වයිකින්වරුන්ගේ දේශය හෙවත් (Land of the Vikings) ඩෙන්මාර්කයට සුපිරි මෝටර් රථ නිෂ්පාදනයේද සුවිශේෂී ස්ථානයක් හිමිවේ.මහා පරිමාණයෙන් නිෂ්පාදනයන් සිදු නොවුනද තමාට හිමි ස්ථානය හැමවිටම රැකගැනීමට ඔවුනට හැකිවී ඇත.ඩෙන්මාර්ක මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන Zenvo සමාගමේ TSR -S රථය පරිසමාප්ත අර්ථයෙන්ම Hypercar මෝටර් රථයක් වන අතර, මෙය TSR race car රථයෙහි (Road legal Street Version) අංශය නියෝජනය කරයි.
සිලින්ඩර් අටකින් සමන්විත අධි බලැති 5.8L එන්ජිම අශ්වබල 1177කට ආසන්න බලයක් නිපදවීමට සමත් අතර සැහැල්ලු කාබන් ෆයිබර් බද සහිතව නවීන වාතගතික විද්‍යාවට (Aerodynamics) අනුකුලව නිෂ්පාදනය කර ඇති මෙම රථය සිත් ඇදගන්නා සුළු ආකර්ශනීය පෙනුමක් ඇතිබව අමුතුවෙන් කිවයුතු නොවේ.තවද පටුපස සවිකර ඇති Rear Wing මෙම රථයට තවත් කැපිපෙනෙන පෙනුමක් එකතු කරන බව අපේ අදහසයි.
පිරිවිතර (Specifications)
එන්ජිම (Engine):
ක්‍රියාකාරිත්වය (Performance):
ගියර පද්ධතිය (Transmission):