සමන්විත ධාවන පද්ධතිය හේතුවෙන් මෙම රථය ලොව ඕනෑම දුෂ්කර ප්‍රදේශයක ධාවනය කිරීම අපහසුවකින් තොරව කල හැකිවේ.අවසාන වශයෙන් රථයේ ඇතුලත ඉතාමත් අලංකාර සහ සැප පහසුව උපරිමව තබා ගනිමින් නිමවා ඇති බවත් මෙම රථයේ ඇතුලත යොදා ගන්නා ලෙදර් ඇතුළු ආයිත්තම් ඔස්ට්‍රියාවේ පිහිටි Graz නම්වූ ප්‍රදේශයෙන් ලබාගන්නා අමුද්‍රව්‍ය වලින් පමණක්ම සම්පුර්ණයෙන්ම මිනිස් අතින් පමණක් නිපදවීමද සිදු කරනු ලබන බවද කිව යුතුමය.

ඉතින් මාස 6ක් පුරාවට Auto Paradize සමග රැදී සිටිමින් ඔබ සැම දැක්වූ සහයෝගයට ස්තුති කරමින් 2019 වර්ෂයේ අවසාන පොස්ට් එක මෙසේ පල කරන්නේ නැවතත් හෙටින් ඇරබෙන 2020 වර්ෂයේ අලුත් විශේෂාංග රැසක් සමගින් ඔබ වෙත පැමිණීමේ බලාපොරොත්තුව සමගිනුයි. එසේනම් එළබෙන 2020 වර්ෂය ඔබ සැමට සාමය සතුට පිරි බලාපොරොත්තු ඉටුවන වාහන සිහින සැබෑවෙන නව වසරක්ම වේවායි සුබ පතමින් මෙම වර්ෂයේ අපගේ ගමනාන්තය සනිටුහන් කරන්නෙමු.

Leave a reply

Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...