𝐋𝐲𝐤𝐚𝐧 𝐇𝐲𝐩𝐞𝐫𝐬𝐩𝐨𝐫𝐭 – අරාබියානු මුරුගයා

ලොව වේගවත්ම මෝටර් රථ අතර 9 වන ස්ථානය හිමිකරගැනීමට මැද පෙරදිග මෝටර් රථ නිපදවන සමාගමක් වන W Motors සමාගමේ 𝐋𝐲𝐤𝐚𝐧 𝐇𝐲𝐩𝐞𝐫𝐬𝐩𝐨𝐫𝐭 රථය සමත්වී තිබෙනවා.

මෝටර් රථ ලෝකයේ එතරම් ප්‍රසිද්ධ නාමයක් W Motors සමාගමට නොමැති වුවත් ලෝකයට මෙම මෝටර් රථය පිළිබඳව දැනගැනීමට ලැබෙන්නේ සුප්ප්‍රක්ට Furious 7 චිත්‍රපට මාලාවෙනි, එම චිත්‍රපටයේදී ජනප්‍රිය නළු Vin Diesel විසින් මෙම මෝටර් රථය Etihad towers අතරින් ධාවනය කරනු ලබනවා. මෙම ත්‍රසජනක දසුන හේතුවෙන් මෙම මෝටර් රථය ලෝකය පුරා අවධානය දිනාගනු ලබන රථයක් බවට පත්වෙනවා. මෙම මෝටර් රථය ලෙබනනයේදී නිෂ්පාදනය වන අතර නිපදව ඇත්තේ රථ 7 ක් පමණක් වීමද විශේෂත්වයකි.

මෙය මැදපෙරදිග රටක නිපදවූ පළමුවන sport රථය ලෙසද ඉතිහාසගතවෙනවා. මෙම මෝටර් රථයේ නම වන Lykan යන නාමය මිත්‍යා විශ්වාසවල පැවතෙන වුර්කයන්ගේ නාමයෙන් ලැබී තිබෙනවා.

2013 Quatar motor show හිදී එළිදක්වන මෙම රථයේ උපරිම වේගය පැයට කිලෝමීටර 394 ලෙස සදහන් වෙනවා. මෙහි නිපදවීම් කටුතු සදහා ලෙබනන් මෙන්ම ඉතාලියානු ඉංජිනේරුවන්ගේ සහය ද ලැබී ඇති බවයි සදහන් වෙන්නේ. තවත් එක් විශේෂ කරුණක් නම් මෙහි පවතින headlight හි titanium led blades සමග දියමන්ති 420 ක් අඩංගු වෙනවා, තවද මෙහි මිල අදික ලෙස ඉහල වීමට මෙයද හේතුවක් බවයි පැවසෙන්නේ.

Leave a reply

Recent Comments

No comments to show.
Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...