1990 Acura NSX – ජපන් මෝටර් රථ ක්ෂේත්‍රයේ අති ධාවනකාරී හැරවුම් ලක්ෂය

Acura NSX එහෙමත් නැත්නම් Honda NSX විදිහට ලොව පුරාම ජනප්‍රියත්වයට පත්වුණ ජපන් මෝටර් රථවලට(JDM) බොහොමයක් ආදරය කරන්නන් අතර සහ මෝටර් රථ Tuning community අතර කිසිසේත්ම අමතක කළ නොහැකි මෝටර් රථයක් ලෙස NSX රථය හැදින්විය හැකියි.තවදුරටත් අර්ථකථනය කරනවානම් NSX රථය ක්‍රීඩාශීලි මෝටර් රථ (Sports car) වල පෙරළිකාර පරිනාමයකට හේතුවුණු මෝටර් රථයක් ලෙසත් හදුන්වනු ලබනවා.එයට හේතුව වන්නේ එකල එනම් වර්ෂ 1980 දී පමණ බොහොමයක් Sport වර්ගයේ මෝටර් රථ සැපපහසුව, අවම දෘශයතාවය සහ අධික මුදලක් නඩත්තුව සදහා යන කරුණු හේතුවෙන් සාමාන්‍ය මෝටර් රථයන්ට සාපේක්ෂව වෙළදපොල ඉතා අවම මට්ටමක පැවතීමත් එම අපහසුතා ප්‍රයෝගිකව අවම කරගත් පළමු ක්‍රීඩාශීලි මෝටර් රථය(Sports car) NSX රථය වීමත්ය.

ඉතින් මෙම අපහසුතාවයන් මග හරවා ගනිමින් මෝටර් රථයක් නිපදවිය හැකිනම් එය බොහෝ විට වෙළදපොල ආක්‍රමණය කිරීමට පහසු වනු ඇතැයි හොන්ඩා සමාගමේ Soichiro Honda මහතාට ඒත්තු යමින් තිබුනා ඒ අනුව ක්‍රියාත්මක වුන ඔහු ඉහත කි කරුණු මගහැරෙන පරිදි අඩු මිලකට නිපදවිය හැකි එදිනෙදා ධාවනය කල හැකි අයුරින් Sports රථයක් නිපදවීම ආරම්භ කල අතර ඒ සදහා යෝජනා වූ නම ලෙස NSX(New Sports Experimental) එහෙමත් නැත්නම් (New Sport Car for Unknown World -හදුනානොගත් ලෝකයට නව ක්‍රීඩා රථයක්) ලෙස යොදා ගනු ලැබුවා.මෙහිදී හදුනා නොගත් නියතය හැදින්වීම සදහා බොහෝවිට ගණිතයේදීද යොදාගැනෙන X අකුර යොදා ගනු ලැබුවා.

ඒවගේම සුපුරුදු පරිදි Honda සමාගමට එල්ලවූ අභියෝගය වුයේ ප්‍රබල Ferrari සමාගමේ මෝටර් රථ මගිනුයි ඒ කෙසේද යත් එකල අංක එකේ ක්‍රීඩා රථ නිපදවන්නෙකු ලෙසින් ඔවුන් ලොවපුරා නමක් දිනාගනිමින් සිටි අවස්තාවක් වීමයි.තත්වය එසේ වුවද තම ප්‍රතිවාදී මෝටර් රථ සමාගමට කරට කර තරගයක් එල්ල කිරීමට ඔවුන් සමත් වන්නේ මෙම NSX රථය ලොවට හදුන්වා දීමත් සමගයි.

පළමුවම වර්ෂ 1984 දී පමණ concept රථයක් ලෙස Honda HP-X නම් රථය හදුන්වා දෙනු ලැබූ අතර මෙහිදී මෝටර් රථයේ නිර්මාණ කටයුතු සදහා භාර කිරීම සුප්‍රකට ඉතාලියේ මෝටර් රථ නිර්මාණ ආයතනයක් (Automobile Design Studio)වන Pininfarina සමාගම වෙතයි.අදටත් ලොව ආකර්ශනිය මෝටර් රථ ලෙස හැදින්වෙන Ferrari Testerosa ,Ferrari F40,Ferrari 348S යන මෝටර් රථවල නිර්මාණකරුද වුයේ මෙම සමාගමයි.

මේ අනුව NSX රථයේ මුල් Concept රථය නිමවෙන අතර එහිදී Honda සමාගමේ අදහස වුයේ ඔවුන් එතෙක් කලක් නිපදවූ සියලුම මෝටර් රථවලට වෙනස් ආකාරයේ මෝටර් රථයක් නිපදවීමයි.එම අදහස අනුව වෙළදපොල අරමුණු කරගත් Production රථයක් නිපදවීමේ වගකීමද Pininfarina සමාගමට පවරනු ලබනවා.

තමාගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වූ Ferrari 328 රථයේ හැකියාවන්වලට සර්වසම අයුරින් NSX රථය නිපදවීමට Honda සමාගම කටයුතු කල අතර පළමු concept රථය වූ HPX හි යොදාගත් 2.0L V6 එන්ජිම වෙනුවට 3.0L V6 එන්ජිමක් නව NSX රථය සදහා යොදාගත් අතර තම ආවේනික Vtec තාක්ෂනයද රථයට එක කිරීම සිදුවිය.එන්ජිම සම්පුර්ණයෙන්ම titanium ලෝහය යොදාගෙන නිමවීම සිදුවූ අතර රථයේ මුළු බර අවම කිරීම සදහා aluminium භාවිතා කිරීම,සුවිශේෂී ආකාරයේ NSX රථයටම ආවේනික වූ චැසියක් ඇතුළුව විවිදාකාර වෙනස්කම් විශාල ප්‍රමාණයක් මෙහිදී සිදු විය.

අවසානයේදී Ferrari රථයක පෙනුමට ඉතාමත් ආසන්න පෙනුමකින් යුතු රථයක් ලෙස NSX රථයේ නිමැවුම් අවසන් අදියරයට පැමිණෙන අතර මෙහිදී රථයේ testing කටයුතු සදහා එකල F1 මෝටර් රථ ධාවන ශුරයා වූ Ayrton Senna මහතාද සහභාගී කරගනු ලැබිය.කෙසේ නමුත් අවසානයේදී Honda සමාගමේ අරමුණ වූ ඉතාමත් ඉහල ක්‍රියාකාරිත්වයකින් යුතු Formula 1 inspired daily driven sports රථයක් නිපදවීමේ සිහිනය බොහෝ දුරට සැබෑ කරගැනීමට ඔවුනට හැකිවිය.

අවසාන ප්‍රතිපලය දෙස බැලීමේදී NSX රථය පෙනුමෙන් Ferrari රථයක පෙනුම ගත් අතර එය බොහෝ දෙනෙකු එය japanese Ferrari ලෙසද අදටත් හදුන්වනු ලබනවා.හැඩය දෙස බැලීමේදී විශාල දෘශ්ථි පරාසයක් පෙනෙන පරිදි රථය නිමවා තිබු අතර එය F16 ප්‍රහාරක යානාවක නියමු කුටිය ආභාෂය ලබාගෙන නිපදවා තිබිණ.NSX රථය (හැසිරවීම) handling අතින් ඉතාමත් ඉහල තත්වයක තිබු අතර එය Ferrari රථයක හැසිරවීමේ හැකියාවට නොදෙවැනි තත්වයකට ගෙන ඒමට Honda සමාගමට හැකිවූ අතර මාස 8 කට අධික කාලයක් powertrain,suspension ඇතුළු බොහෝ තාක්ෂණික අයිතමයන් කෙරෙහි අවධානයක් යොමු කරමින් ඉතාමත් සාර්ථක රථයක් ලොවට හදුන්වාදීමට ඔවුනට හැකිවිය.

4-channel anti-lock brake system, titanium connecting rods, an electric power steering system, electronic throttle control ඇතුළු බොහෝ විශේෂාංග රැසක් මෙම රථය සදහා නිපදවා තිබිණ.මේ අයුරින් ඒ වනවිට Ferrari සමාගම විසින් නිපදවූ 348TB රථයේ හැකියාවන් ආසන්නයටම NSX රථය ගෙන ඒමට ඔවුනට හැකිවිය.එහිදී 348TB රථයේ සිලින්ඩර් 8කින් යුතු V8(291hp ) එන්ජිම වෙනුවට සිලින්ඩර් 6කින් පමණක් සමන්විත වූ V6 (271hp )එන්ජිමක් ආදරයෙන් එම හැකියාවන්ට ආසන්න රථයක් නිපදවීම මෙහිදී සුවිශේෂී කරුණක් ලෙස හැදින්විය හැකිය.

NSX රථයට ලබාගත හැකි උපරිම වේගය 273kmph පමණ වූ අතර එය Ferrari 348TB රථයට ලබාගත හැකිවූ උපරිම වේගය වූ 275kmph අගයට ඉතාමත් ආසන්න විය.මේ අනුව සියල්ල අවසානයේ වර්ෂ 1989 දී චිකාගෝ මෝටර් රථ ප්‍රදර්ශනයේදී Acura නම්වූ වෙලදනාමය යටතේ NSX රථය උතුරු ඇමෙරිකාවට හදුන්වා දෙන ලදී.

ඉන්පසුව වසර කිහිපයක් තිස්සේ NSX රථයන් විශාල ප්‍රමාණයක් ඇමෙරිකාව තුල අලෙවි වූ අතර පිලිවෙලින් වර්ෂ 1992 දී ධාවන තරග සදහාම නිපදවූ NSX Type R, Type T, Type S, Zero ඇතුළු විවිද මොඩල ගණනාවකින් ලොව පුරා අලෙවි වීම සිදු විය.

ඉන් පසුව 2002 දී facelift රථයක්ද එළිදැක්වුණ අතර පසුව වසර තුනකට පසුව වර්ෂ 2005 දී පළමු පරම්පරාවේ NSX රථ නිපදවීම නවතා දමනු ලැබිය.ඉන්පසු දශකයට පසුව නැවත NSX රථය නැවත නිපදවීම ආරම්භ වූ අතර එය Hybrid රථයක් ලෙස 3.5L Twin-turbo V6 එන්ජිමක් සහිතව වර්ෂ 2016 දී එළිදක්වනු ලැබිය.

කෙසේ නමුත් NSX රථයේ නැවත පැමිණීම බොහෝ දෙනාගේ සතුටට හේතු වුවද එය පළමුවන පරම්පරාවේ රථය තරම් බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වුයේ නැත ඒවගේම මිල අතින්වුවද අනෙකුත් යුරෝපියානු මෝටර් රථවලට ආසන්න අගයක් වුවද එහි වටිනාකම අධිතක්සේරු වූ රථයක් ලෙසත් බොහෝ දෙනාගේ චෝදනාවට ලක්විය.

අද තත්වය එසේ වුවද පළමු පරම්පරාවේ NSX රථයට අදත් බොහෝ ඉල්ලුමක් ඇති රථයක් බවත් බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගෙන සිටින අතර ජපාන මෝටර් රථ ක්ෂේත්‍රයේ සුවිසේෂි සන්ධිස්ථානයක් ලෙස NSX රථය හැදින්වීම වරදක් නැතැයි අපට සිතේ.

Leave a reply

Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...