Muscle Cars වලට එහෙමත් නැත්නම් හැඩි දැඩි සිරුරක්(විශාල ප්‍රමාණයේ බදක්) සහිත අධි බලැති මෝටර් රථවලට ආදරය කරන බොහෝ දෙනා අතර ඉතාමත් ජනප්‍රිය මෝටර් රථයක් ලෙස වසර ගණනාවක් තිස්සේ වැජබෙන Dodge Charger රථය නැවතත් තමන්ගේ නිමි වළලු පුළුල් කරගනිමින් කරලියට පිවිස ඇත.
වසර ගණනක් තිස්සේ අධි බලැති එන්ජින් ධාරිතාවයන් සහිත මෝටර් රථ නිපදවීමේ ශුරයන් වූ Dodge පවුලේ විශාලතම සාමාජිකයා ලෙසත් පසුගිය පොස්ට් එකකින් අප විමසා බැලු Dodge Demon රථයේ වැඩිමහල් සොහොයුරිය ලෙසත් මෙම charger රථය හැදින්විය හැකියි.ඔබ බොහෝ විට ඇමෙරිකානු ක්‍රියාදාම චිත්‍රපටි සහ රුපවාහිනි කථාමාලා නරබන්නෙක් නම් බොහෝ විට Charger රථයේ හැකියාවන් බොහෝ විට දැක ඇතිබවට සැකයක් නොමැත.සුප්‍රකට Fast and Furious චිත්‍රපට මාලාවේත් මුල් අවදියේ charger රථයේ සිට නවීන charger hellcat රථය දක්වා බොහෝ විට ප්‍රධාන නළුවන්ගේ මෝටර් රථය ලෙස මෙම වර්ගයේ රථයන් භාවිතා වූ බව ඔබගේ මතකයේ රැදී ඇතැයි අප විශ්වාස කරන්නෙමු.
අධි ධාරිතාවයකින් යුක්ත එන්ජින්වලින් සමන්විත බලය මුලික කරගත් මෙන්ම ඉතාමත් ගොරහැඩි එන්ජින් ශබ්දයකින් මෙන්ම බිහිසුණු පෙනුමකින් යුක්ත බොහෝ muscle රථ පිළිබද ආසියාවේ බොහෝ විට දැකගත නොහැකි වීම නිසාත් බොහෝ මෝටර් රථ වලට ආදරය කරන්නන් අතර මෙම muscle මෝටර් රථ පිළිබද දැනගැනීමේ විශාල උනන්දුවක් පවතින අපගේ මතයයි,එම නිසා muscle රථ යනු මොනවාද? මෙම රථවල භාවිතා වන එන්ජින් වර්ග මොනවාද? ඇතුළුව මෙම රථවල ඉතිහාසය පිළිබද කරුණු පළමුව විමසා බලමින් පසුව Charger රථය පිළිබද කරුණු දැක්වීම උචිත යැයි අපි සිතන්නෙමු.
මුල් අවදියේදී මෙම muscle මෝටර් රථ නිපදවීම අරමුණ වුයේ ඉහල බලයකින් යුතු හැකියාවන් (performance) මුලික කරගත් මෝටර් රථයක් ඇමරිකානු ජනයාට දැරිය හැකි මුදලකට ලබා දීමයි.වර්ෂ 1950 දී පමණ මෙම muscle මෝටර් රථ සදහා වෙළදපොල නිර්මාණය වීම ඇරබුනු අතර මෙම කාලයේදී drag race සදහාද යොදා ගත හැකි මෝටර් රථ සදහාද ඉල්ලුම කෙමින් කෙමින් වැඩි වෙමින් තිබිණ.
muscle රථයක් සතු ගුණාංග මෙලෙස යැයි කිව නොහැකි වුවත් බොහෝ muscle මෝටර් රථ සතුව පවතින ගුණාංග කිහිපයක් මෙහිදී ගෙන හැර දැක්විය යුතුමය.ඒවා නම් විශාල ධාරිතාවයකින් යුතු සිලින්ඩර් 8 කින් සමන්විත V8 වර්ගයේ එන්ජිමකින් සමන්විත වීම,ඇමෙරිකා එක්සත් ජනපදය තුල නිෂ්පාදනය විඅම සිදු වීම,සැහැල්ලු බදක් සහිතව දොර දෙකකින් සමන්විත වීම (මෙම අංගය විවිද අවස්ථාවලදී වෙනස් විය හැකි වන අතර Full size Sedan,Compact,Pony cars යන මාදිලි වලින්ද සමන්විත විය හැක),drag race (සරල රේඛිය මාර්ගයක පවත්වනු ලබන මෝටර් රථ දෙකක් පමණක් සහභාගී වන තරගයක්)සදහා යොදාගත හැකිවිය යුතුය සහ අවසාන වශයෙන් ඇමෙරිකානු ජනයාට මිලදී ගත හැකි මිල පරාසයක මොටර් රථයක් විය යුතුය.
ඉහත කි කරුණු මුලික කරගත් මෝටර් රථ සදහා වෙළදපොළ වර්ෂ 1940 හි අගබාගයේදී නිර්මාණය වූ අතර එකල විවිද අමෙරිකානු මෝටර් රථ සමාගම් muscle වර්ගයට අයත් මෝටර් රථ නිපදවීම නිපදවීම ආරම්භ කොට තිබිණ.කෙසේ නමුත් පළමුවන muscle මෝටර් රථය නිපදවීමේ ගෞරවය හිමිවන්නේ Oldsmobile සමාගමේ 1949 Oldsmobile Rocket 88 නම් රථයටයි.5.0L ධාරිතාවයකින් යුක්ත සිලින්ඩර් 8කින් සමන්විත වූ v8 එන්ජිමකින් සමන්විත වූ මෙම රථයට අශ්වබල 130ක බලයක් හිමිවී තිබු අතර ඇමෙරිකානු මෝටර් රථ ධාවන තරගාවලි විශාල ප්‍රමාණයකින් මෙම මෝටර් රථය ජයග්‍රහණය කිරීමට හැකිවිය.
මෙලෙස ඇරබුන muscle මෝටර් රථ කර්මාන්තය වර්ෂ 1960 වන විට බෙහෙවින් ජනප්‍රිය වෙමින් පැවති අතර Ford සමාගමේ Mustang රථය බෙහෙවින් ජනප්‍රිය වෙමින් ඇමෙරිකාව පුරා අලෙවි වෙමින් පැවතින.
ඉතින් මෙම mustang රථයට තරගයක් දිය හැකි මෝටර් රථයක් නිපදවීමට dodge chrysler සමාගම ආරම්භ කර අතර ඒ මගින් muscle මෝටර් රථ වෙළදපොල ඔවුන් සතු කරගැනීමට chrysler සමාගමට අවශ්‍ය විය.ඒ අනුව ඔවුන්ගේ නිෂ්පාදනයක් වූ 1964 polara රථය ආභාෂයෙන් විවිද වෙනස්කම් කිහිපයක් කරමින් පළමු muscle රථය ඉදිරිපත් කිරීම සිදු වුවද එය එතරම් සාර්ථක නිපැයුමක් වුයේ නැත,නමුත් පසුව වර්ෂ 1965 දී 426 hemi chrysler එන්ජිම යොදාගනිමින් නව නාමයක් වන “charger ” යන නාමය සමගින් Dark GT charger නම්වූ රථය එළිදැක්වීම සිදු විය.
මෙම රථය පළමු රථයට වඩා සාර්ථකත්වයක් පෙන්නුවද mustang රථයේ වෙළදපොල ආක්‍රමනය කිරීමට සමත් වුයේ නැත.නමුත් එතනින් නොනැවතුණු Dodge සමාගමට muscle මෝටර් රථ වෙළදපොල ව්‍යාප්ත කිරීමේ උත්සාහය තවදුරටත් සිහිනයක් කරමින් chrysler සමාගමේ සහෝදර සමාගමක් වූ plymouth සමාගම විසින් ඔවුන්ගේ muscle රථය ලෙස barracuda නම්වූ රථය එලි දැක්විය.
මෙය dodge සමාගමට තවත් හිසරදයක් වූ හේතුවෙන් නැවතත් වර්ෂ 1966 දී නවතම පෙනුමක් සහිතව අශ්ව බල 425කින් සමන්විත එන්ජිමක්,පිටුපසට සැගවිය හැකි ප්‍රධාන ලාම්පු(hidden headlights),පිටුපස දිගු brake lights (full width taillights) සහිතව නව charger රථයක් එලි දැක්වීමට ඔවුන් කටයුතු කළේය.
අවසානයේදී තම muscle මෝටර් රථ වෙළදපොල ආක්‍රමණය කිරීමේ සිහිනය යම් තරමක් සාර්ථක කරගනිමින් ford සමාගම mustang රථ මිලියනයක් ඇමෙරිකාව තුල අලෙවි කරන විට මෙම charger රථ ආසන්න වශයෙන් 37000ක් පමණ අලෙවි කරගැනීමට dodge සමාගමට හැකියාව ලැබිණ.
මෙලෙස ආරම්භය ලබාගත් dodge සමාගම වර්ෂ 1968 දී charger රථයට කොකා කොලා බෝතලයේ හැඩයට සමාන හැඩයක් රථයේ බදට ලබා දෙමින් නව රථයක් එලි දැක්වූ අතර අශ්වබල 383 ක් සහිත 7.2 L 440 cubic magnum වර්ගයේ එන්ජිමකින් මෙම රථය සමන්විත විය.මෙම නව රථය R / T package (Road & Track) ලෙස හදුන්වා දෙනු ලැබූ අතර වැඩි දියුණු කල බ්‍ර්කේ පද්ධතියක්,suspension පද්ධතියක් සහිතව මෙම රථය ඇමෙරිකාව පුරා ලක්ෂයකට අධිකව අලෙවි විය.
ඉන්පසුව වර්ෂ 1969දී හදුන්වා දුන් charger daytona රථය ඇමරිකානු මෝටර් රථ ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩ ඉමක්වූ පැයට සැතපුම් 200 පසු කල පළමු මෝටර් රථය ලෙසද ඉතිහාස ගතවිය(Nascar තරගාවලියේදී).charger Daytona නම්වූ පිටුපස විශාල wing සහිතව නිපදවූ මෙම රථය අවසානයේ Nascar සංවිධායකයන් විසින් වසර දෙකකට තහනම් කරනු ලැබුවේ එම රථය තරගාවලි සදහා උචිත නොවන අධික වේගයක් සහිත රථයක් ලෙස හැදින්විමෙන් පසුය.
ඉන්පසු පිලිවෙලින් 1971 දී නව charger රථය ලෙස R / T package (Road & Track) ලෙස හදුන්වා දෙනු ලැබූ අතර වැඩි දියුණු කල බ්‍ර්කේ පද්ධතියක් සහ suspension පද්ධතියක් සහිතව මෙම රථය ඇමෙරිකාව පුරා ලක්ෂයකට අධිකව අලෙවි විය.ඉන්පසුව නැවත වර්ෂ 1975 දී standard options විශාල ප්‍රමාණයක් සමගින් Charger SE (190bhp)රථය luxury රථයක් ලෙස හදුන්වා දීමද මෙතැනදී විශේෂයන්ම කිව යුතු කරුණකි.
මේ අයුරින් වසර කිහිපයකට පසුව ඇතිවූ ඉන්ධන අර්බුධය හේතුවෙන් වර්ෂ 1979 දී charger රථය නිපදවීම පළමුවරට නවතා දැමීමට හේතුවන්නේ ඉන්ධන මිල ගණන් යාම හේතුවෙන් විශාල එන්ජින් ධාරිතාවයන් සහිත මෝටර් රථවලට ඉල්ලුම අඩු වී ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කුඩා ප්‍රමාණයේ මෝටර් රථවලට වෙළදපොල ඉල්ලුම වැඩි වීම හේතුවෙනි.
මෙම ප්‍රශ්ණයට විසදුමක් ලෙසින් වර්ෂ 1981 දී dodge omni 024 charger නම්වූ sporty economy රථයක් හදුන්වා දුන් අතර පෙර තිබු විශාල එන්ජින් වෙනුවට 2.2L අශ්වබල 84කින් සමන්විත එන්ජිමක් මෙම රථය සදහා යොදා ගැනින.ඉන් වසර කිහිපයකට පසුව එම රථයේම නවීකරණය වීමක් ලෙස වර්ෂ 1984 දී 1984 omni glh නම්වූ රථයක් turbocharged එන්ජිමක් සහිතව නිපදවීමට dodge සමාගමට හැකිවිය.මෙම නව රථය නිපදවීමේදී ford mustang රථයේ නිපදවීමට සහභාගී වූ carol shelby මහතාගේ දායකත්වයද ලැබී තිබිණ.
කෙසේ වෙතත් ඉන් වසර 3කට පසුව නැවත වර්ෂ 1987 දී charger රථ නිපදවීම නවතා දැමීමට සමාගම තීරණය කරනු ලබන අතර දිගු නිහැඩියාවකින් පසුව අද ඔබ දකින නවීන charger රථයේ හැඩය ගත් මුල් රථය ලෙස වර්ෂ 2006 දී නැවත කරලියට පැමිණෙන්නේ SRT(Street & Racing Technology) සන්නාමයත් සමගිනි.
නැවතත් සැබෑ Charger රථය සතු ජාන හිමි කරගනිමින් අධි බලැති 6.1 L Hemi වර්ගයේ සිලින්ඩර් 8 ක එන්ජිමක් සමගින් අශ්වබල 425කින් පන ගැන්වෙන මෙම රථයට වේගය 0 සිට 100 දක්වා වේගයට ගෙන ඒමට ගත වන්නේ තප්පර 4.8 ක් පමණකි.
ඉන්පසුව පිලිවෙලින් 2011 R/T (370bhp),2012 SRT 8(470bhp),2015 R / T,2018 R / T Scat pack(485bhp) යන රථයන් හදුන්වා දෙනු ලැබූ අතර වර්ෂ 2019 දී හදුන්වා දුන් SRT Hellcat රථය එකල නිපදවු වේගවත්ම සහ බලවත්ම Sedan වර්ගයේ මෝටර් රථය ලෙසත් වාර්තා පොතට ඇතුලත් විය.මෙම රථය සිලින්ඩර් 8 ක් සහිත 6.2 L Hemi Supercharged V8 එන්ජිමකින් සමන්විත වූ අතර අශ්ව බල 707 කින් බලගැන්වේ.මෙම රථයට ලබාගත හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 328 ක් වන අතර 0 සිට 100 දක්වා වේගයක් ලබා ගැනීමට ගත වන්නේ තප්පර 3.6 ක් පමණි.
වර්ෂ 2020 සදහා හදුන්වා දුන් Hellcat Wide Body රථය 2019 රථයට වඩා විශාලත්වයෙන් යුක්ත වන අතර වැඩි දියුණු කරන ලද tire/suspension පද්ධතියකින් ද සමන්විත වේ.නමුත් එන්ජිමේ බලය අතින් බලන කල 2019 රථයට බොහෝ සෙයින් මෙම රථය සමාන වන අතර වේගය අතින් තත්පර 2.1 කින් පමණ වේගවත් වේ.
මේ අනුව සියලුම කරුණු ගෙන හැර පා බලන විට බලය මුලික කරගත් ලොව වේගවත්ම රථයක් වන අතරම Sedan වර්ගයේ මෝටර් රථයක් වීම ඉතාමත් සුවිශේෂී කරුණක් ලෙස හැදින්විය හැකි අතර සුපිරි මෝටර් රථ සමග කරට කර ගැටෙන අතර එදිනෙදා භාවිතයට යොදා ගත හැකි රථයක් වීම හේතුවෙන් බොහෝ ඇමරිකානුවන්ගේ සිහින මෝටර් රථය බවට charger රථය පත්වීම පුදුමයක් නොවේ.
ඉතින් අවසානයේ කිව යුතු දෙයක් ලෙස මේ රුදුරු මෙන්ම ප්‍රචණ්ඩකාරී සත්වයාගේ වේගවත් බවේ අත්දැකීම ලබා ගන්නා අතරම අධි බලති Hemi එන්ජිමෙන් නැගෙන එම පාපකාරී ගොරහැඩි ශබ්දයට ඇහූම්කම් දීමට ඔබට අවස්තාවක් ලැබේ නම් එම අවස්තාව ඔබ ජීවිතයේදී මග නොහැරියම යුතු අවස්ථාවකි.